(2002 ළමයි) එල්.ටී.ටී.ඊ මාධ්‍ය හමුව 02
Sunday, December 16, 2012
පස්වන කොටස
යුධ හමුදාව රැදී සිටි අවසන් මුරපොලෙන් පිටත්වූ අපිට ඊළගට හමුවුනේ රතු කුරුස සමාජයේ සමාජිකයින් රැදී සිටි යුධ මුක්ත කලාපය ලෙස හැදින්වූ ප‍්‍රදේශයයි.
එයට පෙරදින වව්නියාව නගරයේදී අප දුටු කොටි සංවිධානයේ දේශපාලන අංශ සාමාජිකාවන් විශාල පිරිසක්ද යුධ මුක්ත කලාපයේ රතු කුරුස සමාජිකයින් හා රැදී සිටියදී දක්නට ලැබුණි.
රජය හා කොටි සංවිධානය අතර හටගෙන තිබූ සටන් විරාම ගිවිසුම හේතුවෙන් වැඩි වාසි අත්වුනේ කොටි සංවිධානයට යැයි පැවසූ දෙය සත්‍යයක් බවට අපට හැගුනේ ආරක්ෂක හමුදා මුරපොළ හා කදවුරු වලට පමණක් සීමා වන විට කොටි සාමාජිකයින් ආයුධ සන්නද්ධව හා නොමැතිව උතුරේ බොහෝ ස්ථානවල රැු`දී සිටීම නිසාය. යුධ මුක්ත කලාපයේ පවා අපට දක්නට ලැබුණේ ඊළම දිනා ගන්නට තතනන සුදානමක් විනා අනෙකක් නොවේ.
ඉන් අනතුරුව අපට හමුවුනේ කොටි සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබන පලමු ආරක්ෂක කපොල්ලයි. එහි ආසන්නයේම විශාප පුවරුවක මුලින්ම ද‍්‍රවිඩ භාෂාවෙන් හා ඉන්පසු ඉංග‍්‍රීසි භාෂාවෙන්ද අවසානයට සිංහල භාෂාවෙන්ද සටහන්ව තිබුනේ "තමිල් ඊළාම් රාජ්‍යයට සපැමිණි ඔබ සාදරයෙන් පිළිගනුමු" යන වචනයයි.
මුරකපොල්ල ආසන්නයේදී කොටි පොලිස් භටයකු අප ගමන්ගත් වාහනයට නවතින්නට යැයි සංඥා කල අතර මුලින්ම වාහනයෙන් බැසීමට අණ කලේ රියදුරාටයි. ඔහුගෙන් නොයෙකුත් ප‍්‍රශ්න අසනු වාහනය තුල සිට අප නිරීක්ෂණය කල අතර ඉන් අනතුරුව එල්.ටී.ටී.ඊ නිල ඇ`දුමෙන් සැරසුනු අයෙක් අප වාහනය අසලට පැමිණ අපගේ හැදුනුම්පත් පරීක්ෂා කිරීම සිදුකලහ.
”මහත්තයලා ඔක්කොම එකම පේපර් එකෙන්ද?” පැහැදිලි සිංහලෙන් ඔහු අපෙන් ප‍්‍රශ්න කලේය.
”නැහැ අපි දෙන්නා එක පත්තරයක, මෙයා වෙනත් පත්තරයක” ඔහුට පිළිතුරු දුන්නේ පරණවිතානයි.
”කමක් නැහැ. මේ අවසර පත‍්‍ර 03 මහත්තයලා පරිස්සමෙන් තියා ගන්න ආපහු යන කොට අපිට ඔය ටික ආපහු භාර දෙන්න. හොදයි මහත්තයලාට යන්න පුළුවන්. මාධ්‍ය සාකච්ඡව තියෙන තැනට යනකම් අතර මගදී වාහනයෙන් බහින්න තහනම්. ඒ වගේම තමයි මහත්තයාලාගේ ආරක්ෂාවට අපේ එක්කෙනෙක් මහත්තයාලත් එක්ක මේ වාහනයෙන් එනවා. ඒ වගේම තවත් අපේ පොලිසියේ එක්කෙනක් මහත්තයාලාගේ ඉස්සරහින් යනවා.” ඔහු නැවතත් මුරපොළ වෙත යන්නට විය.
”හරි රියදුරු මහත්තයා යමු.” අපගේ වාහනයට ගොඩවුණු කොටි සාමාජිකයා අණ කලේය. ඒ අණ අනුව හා ඉදිරියෙන් ධාවනයවූ යතුරු පැදියේ මග අනුව අපගේ වාහනය ගමන් කලේය. කිලෝ මීටර ගණනාවක්වූ ඒ අතර වාරය පුරා අපි කිසිවෙකුත් කිසිවක් කතා කලේ නැත. මාර්ගයේ අඩි දහයෙන් දහයට පමණ සන්නද්ධ කොටි සාමාජිකයින් රැදී සිටියහ. මග දෙපස කැලෑවන් හැරෙන්නට වෙනත් දෙයක් නොවිණ.
