පොලිස්පති අනුර සේනානායක ගීත ගයයි

ඊයේ රාත්‍රී ජාතික රූපවාහිනියේ "රිදම් චැට්" වැඩසටහනේදී පොලීසියේ උසස් නිළධාරීන් කිහිපදෙනෙක් ගීත ගායනා කළා.

බස්නාහිර පලාත භාර නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි කිත්සිරි ජයලත්, අගමැති පොලිස් කොට්ඨාශයේ පොලිස් අධිකාරි නෝමන් සිල්වා, පාර්ලිමේන්තුවේ ආරක්ෂක ප්‍රධානියා වන සහකාර පොලිස් අධිකාරි වජිර එදිරිමාන්න හා සහකාර ඔලිස් අධිකාරි පන්ඩුල වීරසිංහ ඒ අතර වුණා.

එමෙන්ම පොලිස් දෙපාර්තමේන්තුවේ නර්තන උපදේශිකාව වන පොලිස් පරීක්ෂිකා ප්‍රියන්ති ජයකොඩි ද ගීතයක් ගායනය කලා.

කටුගෙයි හොරකමේ වන් මෑන් ෂෝ කංගැට්ටා අල්ලාගත්තද වරෙන්තුවක් තිබියදීත් තමන් හා දෙවරක් ම අල්ලාප සල්ලාපයේ යෙදී සිටි සුදර්මන් රදලියගොඩ තවමත් අල්ලාගැනීමට නොහැකිවූ බස්නාහිර පලාත භාර නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක ගීත ගැයූ අයුරු පහතින්.


Related Posts Plugin for WordPress, Blogger...