ඇල්පිටිය පොලිසියේ ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සියදිවි නසාගැනීමේ තිත්ත ඇත්ත

පසුගියදා ඇල්පිටිය පොලිසියේ මූලස්‌ථාන ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක වශයෙන් සේවය කළ බී. ඩී. එල් එල්. බුදාගොඩ මහතා පපුවට වෙඩි තබාගෙන අභිරහස් අන්දමින් සියදිවි හානි කරගත්තේය.

බුදාගොඩ මහතා පදිංචිව සිටියේ ඇල්පිටිය පොලිස්‌ නිවාසවලය. සියදිවි හානිකරගත් දින ඔහුගේ බිරිඳ ද බිරිඳගේ මව්පියෝද දරුවෝද එම නිල නිවාසයට පැමිණ සිටියහ. 

බුදාගොඩ මහතා සිය රාජකාරි ගිනි අවියෙන් පපුවට වෙඩි තබා ගත්තේ සිය බිරිඳ හා දරුවන් ඉදිරියේය.ඔහුගේ වැඩිමහල් දියණියගේ වයස අවුරුදු හතකි. දෙවැනියාගේ වයස අවුරුදු පහකි. බාල දියණිය පෙර පාසල් අවධියේ පසුවන දැරියකි.

වෙඩි තබා ගත දිනයේ සිය ලොකු දුවට කතා කල ඇති බුදාගොඩ මහතා නංගිලා හිස අතගා නංගිලා දෙන්නා බලා ගන්නා ලෙස පවසා ඔවුන් ඉදිරියේ පපුවට වෙඩි තබාගෙන ඇත. මෙය මහා අභිරහසක් ලෙස මාධ්‍යයෙන් හුවා දැක්වීමට උත්සාහ කර තිබිණි. නමුත් ඇල්පිටියේ පොලිසියේ මහතුන් මෙහි සුල මුල දැනටමත් දන්නේය. මාධ්‍යයට වසන්වූ සියදිවි නසාගැනීම පිලිබඳ තිත්ත ඇත්ත මෙසේය.


සාමන්‍යයෙන් ඕනෑම පොලිසියක
ප්‍රධාන පොලිස් පරීක්ෂක වරයාට ලැබෙන අනියම් වරප්‍රසාද ලංකාවේ තිබේ. ඒ එම නීති විරෝධී ස්ථාන වැටලීම වලක්වා ගැනීම සඳහා දෙන ලිංගික සන්තෝසම් ය. මෙසේ මිය ගිය පොලිස් නිළධාරියාටද එලෙස සම්බන්ධතා කිහිපයක් පසුගියකාලයේ තිබී ඇත. 

මෙම සම්බන්ධතා ඔහුගේ බිරිඳට සැල වීමත් සමග බිරිඳ සමග ආරවුල් ඇතිවී තිබෙන අතර දිනක් ඔහුගේ බිරිඳ පොලිස් මුලස්ථානයටම පැමිණ අනෙක් නිලධාරීන් ඉදිරිපිට බැන වැදී ඇත. තවද දිනක් නිවසේ වූ මේ පිලිබඳ රණ්ඩුවක් තුලින් සිය පියා පිලිබඳ වූ චෝදනා එක් දියනියකටටද දැනගැනීමට ලැබී ඇත. මේ හේතුවෙන් සමාජයට මුහුණ දීමට අසිරි වූ බුදාගොඩ මහතා විසින් සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා වේ.

නමුත් ඔහුගේ බිරිඳ පවසන්නේ මෙවැන්නකි 


"මගේ මහත්තයට කිසිම ප්‍රශ්නයක්‌ කරදරයක්‌ තිබුණෙ නෑ. මමත් දරුවො තුන්දෙනත් ඉදිරියේ වෙඩි තියාගෙන මැරෙන්න තරම් ප්‍රශ්නයක්‌ මහත්තයට තිබුණෙ නෑ. මගේ මහත්තයට සිදුවූ විපත ගැන මට අදහාගන්න බෑ. අනේ දෙවියනේ මමත් මේ නොදරුවන් තුන්දෙනත් මේ ලෝකෙ තනි වුණා.

මගේ මහත්තය මීට වසර කිහිපයකට පෙර දිනපතාම මත්පැන් පානය කළා. ඒත් දැන් කාලයක සිට මත්පැන් පානය කිරීම සම්පූර්ණයෙන්ම නතර කළා.

ආගමට දහමට ලැදි වුණා. ආගමානුකූල ජීවිතයකට යොමු වුණා. සෑම පසළොස්‌වක පොහොයකටම ඔහු අටසිල් ගත්තා. ආගමික වතාවත්වල නිරත වුණා.


සිද්ධිය වූ දවස මට හොඳට මතකයි. එදා සවස 7.00 ට විතර එයා වැටලීමකට යනව කියල පිටව ගියා. රාත්‍රි 8.30 ට පමණ නැවත වැටලීම අවසන් කර පොලිසියට ආවා. ඇවිත් එයාගේ නිල කාමරයේ සිට රාජකාරි කටයුතු නිමකර රාත්‍රි 9.15 ට පමණ නිල නිවසට පැමිණියා.


අපි දෙන්න අතරේ කවදාවත්ම ප්‍රශ්නයක්‌ ගැටුමක්‌ තිබුණේ නෑ. මටත් දරුවො තුන්දෙනාටත් එයා පණට වගේම ආදරෙයි. මොන රාජකාරි වැඩ තිබුණත් දිනපතාම දරුවො තුන්දෙනාගේ පාසල් පොත්පත් බලා පාඩම් කියා දෙනවා. පාසල් වැඩ ගැන සොයා බලනවා.


නිල කාමරයේ සිට නිවසට පැමිණි එයා ලොකු දුවට ළඟට කතාකරල එයාගේ හිස අතගා නංගිලා දෙන්නා හොඳට බලාගන්න කියල එක්‌ වරම ඉනේ තිබුණු පිස්‌තෝලය අතට අරගෙන පපුවට වෙඩි තියා ගත්තා.


මගෙත් දරුවො තුන්දෙනාගෙත් ලතෝනියට පොලිසියේ නිලධාරීන් නිවසට ආවා. ඒ අය ඒ මොහොතේම මහත්තයව ඇල්පිටිය රෝහලට ගෙන ගියා. අනේ දෙවියනේ ඒ වන විටත් මගේ මහත්තයා ජීවිතයෙන් සදහටම සමුගෙන තිබුණා. මේක මට සිහිනයක්‌ වගේ. අදහාගන්න බෑ.
"

Related Posts Plugin for WordPress, Blogger...