නයි නළගනගේ මාධ්‍යය සංදර්ශනය

නාගයෙකු ළඟ තබාගැනීමේ සිද්ධියත් සමග මහත් ආන්දෝලනයකට තුඩු දුන් නිරෝෂා විමලරත්න හෙවත් දිලානි පිළිබදව පසුගිය කාලය පුරාවටම මාධ්‍ය හරහා විශාල ප්‍රසිද්ධියක් ලැබුණු අතර ඇය විටින් විට පුවත්පත් වෙත ලබාදුන් සම්මුඛ සාකච්චාවද පුදුම සහගත ඒවා වුවා.

නිරෝෂා මාධ්‍යය අවධානය දිනාගත්තේ කොල්ලුපිටියේ ක්ලියෝපැට්රා සමාජ ශාලාවේ නාගයකු සමග නර්තනයේ යෙදීමෙන් අනතුරුව පොලිසියෙන් අත්අඩංගුවට ගැනීමත් සමගයි. 

ඇය පොලිසියෙන් නිදහස් වීමෙන් අනතුරුව පුවත් පත්වලට හෙළි කරන ලද කරුණු ගොතන ලද ඒවා බවට මේවනවිට හෙළිදරව් වී තිබේ. පහතින් දැක්වෙන්නේ නිරෝෂා විසින් මාධ්‍යය හමුවේ ගොතන ලද එවැනි බොරු කිහිපයකි.

නිරෝෂා විලමලරත්නට අනුව ඇයගේ මව ඉන්දියානු කාන්තාවකි. නමුත් නිරෝෂා විමලරත්නගේ උප්පැන්න සහතිකයේ සඳහන් වී ඇත්තේ ඇගේ මව මෙරට උපන් සිංහල කාන්තාවක් වන වික‍්‍රමසිංහ මුදියන්සෙලාගේ ශ‍්‍රියාණි වික‍්‍රමසිංහ ලෙසයි. 



නිරෝෂා දන්තුවර ප්‍රදේශයේ දිළිඳු පවුලක ඉපදී බේබදු පියා විසින් නොසලකන හා මව අතහැර ගිය පරිසරයක තමා විසින් හදාවඩා ගත බව නිරෝෂාගේ සියා මාධ්‍යයට හෙළිකර සිටි අතර මෙවන් බොරු ප්‍රචාරය කිරීම හේතුවෙන් නැවතත් ගෙදරට පැමිණීමට ඉඩ නොතබන බවද මාධ්‍යයට පවසා ඇත.

නිරෝෂා මාධ්‍යයට සඳහන් කල ආකාරයට ඇය 8 වන ශ්‍රේණිය දක්වා මෙරට අධ්‍යාපන හැදෑරූ බව සහ ඉන් පසුව ඉන්දියාවේ හයිද්‍රාබාද් හි අධ්‍යාපනයලබා ඇත. නමුත් 2007 වසරේ දන්තුරේ විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයෙන් ඇය සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වී ඇති බවට විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ ප‍්‍රතිඵල ලේඛනයේ සඳහන්ව ඇත.

නිරෝෂා තමාට නාගයා ලැබුණේ මහනුවර - දොඩම්වල දේවාලයේ භාවනා කරමින් සිටින අතුරතුරදී බව ප‍්‍රකාශ කළත් දොඩම්වල දේවාලයේ ප‍්‍රධාන කපු මහතා වන ඩබ්ලිව්.ජී. දසනායක එය ප්‍රතික්ෂේප කරන අතර කිසිම දිනක නිරෝෂා දැක නැති බවත් එම ප්‍රදේශයේ නයින් නොමැති බවත් සහතික වී තිබෙනවා. 


එමෙන්ම නිරෝෂා වෙත නාගයා විකුණු අහිකුණ්ටක පුද්ගලයා මාධ්‍යය වෙත හෙළිකොට ඇත්තේ රුපියල් 20,000කට නාගයා ඔහුගෙන් නිරෝෂා මිලදී ගත්තේ බාරයක් ඔප්පු කිරීමට යන වග සඳහන් කරමින් බවයි.

නයි නළගන පිලිබඳ පුවත්පත් වාර්තා ගණනාවක් පළවුවත් එවා බොහොමයක පළවුයේ නිරෝෂාගේ ගොතන ලද කතා පුවත් බවත් මෙම කතා හුදෙක් නිරෝෂාගේ ප්‍රසිද්ධිය සඳහා නොව ක්ලියෝපැට්රා කළමනාකාරිත්වය විසින් සිය සමාජ ශාලාවේ ප්‍රසිද්ධිය වැඩි කරගැනීම සඳහා යෙදු අලෙවි උපක්‍රම බවයි. ඒ සඳහා පුවත්පත් වල ක්ලියෝපැට්රා යන නම සඳහන් කිරීමට ඔවුන් විසින් අවසර ලබාදී තිබුණු අතර නිරෝෂා වෙනුවෙන් නඩුවට වියදම් කලේද එම කලමනාකරිත්වයයි.


නයි නළගන ගැන ඇගේ සියා කියන ඇත්ත කතාව බලන්න පහතින්




නයි නළගන ගේ උප්පැන්නේ මවගේ නම , සාමාන්‍ය පෙළ විභාග අංකය , නයා විකුණු පුද්ගලයාගේ කතාව බලන්න පහතින්

Related Posts Plugin for WordPress, Blogger...