විවෘත විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ බංකු රාත්‍රියේ ගලවයි

විවෘත විශ්වවිද්‍යාලයේ සිසුන් සඳහා අධ්‍යයන කටයුතු කරගෙන යාමට එළිමහන් භූමියේ සකසාගෙන තිබූ ආසන (Bench) විශ්වවිද්‍යාල පරිපාලනය විසින් ඊයේ රාත්‍රියේදී අත්තනෝමතික ලෙස ගලවා ඇත. 

මේ සම්බන්ධයෙන් ආරක්ෂක අංශයෙන් ශිෂ්‍යයන් කල විමසීමේදී ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ ඉහලින් ආ නියෝගයකට තමන්ට කටයුතු කිරීමට සිදුව ඇති බවයි.ඒ අනුව ඊයේ රාත්‍රියේදී එයට විරෝධය පළකරමින් සිසුන් පෙළ ගැසීමෙන් විවෘත විශ්ව විද්‍යාලය තුල උණුසුම් තාවයක් හටගෙන ඇත.

මෙම සිදුවීම වීමට ප්‍රථම උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී දිසානායක සහ විවෘත විශ්ව විද්‍යාලයේ උපකුලපති වරයා වන ආචාර්ය විජිත නානායක්කාර මහතා සමග පැය ගණනක සාකච්චාවක් පවත්වා ඇති අතර ඉන් ටික දිනකට පසුව ලබන 15 වන දින අධ්‍යයන කටයුතු කරගෙන යාමට එළිමහන් භූමියේ සකසාගෙන තිබූ ආසන (Bench)ඉවත්කිරීම සඳහා විශ්ව විද්‍යාලය වසා දමන බවට දැන්වීමක් ප්‍රදර්ශනය කර ඇත. 



මෙයට අමතරව මේ වනවිට විවෘත විශ්ව විද්‍යාලයේ සිසුන් පස් දෙනෙකුගේ අත්තනෝමතික ලෙස පන්ති තහනමක ලක්කොට ඇත්තේ තහනම් කල ක්‍රීඩා පිටියක ක්‍රීඩා කිරීමේ හේතුවෙනි. 

මේ සම්බන්ධව කරුණු විමසීම සඳහා අප උපකුලපති වරයා වන ආචාර්ය විජිත නානායක්කාර මහතා සම්බන්ධකරගැනීමට උත්සාහ කලත් උදෑසනම සිට රැස්වීමක සිටිනබැව් පැවසු හේතුවෙන් සම්බන්ධ කරගැනීමට නොහැකිවිය.

Related Posts Plugin for WordPress, Blogger...