(2002 ළමයි) - ලක්මිණට පැමිණීම
Sunday, November 11, 2012________________________________________________________________________
දේශපාලන ඉතිහාසයේ අප දන්නා කරුණු මෙන්ම අප නොදන්නා කරුණුද ඇත. පෙළක් ඒවා විවිධ මාධ්‍යයන් වල පළවූ අතර ඇතැම් ඒවා මෙතෙක් හෙළි නොවූ ඒවාය.එවැනි ලිපි පෙළක් අද දින පටන් ගොසිප්9 හි කොටස් වශයෙන් පළවේ . මෙම ලිපි පෙළෙහි කතෘ වන්නේ ප්‍රවීණ මාධ්‍යවේදියෙකු මෙන්ම දේශපාලනයෙහි අත්දැකීම් ඇති නුවන් නිරෝධ මහතායි. මෙම ලිපි පෙළ අවසානයේ එය 2002 ළමයි යනුවෙන් පොතක් වශයෙන් පල වීමට නියමතය. එහි පළමු කොටස බලන්න පහතින්.
__________________________________________________________________________
එය දෙදහස් දෙක අවුරුද්දේ පෙබරවාරි මාසයයි. මට වයස විස්ස සම්පූර්ණ වුනා පමණි. මමත් මාගේ පාසැල් සගයාවූ සසංකත් 163 බසයකට ගොඩවුනේ ඇතුල්කෝට්ටේ පිහිටි අළුතෙන් ආරම්භ කල පුවත් පත් ආයතනයකට සම්මූඛ පරීක්ෂණයකට යාම සදහායි.
එම පුවත් පත් ආයතනය පිළිබදව මාහට දැනගන්නට ලැබුනේ මාගේ පියාගේ මාර්ගයෙනි. එහි ප‍්‍රවෘත්ති කතෘ ලෙස සේවය කල පේ‍්‍රමකුමාර රාජපක්ෂ මහතා මාගේ පියාගේ පාසැල් මිතුරෙකු විය.
නිදහස් පුවත්පත් වාර්තාකරුවන් ලෙස මටත් සසංකටත් රැකියාව ලැබුණු අතර පුවත්පතේ පලවන ලිපි අනුව ගෙවීම් කරන්නටද එහිදී ප‍්‍රවෘත්ති කතෘවරයා අප වෙත එකග විය. මෙය අපොස උසස් පෙල හදාරා අවසානයේ අප රැකියාවක් සොයමින් සිටි කාලයවූ අතර පුවත් පතක රැුකියාවක් කරන්නට මාවෙත වූ කැමැත්ත නිසාම මෙම රැකියාව හිස්මුදුනෙන් අප පිළිගතෙමු.
මෙයට පෙර පාසැල් කාලයේදී මා ළසද නැමැති තරුණ පුවත් පතකට ලිපි සපයා තිබීමත් එකල අප ආශ‍්‍රය කල මිතුරන් බොහෝ දෙනෙක් පුවතපත් ආයතන හා සම්බන්ධ රැකියාවන්හී නිරතව සිටීමත් ලැබුණු රැකියාවට වඩා ආදරය කරන තැනකට අප තල්ලු කරමින් සිටි ප‍්‍රධානතම ජීවයයි.
මා රැකියාවට සම්බන්ධවුණ කාලය පළාත් පාලන මැතිවරණය පැවැත්වුණු කාලයකි. එවකට බලයේ සිටියේ එක්සත් ජාතික පක්ෂයයි. කළුබෝවිල, විමලසාර මාවතේ පැවති එක්සත් ජාතික පක්ෂයෙන් දෙහිවල ගල්කිස්ස නගර සභාවට පළමු වතාවට තරග කල තරුණ අපේක්ෂකයෙකුවූ ධනසිරි අමරතුංග මහතාගේ ප‍්‍රචාරක රැස්වීමක් අවසානයේ අත්බෝම්බ ප‍්‍රහාරයක් එල්ලව ඇති බව ආරංචිය මාහට පුවත්පත් වාර්තා කරුවෙක් කියන දෙය වඩාත් දැනෙන්නටවූ කාරණයක් වූහ.
රාත‍්‍රී 11 පසුව තිබුණත් පුවත්පතේ ප‍්‍රවෘත්ති කතෘවරයා දුරකතනයෙන් ඇමතූ මා මෙම ප‍්‍රහාරය පිළිබදව ඔහුව දැනුවත් කොට හා ඔහුගේ අවසරය සහිතව සිද්ධියවූ ස්ථානය වෙත ගමන් කලෙමි.
බෝම්බ ප‍්‍රහාරය සිදුවූ ස්ථානයත් ඉන් ඉක්බිති තුවාලකරුවන් දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ගෙනආ ආකාරයත් ආවරණය කල මා එදින රාත‍්‍රියේම නිදි වරමින් මාගේ පළමු පුවත් ආවරණය ලියා නිමකරන ලදි. මා සන්තකයේ තිබූ කුඩා ප‍්‍රමාණයේ කැමරාවෙන් ලබාගත් ඡයාරූපද නුගේගොඩ දළ සේයාපට මුද‍්‍රණය කරන ස්ථානයකින් මුද‍්‍රණය කරවාගෙන පසුදා උදෑසන 10 පමණ වන විට කාර්යාලයට ගොඩවූයේ රටක් රාජ්‍යයක් දිනූ අයෙකු මෙනි.
නමුත් මා බලාපොරොත්තුවූ පිළිගැනීම කාර්යාලය තුල දක්නට නොවීය. පළමු දිනයේ ප‍්‍රවෘත්ති කතෘවරයාගේ මුහුණේ තිබූ සුන්දර සිනහව අස්ථානගතව ඇත. මා සමග සුහදව කතාබස් කලේ පුවත්පතේ ක‍්‍රීඩා ප‍්‍රවෘත්ති සංස්කාරක ලෙස කටයුතු කල විජේසේකර වලිසුන්දර පමණි.
”මොනාද බන් ඔය අතේ තියෙන්නේ, දීපන් බලන්න” වලියා මා එතෙක් අතේ තබාගෙන සිටි පෙරදින රාත‍්‍රියේ ලියූ වාර්තාව ගෙන කියවන්නට විය.
” ඕක පේ‍්‍රමකුමාර මහත්තයට දීපන්” වලියාගේ වචනයත් සම`ග මම ලිපියත් රැගෙන පේ‍්‍රකුමාර මහතාගේ කාමරය වෙත ගියෙමි.
”සර් මම අර ඊයේ කියපු නිවුස් එක ලියලා ගෙනාවා” මට කීමට ලැබුනේ එපමණකි.
”හරි ඔය මේසය උඩින් තියන්න, මම බලන්නම්” ඔහුගේ පිළිතුර එපමණකි.
නමුත් එම ලිපිය අදවනතුරුත් ලක්මිණ පුවත්පතේ තබා වෙනත් කිසිදු පුවත්පතක පළ නොවිණ. ලක්මිණ පත්තරේ යූ.එන්.පී එකට විරුද්ධ පුවත් පතක්. ඒකයි ආටිකල් එක නොගියේ යැයි තේරුම් ගැනීමට මට තවත් මාස කිහිපයක් ගතවුණි.
ශ්‍රීපති සුරියආරච්චි ලක්මිනට මැදිහත්වූ හැටි ලබන සතියේ