ගොසිප්9 වෙබ් අඩවිය මෙයින් අවසන් වන වගයි !


[2013 පෙබරවාරි 23] gossip9.com හා gossip9news.com වලින් පසු අප විසින් තෝරා ගත් තෙවන ලිපිනය වන gossip9news.blogspot.com ලිපිනයටද මේ වනවිට Telecom තුලින් පිවිසීමට බාධා එල්ලවී තිබෙන නිසා ගොසිප්9 වෙබ් අඩවියේ ගමන නැවත්වීමට රජයට අවශ්‍යය වී ඇති බව පැහැදිලිව පෙනී යයි. අප ඒ තීරණයට ගරු කරන්නෙමු.

අප වෙබ් අඩවියට මෙලෙස බාධා පැමිණවීම පිළිබඳව අප තුල ඇත්තේ කණගාටුවකි. රටේ බොහෝ මාධ්‍යයන් අන් ඇයගේ න්‍යාය පත්‍රයන්ට යටවී ක්‍රියාකරන සමයක අසාධාරණයට එරෙහිව, මුදල් හා වෙනත් පරමාර්ථ වලින් තොර වූ ස්වාධින පුවත් සේවාවක් ලබාදීමට අප කටයුතු කල ඇත්තෙමු.

වෙබ් අඩවිය තහනම් කල විට උසාවි ගානේ යාමටත්, අන්තර්ජාතිකව දැනුවත් කොට මෙය හෙලා දැකීමටත්, මාධ්‍යය නිදහස නැතැයි කියමින් පුවත්පත් වාර්තා පලකරගනිමටත්, ප්‍රොක්සි හරහා වෙබ් අඩවියට පැමිණ පුවත් නරඹන ලෙසත්, වෙබ් අඩවිය තහනම් කල පලිය ගැනීමට දිගින් දිගට පාලන පක්ෂයට දොස් කීමටත් අපට කිසිදු අවශ්‍යතාවයක් නැත.


එහෙයින් ඒ සියල්ලටම තිත තැබීමට කාලය පැමිණ ඇති බව අපට සිතේ. එහෙයින් වසර තුනක් වැනි කාලයක් තුලදී ගොසිප්9 පැමිණි ගමන තාවකාලිකව මෙයින් අවසාන වේ. මේ සමගම ගොසිප්9 වෙබ් අඩවිය, ෆේස්බුක් පිටුව, ගොසිප්9 SMS පුවත් සේවය, අනෙකුත් සියලු සේවා සේවාවන්හි යාවත්කාල කිරීම තාවකාලිකව නවතා දමනු ලැබේ.

නමුත් මෙම ලිපියට ලැබෙන ප්‍රතිචාර පමණක් සැමදා අනුමත වෙනු ඇත.

අපගේ වෙබ් අඩවි නාමය කිසිවෙකුට ලබා නොදෙන අතර එය අප සන්තකයේ දිගටම තැබෙනු ඇත.

අහිංසක නම් වඳුරාගෙන් පටන්ගත් සමාජ සත්කාරය නිර්මලාට හඬක් දීම දක්වා අප ඔසවා තැබුවේ ඔබය. ඔබගේ සහය නොවන්නට අපට මේ තරම් දුරක් පැමිණීමට නොහැකි වන්නේය. පසුගිය කාලය පුරා අප වෙත පුවත් එවමින්, ප්‍රතිචාර සඳහන් කරමින් සහය වූ ඔබ සැමට අපගේ ප්‍රණාමය හිමිවේ !!

අපගේ බිඳවැටීම පිලිබඳ බොහෝ දෙනා ඊ මේල් හා ෆේස්බුක් මගින් විමසා තිබුන අතර ඔවුන්ට පිලතුරු සැපයීමට නොහැකිවුයේ වෙබ් අඩවියේ තහනමත් සමග ඇතිවූ කාර්යබහුලත්වය හේතුවෙනි. 

gossip9.com හෝ gossip9news.com වෙත පනවා ඇති තහනම් රජය විසින් ඉවත් කල දිනයක අප විසින් නැවත පුවත් සේවාව ආරම්භ කරනු ලැබේ.

