සුදර්මන් නැවතත් පොලීසිය හා එක්ව සතුටු සාමීචියේ

පසුගියදා බත්තරමුල්ල පැලවත්ත පාලම් තුන අසල තිබූ බුද්ධ මන්දිරය නාගරික සංවර්ධන අධිකාරියේ සහ කඩුවෙල නගරසභාවේ පූර්ණ අනුදැනුම මත පොලිස් ආරක්ෂාව මධ්‍යයේ ඩෝසර් කර දමා තිබූණි.

පසුව එයට විරෝධය පා සංඝයා වහන්සේලා එක්ව විරෝධතාවයක් පැවැත්වූ අතර පසුව එම ඩෝසර් කිරීම සාධාරණීකරණය කරමින් ස්වාධීන රූපවාහිනී නාලිකාවේ ප්‍රවෘත්ති මඟින් පෙන්වූ ප්‍රවෘත්තියෙන් කියවුනේ ගෝඨාභය රාජපක්ෂ මහතායේ උපදෙස් මත මෙම ඩෝසර් කිරීම කර තිබූ බවයි.


එම අවස්ථාවේ වරෙන්තුවක් තිබෙන, ඉන්නා තැනක් සොයාගැනීමට නොදන්නා බව අධිකරණය හේතු දක්වා තිබෙන සුදර්මන් රදලියගොඩද පොලිස් නිළධාරීන් හා අල්ලාප සල්ලාපයේ යෙදී සිටිනා අයුරු ස්වාධීන රූපවාහිනිය විසින් රටටම පෙන්වීය.

පුද්ගලයා අනුව ලංකාවේ නීතිය වෙනස් වෙනස් අයුරින් ක්‍රියාත්මක වන බවට මෙය හොඳ උදාහරණයකි.

අධිකරණ වරෙන්තුවක් තිබියදී අරලියගහ මන්දරයට රිංගා ජනාධිපතිවරයා හා එක්ව සිටි සුදර්මන් රදලියගොඩ පොලීසිය හා එක්ව මෙලෙස ප්‍රසිද්ධියේ පෙනී සිටි පළමු අවස්ථාව මෙය නොවේ.

පහත වීඩියෝවේ විනාඩි 1:01 සිට 1:09 දක්වා සුදර්මන් පොලීසිය හා සමඟ සිටී.








-සුදර්මන් පිළිබඳව අප විසින් පළ කල පෙර පුවත්-
1. සුදර්මන් දැන් නළුවෙක්. නමුත් තවමත් පොලීසියට ඔහු හමුවී නැත
2. සුදර්මන් අරලියගහ මන්දිරයේ
3. සුදර්මන් හිඟුරක්ගොඩ බැසිල් රාජපක්ෂගේ රැළියේ
4. වරෙන්තුකරුවන් 10,648ක් අල්ලයි. ඒත් සුදර්මන් කෝ?
5. වරෙන්තුකරුවන් 2,814ක් අල්ලයි. ඒත් සුදර්මන් කෝ?
6. සුදර්මන්ගේ මුදල් වංචා රැසක්- කවදා නීතිය ක්‍රියාත්මකවේද?
7. සුදර්මන් එජනිස මැයි රැලියේ- වරෙන්තුවට මාස 10යි
8. වරෙන්තුවක් තිබියදී මාස 8කට පසුත් සුදර්මන් තවමත් නිදැල්ලේ
9. වරෙන්තුවෙන් මාස 6කට පසුත් සුධර්මන් නිදැල්ලේ
10. සුධර්මන්ට නිතිය ප්‍රමාද ඇයි?
11. අයි.ටී.එන් තුලාව නොවූ අධිකරණයේ තුලාව
12. සුධර්මන්ට වැඩ වරදී

Related Posts Plugin for WordPress, Blogger...