ගුගල් වලින් "SEX" සොයා ලංකාව පළමු තැනට

අප්‍රේල් , දෙසැම්බර් නිවාඩු සමයේ වැඩිම සෙවුම් ප්‍රමාණයක් 

ලෝකප්‍රකට සෙවුම් යන්ත්‍රයක් වන ගුගල් සෙවුම් යන්ත්‍රය විසින් එලි කරන ලද දත්ත වලට අනුව 2012 වසරේ ලිංගිකත්වය පිලිබඳ වඩාත් සොයා ඇත්තේ ශ්‍රී ලංකාවය. 

මෙහිදී අසල්වැසි ඉන්දියාව ශ්‍රී ලංකාවට පරාවෙමින් දෙවන ස්ථානයේ රැඳී ඇත. 2012 වසරේ ලාංකිකයන් විසින් ලිංගිකත්වය පිලිබඳ වැඩිපුර සොයා ඇත්තේ 2012‍ අප්‍රේල් මස 15 වනදා සිට අප්‍රේල් 21 දක්වාත් 2012 දෙසැම්බර් මස 23 වන දින සිට දැනට ගතවන සතිය බව හෙළිවී ඇත. 

ඒ අනුව පෙනී යන්නේ නිවාඩු සහිත කාල වකවානු වල එම යෙදුම ගුගල් ඔස්සේ සෙවීම ඉහලගොස් ඇති බවය.

එසේම ඉන්දියාවේ අන්තර්ජාල පරිශීලකයන් විසින් 2012 නොවැම්බර් 11 වනදා සිට 17 දක්වා අතර සතියේදී මෙන්ම 2012 ඔක්තෝබර් 21 සිට 27 දක්වා සතියේදී ශ්‍රී ලාංකිකයින්ට වඩා මේ පිළිබඳ තොරුතුරු සොයා ඇත.

එම වාර්තාවට 2012 වසරට අදාළව ලිංගිකත්වය පිළිබඳ තොරතුරු සෙවු රටවල් අතර ඉදිරියෙන් සිටින රටවල් 10 හා ගුගල් ඔස්සේ වැඩිපුරම සොයා ඇති යෙදුම් වන්නේමෙසේය.


මෙසේ ගුගල් ඔස්සේ සොයන ලද සෙවුම් වදන් වැඩිපුරම සොයා ඇති රටවල් පිලිබද අවබෝධයක් ලබාගැනීමට පහත සබැඳියෙන් පිවිස අදාළ යෙදුම ඇතුලත් කරන්න
http://www.google.com/trends/

Related Posts Plugin for WordPress, Blogger...