වාරණය කරන තෙක් පැරණි ලිපි නැරඹිය හැකි ලිපින
gossip9news.blogspot.in
gossip9news.blogspot.jp
gossip9news.blogspot.co.uk
gossip9news.blogspot.jp
gossip9news.blogspot.ru
gossip9news.blogspot.dk
gossip9news.blogspot.fr
gossip9news.blogspot.ae

 
අප යම් දිනක නැවත මෙම සේවාවන් අරඹන්නේ නම් ඒ බව දැනගැනීමට අපගේ ෆේස්බුක් පිටුව වෙත පිවිසෙන්න.
www.facebook.com/gossip9news


ඔබට ජය !
ගොසිප්9 සංස්කාරක මණ්ඩලය

ගොසිප්9 වෙබ් අඩවිය ලංකාව තුල තහනම් කරයි

[2013 පෙබරවාරි 21] gossip9.com හා gossip9news.com වලින් පසු අප විසින් තෝරා ගත් තෙවන ලිපිනය වන gossip9news.blogspot.com ලිපිනයටද මේ වනවිට Telecom තුලින් පිවිසීමට බාධා එල්ලවී තිබේ.

එම නිසා නිසා ඊට සමගාමීව පහත ලිපිනයන්ද වාරණය කරන තෙක් භාවිතා කල හැකිය.

gossip9news.blogspot.in
gossip9news.blogspot.jp
gossip9news.blogspot.co.uk
gossip9news.blogspot.jp
gossip9news.blogspot.ru
gossip9news.blogspot.dk
gossip9news.blogspot.fr
gossip9news.blogspot.ae
------------------------------------------------------------------------------

ඊයේ දිනයේ (20) සවස් කාලයේ සිට ගොසිප්9 වෙබ් අඩවියට Mobitel, Hutch, Etisalat අන්තර්ජාල සම්බන්ධතා ඔස්සේ පිවිසීමට නොහැකි විය.

ගොසිප්9 ෆේස්බුක් පිටුව ඔස්සේ අප සමග අදහස් හුවමාරු කරගත් බොහෝ දෙනා අප වෙත එම තත්ත්වය තහවුරු කළේය.

එමෙන්ම ඊයේ රාත්‍රියේදී අපට ලැබුණු තොරතුරු වලට අනුව සියලුම අන්තර්ජාල සේවා සපයන්නන් හට අප වෙබ් අඩවියට වැට බැඳීම සඳහා නියෝග ලැබී තිබුණි.

ඒවායින් Mobitel, Hutch, Etisalat ඊයේ දිනයේම ක්‍රියාත්මක වූ අතර Telecom, Lankabel, Dialog සඳහා අද උදෑසන පටන් ක්‍රියාත්මක වුනි. නමුත් සවස වනවිට ටෙලිකොම් වලින් පමණක් වෙබ් අඩවිය නැරඹිය හැකි විය.

මේ තත්ත්වය මත පාඨකයන් හට වෙබ් අඩවියට පැමිණීමට නොහැකි හෙයින් අපගේ ෆේස්බුක් පිටුව ඔස්සේ කල හදිසි දැනුවත්කිරීමකින් පසුව gossip9.com නාමය වෙබ් අඩවියෙන් ඉවත්කොට gossip9news.com යන නාමය භාවිතයට ගන්නා ලදි.

නමුත් පැය කිහිපයක් තුලදී Etisalat හා Mobitel තුලින් gossip9news.com යන නාමයද තහනම් විය. එබැවින් අප දැන් gossip9news.blogspot.com යන නාමය භාවිතයට ගෙන තිබේ.

නමුත් මේ වනවිට එම ලිපිනයද ටෙලිකොම් තුලින් පිවිසීමට බාධා එල්ලවී තිබේ.

ඒ අනුව ගොසිප් 9 වෙබ් අඩවියේ ගමන නැවත්වීමට රජයට අවශ්‍යය වී ඇති බව පැහැදිලිව පෙනී යයි.

අන්තර්ජාතික වෙඩි තැබීමට යෝෂිතත් යයි

ලබන 23 වෙනිදා නවසීලන්තයේදී ආරම්භ වීමට නියමිත Australasia 2013 අන්තර්ජාතික වෙඩි තැබීමේ තරඟයට යෝෂිත රාජපක්ෂද සහභාගී වීමට නියමිතයි.

රටවල් 40ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 600කට ආසන්න සංඛ්‍යාවක් මේ සඳහා සහභාගී වන අතර ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩකයන් 10 දෙනෙකු සහභාගීවේ.

එයින් නාවික හමුදාව නියෝජනය කරමින් සහභාගී වන ක්‍රීඩකයන් 4 දෙනා අතර ලුතිනන් යෝෂිත රාජපක්ෂද ඇතුලත්ව සිටී.

