Showing posts with label 2002 ළමයි. Show all posts
Showing posts with label 2002 ළමයි. Show all posts

(2002 ළමයි) එල්.ටී.ටී.ඊ මාධ්‍ය හමුව 02

පස්වන කොටස
යුධ හමුදාව රැදී සිටි අවසන් මුරපොලෙන් පිටත්වූ අපිට ඊළගට හමුවුනේ රතු කුරුස සමාජයේ සමාජිකයින් රැදී සිටි යුධ මුක්ත කලාපය ලෙස හැදින්වූ ප‍්‍රදේශයයි. 

 එයට පෙරදින වව්නියාව නගරයේදී අප දුටු කොටි සංවිධානයේ දේශපාලන අංශ සාමාජිකාවන් විශාල පිරිසක්ද යුධ මුක්ත කලාපයේ රතු කුරුස සමාජිකයින් හා රැදී සිටියදී දක්නට ලැබුණි.

(2002 ළමයි) - එල්.ටී.ටී.ඊ මාධ්‍ය හමුව 01

සිව්වන කොටස
එක්සත් ජාතික පක්ෂය 2001 දෙසැම්බර් පස්වැනිදා බලයට පත්විය. චන්ද‍්‍රිකා කුමාරණතුංග 04 වැනි විධායක ජනාධිපති ලෙස කටයුතු කරන විට රනිල් වික‍්‍රමසිංහ ප‍්‍රමුඛ එජාපය රට පාලනය කළේය. 

1978 ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව ප‍්‍රථම වතාවට විධායකය හා ව්‍යවස්ථාදායකය එකිනෙකට ප‍්‍රතිවිරුද්ධ දේශපාලන මත දරණ කණ්ඩායම් දෙකක් අතර පැවතුණි. 2001 රජය චන්ද‍්‍රිකාගෙන් ගිලිහෙන විට පොදුපෙරමුණට තමන්ගේ මතය ජනතාව අතරට ගෙන යන්නට මාධ්‍ය ආයතනයක් නොමැති විය.

(2002 ළමයි) - මහාචාර්ය ඇමතිගේ පොල්වත්ත

තෙවන කොටස
"නිරෝධ, මම තුසිත හල්ලොලුවත් එක්ක එනවා ලැහැස්තිවෙලා ඉන්න අපිට මත්තෙගොඩ පැත්තෙ පොඩි වැඩකට යන්න තියෙනවා.”

ශී‍්‍රපතී මට දුරකතනයෙන් දැනුම් දුන් පරිදි මම ලක ලැහැස්තිව සූදානමින් සිටියෙමි. තුසිත ඒ දිනවල මංගල සමරවීර යටතේ ක‍්‍රියාත්මකවූ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ඒකකයේ අධ්‍යකවරයෙකු ලෙස සේවය කළේය.

පත්තර කන්තෝරුවේ සේවය කල මමත් සසංකත් හැරුණුකොට අනෙක් සියල්ලම ජීවිතයේ සැදෑ සමය ගෙවනු ලැබූ අයවළුන් විය. ඒ අතරින් කුලසිරි රාජපක්ෂ ප‍්‍රධාන කතෘවරයා ලෙසත් ගරාගොඩ ජයරත්න හා සිරිලාල් කොඩිකාර උප කතෘවරුන් ලෙසත් සේවය කලහ.

(2002 ළමයි) - ලක්මිණ තුල රජවීම

දෙවන කොටස

එය දෙදහස් දෙක වසරේ මැයි මාසයේ දිනකි. මා පිටකෝට්ටේ පිහිටා තිබූ ලක්මිණ කාර්යාලයට ගොඩ විය. වෙනදා ඇර තිබෙන දොරවල් හැම එකක්ම එදින වසා තිබුණි. ඉදිරිපස පුටුවක නිදිකිරා වැටෙමින් සිටියේ පෞද්ගලික ආරක්ෂක සේවයක මහළු ආරක්ෂකයෙකි.

”මහත්තයා පත්තරේටද ආවේ” මා කිසිවක් විමසීමට ප‍්‍රථම ඔහු මගෙන් ප‍්‍රශ්න කර සිටියේය. මා හිස වැනුවා පමණි.

”ආ මෙන්න අළුත් තැන ඇඞ්රස් එක.බොරැල්ල දේවි බාලිකා ඉස්කෝලේ ගාවට යන්න. එතනින් පාර පැන්නම තියෙන පළවෙනි පාරේ පළමු වැනි සුදුපාට ගාලා තියෙන බිල්ඩින් එකේ උඩ තට්ටුවේ තමයි ඔෆිස් එක තියෙන්නේ” සිකිරුයුටි අංකල් ලබාදුන් ලිපිනයත් රැගෙන මම ලක්මිණ නව කාර්යාලය සොයා පැමිණියෙමි.

මා එහි එන විට කවුදෝ කෙනෙක් ගේට්ටුවෙන් එළියට අවුත් කළු පැහැති සුඛෝපභෝගී වාහනයක නැග පිටත්ව ගියේය.


”කවුද බං ඒ” ඔහු සමග පඩි පෙළ අසලට පැමිණ තිබූ අසේල ගුණරත්නගෙන් මම විමසා සිටියෙමි.
”අයියෝ මල්ලි උඹ තාම එයාව දන්නේ නැද්ද? ඒ තමයි ශ‍්‍රීපතී සූරියආරච්චි, පත්තරේ අයිතිකාරයා”

(2002 ළමයි) - ලක්මිණට පැමිණීම

________________________________________________________________________

දේශපාලන ඉතිහාසයේ අප දන්නා කරුණු මෙන්ම අප නොදන්නා කරුණුද ඇත. පෙළක් ඒවා විවිධ මාධ්‍යයන් වල පළවූ අතර ඇතැම් ඒවා මෙතෙක් හෙළි නොවූ ඒවාය.එවැනි ලිපි පෙළක් අද දින පටන් ගොසිප්9 හි කොටස් වශයෙන් පළවේ . මෙම ලිපි පෙළෙහි කතෘ වන්නේ ප්‍රවීණ මාධ්‍යවේදියෙකු මෙන්ම දේශපාලනයෙහි අත්දැකීම් ඇති  නුවන් නිරෝධ මහතායි. මෙම ලිපි පෙළ අවසානයේ එය 2002 ළමයි යනුවෙන් පොතක් වශයෙන් පල වීමට නියමතය. එහි පළමු කොටස බලන්න පහතින්.
__________________________________________________________________________

එය දෙදහස් දෙක අවුරුද්දේ පෙබරවාරි මාසයයි. මට වයස විස්ස සම්පූර්ණ වුනා පමණි. මමත් මාගේ පාසැල් සගයාවූ සසංකත් 163 බසයකට ගොඩවුනේ ඇතුල්කෝට්ටේ පිහිටි අළුතෙන් ආරම්භ කල පුවත් පත් ආයතනයකට සම්මූඛ පරීක්ෂණයකට යාම සදහායි.

එම පුවත් පත් ආයතනය පිළිබදව මාහට දැනගන්නට ලැබුනේ මාගේ පියාගේ මාර්ගයෙනි. එහි ප‍්‍රවෘත්ති කතෘ ලෙස සේවය කල පේ‍්‍රමකුමාර රාජපක්ෂ මහතා මාගේ පියාගේ පාසැල් මිතුරෙකු විය.