”හරි ඔතනින් දකුණට හරවන්න” පැයක පමණ නිහඩියාවකින් පමණ වාහනයේ ගමන්ගත් කොටි සාමාජිකයා රියදුරුට ප‍්‍රකාශ කලේය. අප දකුණට හැරවූ ස්ථානය අසලින් ඉදිරියෙන් පැමිණි යතුරු පැදිය හරවා ආපසු යන්නට විය. තවත් විනාඩි 05 ක ගමණකින් පසු අපි මාධ්‍ය සාකච්ඡව පැවැත්වෙන ස්ථානයට පැමිණි අතර එය සුඛෝපභෝගී ස්ථානයක් විය.
”මෙය තමයි අපේ සාම මහලේකම් කාර්යාලය” වට පිට බලමින් සිටි අප දෙස බලමින් අපගේ මග පෙන්වන්නා ප‍්‍රකාශ කලේය. එසැනින්ම එතැනට පැමිණි කොටි කාන්තා සෙබළියක් අපව එක්තරා ස්ථානයකට කැදවා ගෙන ගිය අතර එහිදී අපව කොටි සාමාජිකයින් විසින් දැඩි පරීක්ෂාවකට ලක් කරනු ලැබිණි.
ඉන්පසුව අප එල්.ටී.ටී.ඊ සාම මහලේකම් කාර්යාලය තුළට කැදවා ගෙන යනු ලැබුෙවි තවත් කොටි සාමාජිකයින් දෙදෙනෙකු විසිනි. මෙහිදී අප නිරීක්ෂණය කල ප‍්‍රධානතම කරුණ වුනේ කිසිම අවස්ථාවකදී අපට තනිව එහෙ මෙහෙ යාමට හෝ කතා කිරීමට ඇති ඉඩ ඔවුන් අසුරා ඇති බවයි. එය හුදෙක් ඔවුන් කලේ අපට කරදරයක් ලෙස දැනෙන්නට නොවුනත් ඔවුන්ගේ නායකයින්ගේ ආරක්ෂාව සදහා යැයි තේරුම් ගැනීමට අමුතු ඥාණයක් අවශ්‍ය නොවීය.
"මෙන්න මහත්තුරු ටික මේක බීලා ඉන්න"
කොටි කාන්තා සෙබළියක් අප වෙත පිළිගැනීමේ බීම වීදුරුවක් ලබා දෙන ගමන් ඉල්ලා සිටියහ. අප ඒ වන විට සාම ලේකම් කාර්යාලයේ බිත්ති පුරා එල්ලා තිබූ කොටි මහ විරුවන්ගේ ඡයා රූප නරඹමින් සිටි අතර ඇය ලබා දුන් බීම වීදුරුව අපි එක්වනම හිස්කලේ තිබහට වඩා හිතේ තිබූ මොකක්දෝ නුහුරු සිතුවිල්ලක් නිසාය.
අපගේ අනෙක් ගමන් සගයන්ට කෙසේ වෙතත් මෙම ගමන මා හට දැනුනේ වෙනත් රාජ්‍යයටකට ගිය විදේශිකයෙකු ලෙසිනි.
කොළඹ සිට කිලිනොච්යට එකට පැමිණි අප තිදෙනා දැන් වෙන වෙනමය. කරුණාරත්න පරණවිතාන ශී‍්‍ර ලංකා ගුවන් විදුලි සංස්ථාවෙන් පැමිණ සිටි මාධ්‍ය කණ්ඩායම සමග බර සාකච්ඡවකය. දොඩාවත්ත, අමල්,වරුණ හා එල්මෝ සමග බරසාර කතාබහකය. මාධ්‍ය කෙෂ්ත‍්‍රයට නවකයෙකු වූ මාහට මෙම ස්ථානයේ මාධ්‍ය සගයන් කිසිවෙක් නොවුණු අතර මා හට දැනුනේ මෙහි තනිව ඇති සෙයකි.
අත රැදි කැමරාවෙන් අවට සියළුදේ මා විසින් ඡයාරූප ගත කරනු ලැබිණි.
"තම්බි ඔය පැත්ත ගන්න එපා. ඔය පැත්තේ අපේ සිකියුරිටි කෑම්ප් එකක් තියෙන්නේ"
කැමරාවට ඇස යොමාගෙන සිටි මාගේ උරහිසට අත තබමින් ප‍්‍රකාශ කලේ ආයුධ සන්නද්ධව කොටියෙකි. එවෙලෙහි මාගේ හිතට ඇතිවූ භීතිය නිසාම මම හැකි ඉක්මනින් එම ප‍්‍රදේශයෙන් ඉවත් වුනෙමි.