දික්කසාද නඩුවට ගිය ගයාන්ට බිරිඳගෙන් ගුටි වරුසාවක් !

පසුගිය කාලයේ රොෂාන් හා චතුරිකා විවාහය බිඳ වැටුනේ තුන් වන්නෙකුගේ පැමිණීමකිනි. ඒ අන් කිසිවෙකු නොව තවත් ටෙලි නාට්‍ය නළුවෙකු වූ ගයාන් වික්‍රමතිලකගේ පැමිණීමෙනි.

මේ හේතුවෙන් චතුරිකා හා රොෂාන් අතර පැවති විවාහය බිඳී ගිය අතර ගයාන් හා මහේෂි අතර පැවති විවාහයද බිඳී ගොස් තිබේ. පවුල් දෙකක් කඩා කප්පල් කල මෙම සිදුවීම අවසානයේ චතුරිකා රොශාන්ගෙන් වෙන් වුවා සේ ගයාන් සිය බිරිඳගෙන් ද වෙන්වී තිබේ.

ඒ අනුව අප පසුගිය පුවතකින් වාර්තා කරනු ලැබුවේ ගයාන් විසින් දරුවන් සඳහා නඩත්තු මුදල් ගෙවීමට එකඟව විවාහය අවසන් කල බවයි. ගයාන් එසේ නඩත්තු මුදල් ගෙවීමට එකඟ වුයේ ගයාන්ගේ බිරිඳ මහේෂි කඩවත පොලිසියට කරනලද පැමිණිල්ලකට අනුවයි.

ගායන ශිල්පින් තිදෙනෙක් යුග දිවියට

ක්‍රිෂාන්, ටෙහාන් , චන්දන යුගදිවියට

පසුගිය කාලයේ ජනප්‍රිය ගායන ශිල්පින් තිදෙනෙකු යුග දිවියට එළඹුනා. ඒ ඩොක්ටර් සංගීත කණ්ඩායමේ ක්‍රිෂාන් පෙරේරාත්, යොවුන් ගායක ටෙහාන් පෙරේරාත්, චන්දන ලියනආරච්චිත් ය

ඩොක්ටර් සංගීත කණ්ඩායමේ ක්‍රිෂාන් පෙරේරාගේ විවාහය කොටහේන ශාන්ත ලුසිකා දෙවු මැදුරේ සිදුවූ අතර ඔහුගේ මනාලිය වුයේ සචිනි වික්‍රමගේ යි.

"උණුහුම" ගීතයත් සමග ජනප්‍රියත්වයට පත් ටෙහාන් පෙරේරා විවාහ වී ඇත්තේ හශානි නම් යුවතිය සමගය.

ගොසිප්9 පුවතින් කුලප්පු වූ ITN නඩය

වේලුපිල්ලේ ප්‍රභාකරන් ගේ පුතාගේ ජායාරූප අප වෙබ් අඩවියේ පල වීමත් සමඟ ඊයේ ITN නාලිකාව විසින් එය ප්‍රධාන පුවතක් කරගන්නා ලදි.

ඔවුන්ගේ රාත්‍රී 7.00 හා 9.30 පුවත් මඟින් එසේ ගොසිප්9 වෙබ් අඩවියට ප්‍රචාරයක් ලබාදීම ගැන පලමුව අප ඔවුනට ස්තූතිවන්ත විය යුතුය.

වේලුපිල්ලේ ප්‍රභාකරන් ගේ පුතාගේ ජායාරූප පල වූයේ අප වෙබ් අඩවියේ පමණක් නොවන අතර ඉන්දියාවේ ද හින්දු පුවත්පත, බ්‍රිතාන්‍යයේ ඩේලිමේල් පුවත්පත, හා BBC පුවත් ඇතුළු ජාත්‍යන්තර ජනමාධ්‍ය ගණනාවක් ඒවා පල කර තිබුණි.

එසේ තිබියදී රටේ ජනතාව යනු රෑට ITN නිවුස් පමණක් බලා එහි පෙන්වූ ආසියාවේ ආශ්චෛර්යමත් දේශය හෙට උදාවේ යැයි සිතමින් පිළිකන්නට ගොස් සුළුදිය පහකර නිදාගන්නා ලිං මැඩියන් යැයි ඔවුන් සිතීම පිළිබඳව අප කණගාටු විය යුතුය.

දිය යට උමඟක් සහිත දකුණු ආසියාවේ ප්‍රථම මින්මැදුර

දිය යට උමඟක් සහිත දකුණු ආසියාවේ ප්‍රථම මින්මැදුර පෙරේදා බියගම ප්‍රදේශයේදී විවෘත වුණා.

