ලංකාවට වැටුනු උල්කාපාත
Monday, December 17, 2012
සෑම මසකම උල්කාපාත වර්ෂාවන් පෘතුවියට දර්ශනය වන අතර 2012 වසරේ මෙවන් උල්කා වර්ෂා 57ක් පමණ දක්නට ලැබුණු බවයි වාර්තා වෙන්නේ.
නමුත් පැයකට වැටෙන උල්කා ප්‍රමාණය අනුව වේවායේ වැදගත්කම තීරණය වේ.
සෑම වසරකම දෙසැම්බර් මාසයේ දක්නට ලැබෙන "ජෙමිනිඩ්ස්" උල්කාපාත වර්ෂාව" මෙම වසරේ ලංකාවට දිස්වූ හොඳම උල්කාපාත වර්ෂාවයි. පැයකට උල්කාවන් 120ක් පමණ දර්ශනය වූ එහි උපරිමය පසුගිය 14, 15 දිනවල වාර්තා වුනා.
2012 වසරේ දර්ශනය වූ උල්කාපාත වර්ෂාවන් හා පැයකට වැටෙන උල්කාවන් පිළිබඳව විස්තර මෙතනින්.
පෘතුවියේ ගමන් මාර්ගයේ එක් පසකින් මෙම ග්‍රහක වලාවන් හමුවන නිසා ඒවා දර්ශනය වන කාල සීමාවන් රටෙන් රටට වෙනස්ය. ලංකාවට පසුගියදා මෙම උල්කා වර්ෂාව දර්ශනය වූයේ අලුයම 2.00 ත් 4.00 ත් අතර පාන්දර කාලයේය.
උල්කාවක් දර්ශනය වන්නේ පෘතුවි වායුගෝලයට ඇතුල්වූ ග්‍රහකයක් ගිනිගෙන දැවීමේදීය. තත්පර කිහිපයකදී හෝ විනාඩි කිහිපයකදී ඒවා දැවී යන අතර ග්‍රහකයේ ප්‍රමාණය විශාල නම් ගිනිගෙන දැවී යාමට පෙර පොළොවට පතිත විය හැකිය. පසුගියදා ලංකාවේ ප්‍රදේශ කිහිපයකට මෙම උල්කා වැටී තිබුණා.
දිඹුලාගල ගල් පර්වතයට වැටුණු උල්කාව

පසුවදා උදෑසන ගල් පර්වතය පරීක්‍ෂා කළ දිඹුලාගල සේනාසනයේ හිමිවරුනට උල්කාපාත කැබලි ගණනාවක් සොයාගැනීමට හැකිවී තිබේ. ඒ පිළිබඳ වීඩියෝව හා ජායාරූප පහතින්.
මීගහකිවුලට වැටුනු උල්කාව

"මේ අපූරු ගල් කැටේ මට හම්බ වුනේ හවස දෙකට විතර මිදුලේ යද්දී. මීට පෙර මෙවැනි දෙයක් නොතිබූ බව මට විශ්වාසයි. මෙතන හොඳට අතුගාලා පිරිසිදුව තියාගන්නා තැනක්. කවුරුත් මේක ගෙනාවෙත් නැහැ. හුඟ දෙනෙක් කියන්නේ මේක අහසින් වැටුනු ආකාශ වස්තුවක් කියලයි"
එහි ජායාරූප කිහිපයක් පහතින්.
වලස්මුල්ලට වැටුනු උල්කාව

