හැකි තරම් බල මාළු කන්න - ඇමති විමල් ගෙන් ඉලීමක්
Wednesday, February 13, 2013
ඔහු මෙම ඉල්ලීම සමස්ත ශ්‍රී ලාංකිකයන්ගෙන්ම ඉල්ලා ඇත්තේ පසුගියදා මුල්ලේරියාවේදී පවතී රැස්වීමක් අමතමින්.
එහිදී අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ජපන් ජාතිකයන්ගේ මොලය මෙතරම් දියුණු වී ඇත්තේ බල මාළු අනුභව කිරීමෙන් බවයි.
එහිදී වැඩි දුර අදහස් දැක්වූ අමාත්‍යවරයා
"ජපන් ජාතිකයන්ගේ මොලය මෙතරම් දියුණු වුනේ ඔවුන්ගේ අධ්‍යාපන රටාව සහ ආහාර පරිභෝජන රටාව හින්දයි. අපි කෑවොත් උෂ්නයි කියන බල මාලුව ජපනා හැම තැනකින්ම අල්ලාගෙන යනවා.
අපේ බල මාළු ටිකත් අල්ලාගෙන ගිහින් ඔවුන් ආහාරයට ගන්නවා.
බල මාළුවා අපිට උෂ්න වෙන්නේ ඒ මාළුවා අපි පැය ගණන් එළියේ තියල ආහාරයට ගන්න නිසා.
එත් අල්ලාගත් අවස්ථාවේ අධිශීතකරණයක දාලා පසුව ශීතකරණයක දාලා ජපනාගේ ආහාර වේලට එකතුවෙන බලයා තරම් මොලය වර්ධනය වෙන වෙන ආහාරයක් නැහැ".
උෂ්ණාධික ආහාරයක් යනුවෙන් පවසා බලයා මාළු ආහාරයට ගැනීමෙන් නොවලකින ලෙස අමාත්‍යවරයා අවසාන වශයෙන් ඉල්ලා සිටිනවා.