එම උමඟ දිගින් අඩි 30ක් හා පළලින් අඩි 37කින් යුක්ත වන අතර අර්ධ කවාකාර උමඟේ ඉහල ප්‍රදේශයේ ඇති වීදුරුවෙන් මසුන් දැකගත හැකිය.

උමං මඟට ඉහලින් ඇති කරදිය ජල පරිමාව ලීටර් 200,000ක් වන අතර එය දරාගැනීමට යෙදූ ජපානයේ නිෂ්පාදනය කරන ලද වීදුරුවේ ගනකම අඟල් 3කි.

මානව හිමිකම් සහ ලංකාවේ ඉදිරි අභියෝග

ප්‍රභාකරන්ගේ පුතුගේ මරණයට පෙර ජායාරුප පළවීමත් සමග බොහෝ දෙනා අපව සම්බන්ධකොට එම ජායාරුප පිලිබඳ විමසීම් කළේය. අප වෙබ් අඩවියෙන් ඉවත් කලත් අන්තර්ජාතික වෙබ් අඩවි හරහා මෙම ජායාරුප පෙළ පල කලේ මෙයට පෙරය.

කොටින්ම ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව සිය සටන පටන් ගත්තේ ගිය වසරේ මානව හිමිකම් සමුළුව අවසානයේදීය. එතැන් පටන් දීර්ඝ කාලයක් ඔවුන් ලංකාවට විරුද්ධව සැකසු දත්ත ඔවුන් ඉදිරියේදී එලි දැක්වීමට නියමිතයි.

ඉරානය තුල බුද්ධ ප්‍රතිමා තහනම් වේ

ඉරානය තුළ බුද්ධ ප්‍රතිමා භාවිතය, විකිණීම, ප්‍රදර්ශනය කිරීම හා ගෙන්වීම මේවනවිට සම්පූර්ණයෙන් තහනම් කර තිබේ

එයට හේතු වශයෙන් ඔවුන් දක්වා ඇත්තේ එරට තුළ බුද්ධ ප්‍රතිමා හරහා අන්‍ය ආගමක් ප්‍රචාරණය විය හැකි බවය. මෙයට පෙර ඉරානය තුල සිම්සන් කාටුන් චරිතවල හා බාබි බෝනික්කන් අලෙවියතහනම් විය. 


ඉරානය තුල මෙතෙක් කල් තහනමට ලක්වුයේ බටහිර අයිතම පමණක් වූ අතර බුදුරුව තහනම් කිරීම මගින් ඔවුන් ප්‍රථමවතාවට බටහිර විරෝධය ඉක්මවා පෙරදිග භාණ්ඩ සඳහාද සම්බාධක පැනවීම ගැටලුවට කරුණකි.

මෙම තහනම් කිරීම පිලිබඳ එරට බලධාරීන් පවසන්නේ අන්‍යාගමිකයන්ට සිය ආගම ඇදහීමට ඉරානය තුල ඉඩ ඇති බවත් දැනට ඉරානයේ බොහෝ විට බුදු පිලිම භාවිතා වන්නේ නිවාස අලංකාරණයට හා මෝටර් රථවල තැබීමට නිසාවෙන් මෙම තහනමෙන් අන්‍යාගමිකයන්ට ගැටළුවක් නොවන බවය. 


තවද ඔවුන් මේ ඔස්සේ දක්වන අනෙක් මතය වන්නේ බුද්ධ ප්‍රතිමා ඔස්සේ ඉරානයේ සංස්කෘතිය ආක්‍රමණයට ලක්විය හැකි බවය.

බදුල්ලේ නිධන් හාරන නිමල් සිරිපාල ගේ ගෝලයෝ

බදුල්ල, ගලඋඩ, තලාකුඹුර , නුගගහහේන ප්‍රදේශයේ නිධානයක් ගොඩගනිමින් සිටි තිදෙනෙකු ඊයේ පොලිස් අත්අඩංගුවට පත්විය.

මෙය පෞද්ගලික ඉඩමක සංවර්ධන කටයුත්තක් සිදුකරන මුවාවෙන් සිදුකරන ලද්දක් බව වාර්තා විය.

එසේම ඉඩම් හිමිකරු පැමිණ පොලිස් නිලධාරීන්ට තර්ජනය කරනු දක්නට ලැබුණි.

මෙහි මාධ්‍යට හෙළි නොවූ පැත්ත මෙසේය.