ගතවූයේ විනාඩි කිහිපයකි. එල්.ටී.ටී.ඊ දේශපාලන අංශ නායකයාවූ තමිල් සෙල්වම් හා කොටි න්‍යාචාර්යවරයා වූ ඇන්ටන් බාලසිංහම්, කොටි සංවිධානයේ මාධ්‍ය ප‍්‍රකාශකයාවූ දයා මාස්ටර් අප හැම ඉදිරියේ පෙනී සිටියේ මාධ්‍ය සාකච්ඡව ආරම්භ කරමින්.
පැමිණ සිටි මාධ්‍යවේදීන් සංඛ්‍යාව ඉහල හෙයින් හමුව පැවැත්වුනේ සාම මහලේකම් කාර්යාල ගොඩනැගිල්ල පිටතදීයි. හරියටම අඩ පැයකට ආසන්න කාලයක් පැවැති මාධ්‍ය හමුව නිමා වීමෙන් පසුව අප සියළු දෙනාටම සාම මහලේකම් කාර්යාලය තුලදී භෝජන සංග‍්‍රහයක් පැවැත්වුණු අතර මෙහිදී එල්.ටී.ටී.ඊ නායකයින් විදේශයීය මාධ්‍ය කණ්ඩායම් සම`ග වඩා කුළුපගව සතුටු සාමිචියේ යෙදෙන වග මාහට දක්නට හැකිවිය.
සාම මහලේකම් කාර්යාලයේ පැවැති භෝජන සංග‍්‍රහයෙන් අනතුරුව අපට අවශ්‍ය නම් කොටි පාලන ප‍්‍රදේශයේ පැයකට ආසන්න කාලයක් සංචාරය සදහා අවසර ලබාදිය හැකිබව තමිල් සෙල්වම්ගේ ලේකම්වරයා ප‍්‍රකාශ කල අතර එම අවස්ථාවේදී අප සමග පිටත්ව ගියේ දේශීය මාධ්‍ය ආයතතන නියෝජනය කල මාධ්‍යවේදීන් පමණි.
විදේශයීය මාධ්‍යවේදීන් අප පිටත්ව යනතුරුත් සාම මහලේකම් කාර්යාලය තුල රැදී සිටියේ ඔවුනට වෙනත් හැන්`දකින් බෙදන බව නැවත වතාවක් අපට සනාථ කිරීමට මෙනි.
කිලිනොච්චිය නගරය තුල ඇති මංමාවත් කාපට් ඇතිරූ මංමාවත් නොවීය. බොරළු පාර පුරා විගයෙන් කොටි සංවිධානයට අයත් සුඛෝපභෝගී වාහන එහේ මෙහේ ඉගිළුණි. මෙම එකදු වාහනයක වත් අංක තහඩු නොතිබුණු අතර ගමන් කල වේගයේ පවා පාලනයක් නොවීය.
හමුවූ මිනිස් මුහුණුවල හිනාවක් නොවුණු අතර ඔවුන් සියල්ලම අපගේ මුහුණු දිහා එක එල්ලේ බැලීමට මැළි කමක් දැක්වීය. ඔවුනගේ හිත් අතර තිබූ දේ අපට ඔවුන්ගෙන්ම දැන ගැනීට නොහැකිවූයේ ඔවුන් අපි අතර පැවැති භාවිත භාෂාවේ පැවැති වෙනස්කම්ය.
ඔවුන්ගේ සියළු සිතුම් පැතුම් අවි බලෙයන් යටපත් කර ඇති බව අපට හැගුණු නමුත් එය හුදෙක් අපගේ හිතේ ඇතිවූ සිතුවිල්ලක් පමණක් දැයි කීමට තවමත් මට නොහැක. නමුත් එක දෙයක් අවසාන වශයෙන් කීමට ඇත.
එනම් කොටින්ගේ පාලනය යටතේවුව කිලිනොච්චියේ තිබූ පිරිසිදු කමයි. නගරය පුරාම කිසිදු කුණු ගොඩක් දක්නට නොලැබුණු අතර ෂොපින් කවර භාවිතාවක්ද දක්කට ලැබුණේ නැත. අනෙක කොළඹදී දකින නානා ප‍්‍රකාර ඇදුම් විලාසිතාවන්ගෙන් සමන්විත ගැහැණු ළමුන් වෙනුවට මෙහිදී අප දුටුවේ සාම්ප‍්‍රදායික ද‍්‍රවිඩ ඇදුමෙන් සැරසුණු,හිසේ මල්මාලාවක් දවටා ගත්,බිම බලාගෙන ගමනේ යන යුවතියන්ය.
-නුවන් නිරෝධ