දුරකථන 10කින් කුණුහරපෙන් බැන්නැයි හඩ්සන් උසාවි යයි

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ දුරකථන වලට අනවශ්‍ය අන්දමින් ඇමතුම් ලබා දෙන බවට එහි සභාපති හඩ්සන් සමරසිංහ විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

එම පැමිණිල්ල සලකා බැලූ කොළබ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ ඒ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙසයි.

ජංගම දුරකථන අංක 10කින් පමණ මෙලෙස දුරකථන ඇමතුම් ලැබී තිබෙන බවත් ඒ හේතුවෙන් තමන්ට යහපත් මානසික මට්ටමෙන් සේවාව කරගන යාමට නොහැකි බව තම සේවකයන් ලිපියක් මඟින් තමන්ට දැනුම්දී ඇති බවයි පැමිණිල්ලේ සඳහන් වී තිබෙන්නේ.


පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ නිළධාරීන් අධිකරණයට වාර්තා කර තිබෙන්නේ මෙම අන්දමින් ලැබුණු ඇමතුම් වලට සවන් දුන් සේවකයන්ගෙන් ප්‍රකාශ සටහන් කරගන ඇති බවත් එවැනි අශ්ලීල ලෙස දුන් ඇමතුම් මඟින් සභාපතිවරයාගේ ලිංගික ක්‍රියාකාරකම් පිළිබඳව විමසා තිබෙන බවත්ය.

අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් එම ඇමතුම් පිළිබඳව විස්තර සපයන ලෙස දුරකථන සමාගම් තුනකට නියෝග කර ඇත.

-සම්බන්ධිත පුවත්-
1. ලෝකෙට පරකාසය පෙන්වා ගෙදරට මරගාතයක් වූ හඩ්සන්
2. හඩ්සන්ට ස්වර්ණවාහිනියෙන් ටොක්කක්
3. නෙත් එෆ්.එම් වසා දැමිය යුතුයි - හඩ්සන් සමරසිංහ
4. හඩ්සන් සමරසිංහ මිනීමරුවෙක්
5. හඩ්සන් නැවතත් වැඩ පටන්ගනී :නෙත් එෆ්. එම් තහනම් කල යුතු බව කියයි
6. ඊලියන්තගෙන් ප්‍රතිකාරගත් හඩ්සන් අමාරුවේ වැටෙයි!



Related Posts Plugin for WordPress, Blogger...