පිළිකාවෙන් කළුවූ චාවේස් "සුදු" කිරීමට ජනපතිගෙන් ඇරයුම් ?

වෙනිසියුලානු ජනාධිපති හියුගෝ චාර්වේස් මහතා පිළිකා රෝගී තත්වයක් හේතුවෙන් දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබයි.

ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය ඉතා ඉක්මනින් යහපත් තත්වයට පත්කිරීම සඳහා තමා දන්නා ශ්‍රී ලංකාවේ දක්ෂ පළපුරුදු වෛද්‍යවරයෙකුගේ සහය ලබාදීමට සුදානම් බව ලිපියක් යවමින් ජනාධිපතිවරයා විසින් වෙනිසියුලානු ජනාධිපතිවරයා වෙත දන්වා ඇත.


ඇතැම් පුවත්පත් විසින් "වෛද්‍යවරු" යැවීමට සුදානම් බව පවසුවදා ජනාධිපතිවරයා යැවූ ලිපියේ සඳහන් වන්නේ එක් වෛද්‍යවරයෙකු ගැන පමණි.

එම ලිපියේ කොටසක පරිවර්තනයක් පහතින් බලන්න


"ඔබ දැනට කියුබා ජනරජයෙහි වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටින බව මට දැනගනීමට ලැබී ඇති අතර ඔබට කඩිනම් සුවය ලැබේවායි මම ඉතසිතින් පතමි. 


වෙනිසියුලා ජනතාවගේ , ශ්‍රී ලංකාවේ හා ලොව පුරා ඔබට සිටිනා මිතුරන්ගේ සුබපතුම් හා යාඥා ඔබට ඉක්මන් සුවය ලබාදීමට උපකාරී වනු ඇති අතර මම බලාපොරොත්තු වනවා මගේ රටේ සිටින ඉතා පළපුරුද්දක් ඇති වෛද්‍යවරයෙකුගේ සහය ඔබවෙත ලබාදීමට . මගේ මතය අනුව ඔබගේ ඉක්මන් සුවය සඳහා ඔහු සුවිශේෂී කාරණයක් වනු ඇත".

පිළිකාවකින් පිඩා ලබන විදෙස් රටක ජනාධිපතිවරයෙකුට ඉක්මන් සුවය ලබාගැනීම සඳහා රාජාතාන්ත්රික මට්ටමේ මැදිහත්වීමකින් ලංකාවේ සිට යැවීමට බලාපොරොත්තු වන විශේෂ හැකියාවක් ඇති වෛද්‍යවරයා ගැන සිතා ගැනීම බාර කරන්නෙමු.

Related Posts Plugin for WordPress, Blogger...