සම්පත් අත්තටගේ සාමාන්‍ය පෙළ විද්‍යාව ප්‍රශ්න පත්‍රය පිට කළ හැටි


ප්‍රශ්න සමාන වුයේ වසර 19 ක පළපුරුද්ද නිසාලු

පෙරේදා (15 වැනිදා) පැවැති සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යාව පළමු ප්‍රශ්න පත්‍රයේ ඇතුළත් ප්‍රශ්න 40 න් ප්‍රශ්න 18 ක්‌ම ඊට පෙර ඒ ආකාරයෙන්ම අනුමාන ප්‍රශ්න පත්‍රයක සාකච්ජා කර තිබෙනවා.

ඒ පෙර කොළඹ, ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයක පෞද්ගලික උපකාරක පංති ගුරුවරයකු වන සම්පත් අත්තටගේ විසිනි.

ඔහු විසින් ලබාදුන් ලබාදුන් විද්‍යාව බහුවරණ අනුමාන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 18ක්ම විද්‍යාව ප්‍රශ්න පත්‍රයට ඇතුළත් වී ඇත.


අනුමාන ප්‍රශ්න පත්‍රයේ 12, 14, 15, 17, 19, 23, 25, 27, 28, 30, 32, 35, 37, 38, 41, 43, 45 හා 47 යන ප්‍රශ්න සාමාන්‍ය පෙළ ප්‍රශ්න පත්‍රයේ පිළිවෙලින් 22, 24, 38, 23, 25, 26, 37, 36, 27, 28, 39, 29, 30, 31, 32, 33, 34 සහ 35 යන ප්‍රශ්න අංකවල එලෙසම ඇතුළත් වී ඇත.

එදින විභාගය ආරම්භවීමට පෙර ගම්පහ දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක සිසුන් මෙම අනුමාන ප්‍රශ්න පත්‍රය සාකච්ඡා කොට ඇති අතර ඒ පිලිබඳ දැනගත් දෙමාපියන් කිහිපදෙනෙකු විසින් විභාග දෙපාර්තමේන්තුවට පැමිණිලිකොට ඇත.

ඒ අනුව විභාග කොමසාරිස් ජනරාල්වරයා විසින් අදාළ සිද්ධිය සම්බන්ධ විශේෂ පරීක්ෂණයක් සිදුකරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇතත් මේ වනවිට එම පරීක්ෂණ යටගසෙමින් පවතින්නේ සම්පත් අත්තටගේ නම් ගුරුවරයා දේශපාලන බලයකින්ද යුත් පුද්ගලයෙකු වීම නිසාවෙනි.

ගොසිප් 9 කල සොයාබලිමක්දී හෙළි වුයේ එම ගුරුවරයාට නිසැක වශයෙන්ම ප්‍රශ්න පත්‍රය ලැබී ඇති බවත් එය ළමුන්ට ලබාදීම සඳහා ඔහු දැඩි වෙහසක් ගත් බවය.

එම ප්‍රශ්න විභාගයට එන බව ඒත්තු කිරීමට "හිනා මුහුණක්" අදාළ ප්‍රශ්නය ඉදිරියේ මුද්‍රණය කොට ඇති අතර එම ගුරුවරයාට නොතේරන ගැටළු පවා වෙනත් ගුරුවරයෙකුගේ සහයෙන් විසදාගෙන ළමුන්ට කියාදී ඇත.

සාමාන්‍ය දැනුම විමසා බැලීම සඳහා ලබා දී ඇති විභාග දෙපාර්තමේන්තුව ප්‍රශ්න පත්‍රයේ 38 සහ 40 ප්‍රශ්න දෙක අකුරක්‌වත් වෙනස්‌ නොවී උපකාරක සම්පත් අත්තටගේ විසින් නිකුත්කළ ප්‍රශ්න පත්‍රයේ ඒ අයුරින්ම සඳහන්ව ඇත. එය කිසිසේත්ම අනුමාන කල නොහැකි ප්‍රශ්න දෙකකි. 


මේ අතර රහස් පොලිසිය විසින් පැය 4කට ආසන්න කාලයක් ප්‍රශ්න කොට තිබෙන අතර ඔහු ප්‍රකාශ කොට ඇත්තේ තමන් අවුරුදු 19ක් උපකාරක පන්ති පවත්වන බවත්,විභාගයට පෙර පරණ ප්‍රශ්න පත්‍ර පරිශීලනය කොට මේ ප්‍රශ්න පත්‍රය සැකසූ බවත්ය. දිගු කලක් මේවා පරිශීලනය කරන අයෙකුට රටාව හදුනා ගත හැකි බවද ඔහු පවසා තිබේ.
 

මේ අතර විද්‍යාව ප්‍රශ්න පත්‍රයේ දෙවැනි කොටසේ හයවැනි ප්‍රශ්නයේ ඇති සුශුම්නාවේ හරස්කඩ රූප සටහනේ ශ්වේත ද්‍රව්‍ය හා ධුසර ද්‍රව්‍ය ඇති ස්ථාන නම් කර ඇත්තේ වැරදියට බව මේ වනවිට චෝදනා එල්ලවෙමින් පවතී .




අනුමාන ප්‍රශ්න පත්‍රය



විභාග ප්‍රශ්න පත්‍රය






Related Posts Plugin for WordPress, Blogger...