නොස්ට්‍රඩාමුස් ලෝක විනාශය ගැන අනාවැකි පැවසුවේ ගංග්නම් ගීතය හරහාද?

නොස්ට්‍රඩාමුස් යනු 1503-1566 අතර කාලයේ විසූ වසර සිය ගණනක් ඉදිරිය ගැන නිවැරදිව අනාවැකි කියූ අනාවැකිකරුවෙකි.

ඔහු විසින් මීට වසර 500කට පෙර කියන ලද අනාවැකි අතර ඉන්දිරා ගාන්ධි ගේ මරණය, ඩයනා කුමරියගේ මරණය, 9/11 ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ල කළ ප්‍රහාරය ආදී සත්‍යවූ අනාවැකි ගණනාවක් ඇත. ඒවායින් කිහිපයක් මෙතනින්.

නොස්ට්‍රඩාමුස් ලෝක විනාශය ගැන අනාවැකි පැවසුවේ ගංග්නම් ගීතය හරහා බව පවසමින් මේ දිනවල ලෝ පුරා ජනප්‍රිය ගංග්නම් ගීතයද ලෝක විනාශය සමඟ ඈඳා අන්තර්ජාලය හරහා මතයක් ගොඩ නගා තිබෙනවා.


"From the calm morning, the end will come
When of the dancing horse
the number of circles will be 9"
ලෙස නොස්ට්‍රඩාමුස් ප්‍රකාශ කර ඇති බවත් ""The Land of the Morning Calm"" ලෙස හඳුන්වන්නේ කොරියාව නිසා එම ගීතයට මෙම කියමන ගැලපෙන බවයි එමඟින් කියවෙන්නේ.

තවද ගංග්නම් නර්තනයේ අශ්වයෙකුගේ පිටේ යන දසුනක් තිබෙන නිසාත්, බින්දු නවයක කතාවක් කියවෙන නිසා බින්දු නවයකින් යුත් බිලියනක් එම ගීතය නරඹීමත් සමඟ ලෝක විනාශය වන බවත් එමඟින් කියවෙනවා.

එම වීඩියෝව පහතින්.



නමුත් සැබෑවටම නොස්ට්‍රඩාමුස් මෙවැන්නක් ප්‍රකාශ කලාද? නැත.

මෙවැනි ප්‍රකාශයක් නොස්ට්‍රඩාමුන් පවසා නැත. ඔහුගේ සෑම වාක්‍යයක්ම පේලි 4කින් යුක්තය. මෙහි ඇත්තේ පේලි 3ක් පමණි.

මේ අතර ෆ්ලෑෂ්බෑක් සංගීත කණ්ඩායමද පසුගියදා ගංග්නම් ගීතය ගායනා කර තිබුනේ පහත ලෙසයි



-සම්බන්ධිත පුවත්-
1. අශාන්තිගේ ගැංග්නම් ගීතය
2. ඔබාමා හා රොම්නිගේ ගැන්ගම් නර්තනය
3. බෑන් කි මුන් ගේ ගැන්ගම් ස්ටයිල්
4. කොරියානු රැප් ගායකයාගේ ලොව වසඟ කළ ගැන්ගම් නර්තනය

Related Posts Plugin for WordPress, Blogger...