රන්ජන්ගේ අපි නොදත් කැරැට්ටුව
Monday, February 18, 2013
එහිදී පැමිණිලි පාර්ශවයේ නීතිඥ වරයාගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් රන්ජන් රාමනයාක තමා පිලිබඳ හැදින්විමක්ද සිදු කළේය. එහිදී මෙතෙක් අනාවරණය නොවූ කරණක් රන්ජන්ගේ හෙළි වුවා.
ඒ රන්ජන් රාමනයාක සිය රනගන දායකත්වය හොලිවුඩ් හා බොලිවුඩ් චිත්‍රපට සඳහාද ලබාදී ඇති බවය.
රන්ජන් ඒ බැව් කියා සිටියේ මෙලෙසින්.
"මේවනවිට මම චිත්‍රපට 65 ක පමණ ප්‍රධාන චරිතය රඟපාලා තිබෙනවා. අධ්‍යක්ෂණයෙන් චිත්‍රපට තුනකට දායකත්වය දී තිබෙනවා. ඊට අමතරව ටෙලි නාට්‍යය විස්සක විතර රඟපාලා තිබෙනවා. ගායකයෙකු ලෙස කැසට් පට 6 ක් නිකුත්කොට තිබෙනවා.
තිරකතා රචකයෙකු. ඇඳුම් නිර්මාණ ශිල්පියෙකු , නැටුම් ශිල්පියෙකු මෙන්ම දෙස් විදෙස් සංගීත ප්‍රසංග වලට ගායකයෙකු ලෙසින් සම්බන්ධ වී තිබෙනවා.
මීට අමතරව හොලිවුඩ් චිත්‍රපටයකට හා හින්දි චිත්‍රපටයකට රංගනයෙන් දායක වී තිබෙනවා."
