(2002 ළමයි) - මහාචාර්ය ඇමතිගේ පොල්වත්ත
Friday, November 23, 2012තෙවන කොටස
"නිරෝධ, මම තුසිත හල්ලොලුවත් එක්ක එනවා ලැහැස්තිවෙලා ඉන්න අපිට මත්තෙගොඩ පැත්තෙ පොඩි වැඩකට යන්න තියෙනවා.”
ශී‍්‍රපතී මට දුරකතනයෙන් දැනුම් දුන් පරිදි මම ලක ලැහැස්තිව සූදානමින් සිටියෙමි. තුසිත ඒ දිනවල මංගල සමරවීර යටතේ ක‍්‍රියාත්මකවූ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ඒකකයේ අධ්‍යකවරයෙකු ලෙස සේවය කළේය.
පත්තර කන්තෝරුවේ සේවය කල මමත් සසංකත් හැරුණුකොට අනෙක් සියල්ලම ජීවිතයේ සැදෑ සමය ගෙවනු ලැබූ අයවළුන් විය. ඒ අතරින් කුලසිරි රාජපක්ෂ ප‍්‍රධාන කතෘවරයා ලෙසත් ගරාගොඩ ජයරත්න හා සිරිලාල් කොඩිකාර උප කතෘවරුන් ලෙසත් සේවය කලහ.
විජේසේකර වලිසුන්දර ක‍්‍රීඩා පුවත් සංස්කාරකවරයා විය. ඔහු කාර්යාලයට පැමිණියේ දින දෙකක් පමණි. එහෙයින් අනෙකුත් පිටු ගණනාවක සංස්කරණය කිරීමේ වගකීම පැවරී තිබුණේ මටත් සසංකටත්ය. මා එයින් දේශපාලන, ගවේෂණ හා රජයේ වංචා දූෂණ යන පිටු සංස්කරණය කරන විට සසංක කලේ කලා හා මැති ඇමති සංවාද පිටු සංස්කරණය කිරීමයි. මෙම නිසා පුවත්පතේ පාලනාධිකාරය හා අපි අතර සමීප සම්බන්ධතාවයක් ඒ වන විට ගොඩ නැගී තිබුණි.
”යමු අපිට පරක්කු වෙනවා. නිරෝධ අවශ්‍ය කරන සියල්ලම ගත්තා නේද?”
ඒ හල්ලොලුවගේ හඩයි. ශ‍්‍රී පති පැමිණ තිබුනේ ජනාධිපති ලේකම් කාර්යාලයට අයත්ව තිබුණු කොළ පැහැති කාරයකිනි. පුවත් පතේ නිල ජායාරූප ශිල්පියකු සේවය නොකල නිසා සමහර වැදගත් අවස්ථාවල ජායාරූප ගැනීමේ වගකීමද අප අතින් ඉෂ්ට විය. අපි කොට්ටාව හංදිය පසුකරන තෙක්ම අප අතර සිදුවූ සාකච්ජාහී ප‍්‍රධාන හරය වී තිබුනේ රනිල් ප‍්‍රමුඛ එක්සත් ජාතික පක්ෂ රජය හැකි ඉක්මණින් එළවා දමා ශ‍්‍රිලනිප රජයක් පිහිටුවා ගැනීම ඉක්මන් කරන වැඩ පිළිවෙලක් පිළිබදවය. එහිදී පැවසූ සමහර කරුණු කාරණා ඉක්මනින් යථාර්තයක් බවට පත්කල හැකි දේ යැයි නොපෙනුනත් එකී සාකච්ජාව අයුරින්ම සිද්දවේ නම් යහපත් බව මටද හැගී ගියේය.
”දැන් අපි යන්නේ මහාචාර්ය ඇමතිතුමා පර්චසය සත ගාණකට මිලයට ගත්ත පොල්වත්තට. නිරෝධ කම්බි වැටෙන් රිංගලා ෆොටෝ ටිකක් ගන්න මෙදාපාර පත්තරේ ලීඞ්එක යන්නේ මේ නිවුස් එකෙන්.”
ඒ වන විට අප මත්තේගොඩ නිවාස සංකීර්ණය පසුකරමින් ඉදිරියට ගමන් කරමින් සිටියෙමු. උපුල් ශාන්ත සන්නස්ගල මහතාගේ නිවසට යායුතු මාර්ගය ආසන්නයේ වම් පසට වන්නට පිහිටාතිබූ විශාල පොල් වත්තක් අසල අප ගමන්ගත් රථය නැවතුනෙමු.
”නිරෝධ මෙන්න තැන, ඔයා බහින්න අපි වාහනය අර පාරෙන් නවත්ත ගන්නම්” ඒ හඩ ශ‍්‍රීපතිගේය. මම වහාම කාරයෙන් බැස ගත්තේ කැමරාවද අමෝරාගෙනය. කිසිවෙකුටත් නොපෙනෙන්නට පොල්වත්ත තුලට ගමන් කිරීමට මම අවට වටපිට බැලුවෙමි. දිරා ගිය යකඩ ගේට්ටුවක් සහ පොල්වත්ත මැද්දට වන්නට පිහිටි කුඩා නිවසක් හැරෙන්න මට කිසිවක් පෙනෙන්නට තිබුනේ නැත.
නිවසේ සිට කෙනෙක් හෝ මා සිටින ස්ථානයට පැමිණෙන්නේ නම් අවම වශයෙන් විනාඩි පහක් හා දහයක් අතර කාලයක් ගතවන බව මාහට වැටහී ගියේය. මා කම්බි වැටෙන් හොර රහසේ පොල්වත්ත තුලට රිංගා ගත්තෙමි. හිතේ හැටියට පොල්වත්ත ඡයාරූප ගත කලෙමි.
”කවුද යකෝ වත්තේ මොනාද යකෝ කරන්නේ ”
ඈතින් මිනිසුන් දෙදෙනෙකු දිව එන අයුරු මාහට පෙනුනි. මා කඩිමුඩියේ කම්බි වැටෙන් රිංගා මාර්ගයට දිව ගියෙමි. පවනට බඳු වේගයෙන් පැමිණි අප ගමන්ගත් මෝටර් රථය මා කැටුව වේගයෙන් පලා යන්නට විය. කම්බි වැටේ පැටලීමෙන් මාගේ කමිසය ඉරීගොස් ඇති අතර එක් පසෙකින් සිරීම නිසා ලේ ගලන්නට වුණි.
”නිරෝධ මෙන්න ෆයිල් එක. මේකෙ ඔක්කොම විස්තර තියෙනවා. ඔයා ස්ටඞී කරලා නිවුස් එක ලියන්න තව පුළුවන්නමි ෆුල් පේජ් ආටිකල් එකකුත් ලියන්න”
ජනාධිපති ලේකම් කාර්යාලය යනුවෙන් සටහන් ෆයිල් කවරයක් ශ‍්‍රී පතී මගේ අතෙහි තැබීය.
”හරි ශ‍්‍රී පති මහත්තයා, මම ලියන්නම් ”
ශත අසූනමයට පර්චසය ඩැහැගත්
මහාචාර්ය ඇමතිගේ පොල්වත්ත
(නුවන් නිරෝධ විසිනි)
එදින ඉරුදින ලක්මිණ පුවත්පතේ ප‍්‍රධාන පුවත සහ 03 වැනි පිටුවේ සවිස්තරාත්මක වාර්තාවක් පලකෙරුණි. පුවත් පතක මාගේ නම යටතේ ප‍්‍රධාන පුවතක් පළවෙනි වතාවට පළවුනේ එදිනය.
- නුවන් නිරෝධ