ප්‍රදේශයට වැසි හෝ අකුණු සැර වැදීමක්ද සිදු වී නොමැති බවත් කොස් ගහ පිහිටා තිබෙන්නේ පාලු ඉඩමක බවත් පැවසේ.
අඩි 15ක් තරම් උස් කොස් ගසේ දෙබලය අසලින් ගිනිගෙන විශාල අත්තක් බිමට ගැලවී ඇති අටර කොස් ගහේ ඉහළ අත්තක කොටසක් ගිනි වතුරකට හසුවූවා සේ කොළ වියළි ගොස් තිබිණි. කොස් ගසේ කඳ කොටසේ විශාල බෙනයක් තිබුණ අතර ඉහළ සිටම කොස් ගස ගිනි ඇවිලී තිබේ.
සිද්ධිය ඇසින් දුටු වසන්ති මහත්මිය පවසන්නේ.
"අපේ ගෙදර තියෙන්නේ කොස් ගහට උඩ පැත්තේ කොස් ගහ තියෙන්නේ පාළු ඉඩමක. මම එළියට එනවිට කොස් ගහේ මුදුණෙන් මහා ගිනි ජාලාවක් දැක්කා. පුපුරු ගහමින් ගින්දර විසිවුණා. හරියට මල්වෙඩි වගේ. මොකක්ද කියලා දන්නේ නැහැ. ගමේ අයත් එතනට දුවගෙන ගියා. අහසෙන් වැටෙනවා දැක්කේ නැහැ. ගහ උඩ ගිනිගන්නවා දැක්කා. අමු ගහක් මෙහෙම ගිනිගන්නේ කොහොමද? විශාල ගින්දරක් තිබුණේ."
එහි ජායාරූප කිහිපයක් පහතින්.
ටෙක්සාස් ප්‍රාන්තයට වැටුනු උල්කාව

නාසා ආයතන්යේ Meteoroid Environment කාර්යාලයේ කැමරාවක් මෙය සටහන්ව තිබෙන බවයි වාර්තා වෙන්නේ. එහි වීඩියෝවක් පහතින්.
උල්කාවක් වැටුනු විට අපට පත්තර පිටු ගනන් ජායාරූප දක්නට ලැබෙන්නේ මිනිසුන් ඒවා අතේ කරේ එල්ලාගන පවුල් පිටින් වටවී පත්තර වලට මුහුණ දමාගන්නා ජායාරූපයි.
නමුත් මෙවන් උල්කා කොටස් පෘතුවියට අයත් ඒවා නොවන නිසා ඒවායේ අප නොදන්නා ශරීරයට අහිතකර විවිධ විකිරණ තිබිය හැකි බැවින් ඒවා අතින් ඇලීම නොකල යුතුය.
තත්පර කිහිපයකදී ගිනිගෙන පොළොවට වැටෙන මේවා උල්කා ලෙස හඳුන්වන අතර පසුගිය කාලයේ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ හා චන්දන ජයරත්න පැවසූ පරිදි ඒවා අහසේ එකතැන පාවි පාවී පැය 3ක් පමණ තිබෙන්නේ නැත.
මීට පෙර ආරක්ෂිත කැමරාවක සටහන් වූ උල්කාව, බ්‍රහස්පතීගේ ගැටුනු උල්කාවේ වීඩියෝ සමඟ පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේ මාතලේ විල්ගමුව ප්‍රදේශයට වැටුනු උල්කාවක් පිළිබඳ විස්තර පහතින්.
-සම්බන්ධිත පුවත්-
1. මාතලේට වැටුන උල්කාපාත කොටස්
2. ආරක්ෂිත කැමරාවේ සටහන්වූ උල්කාව
3. බ්‍රහස්පතිගේ ගැටුණු උල්කාව වීඩියෝගත කරයි
4. දින 2කට පෙර හඳුනාගත් විශාල ග්‍රහකයක් ඊයේ පෘතුවිය ලඟින්ම ගිහිල්ලා
5. පෘතුවිය අසලින් විශාල ග්‍රහකයක් අද ගමන් කරයි
6. තවත් දැවැන්ත ග්‍රහකයක් හෙට පෘතුවිය ආසන්නයෙන්ම ගමන් කරයි.
7. චන්ද්‍රයා මෙන් 15 ගුණයක එළියක් සහිත වල්ගාතරුවක් ලබන වසරේ දර්ශනය වේ
