ලෝක විනාශය, සුනාමි හා භූමිකම්පා ගැන කියූ අනාවැකි සියල්ලම බොරු වෙයි !!
Monday, December 31, 2012
2012 දෙසැම්බර් 21 වනදා මායාවරුන්ගේ කැලැන්ඩරය අවසන් වීම නිසා ඒ මතින් ගොඩ යෑමට අනාවැකිකරුවන් රැසක් පහල විය.
ඒ අතර ලංකාවේ සිටි අනාවැකිකරුවන් හා ජ්‍යේතිෂ්‍යවේදීන් රාශියක් වූ අතර අන්තර්ජාලය ඔස්සේ සොයාගත් විස්තර හා ඔලුවේ මැවුණු මස්ගාත වලින් පට්ටපල් බේගල් රාශියක් ඔවුන් පසුගිය කාලයේ ඇදබා තිබුණි.
කෙබරයක් වූ ආරාණ්‍යවාසී භික්ෂුවගේ අනාවැකිය
2011 වසරේ ජූනි 21 වනදා අප වෙබ් අඩවිය මඟින් ලිපියක් පළ කලේ ආරාණ්‍යවාසී භික්ෂුවක් විසින් පැවසූ අනාවැකියකි. එය අප උපුටාගන්නා ලද්දේ ඉරිදා ලංකාදීප පුවත්පතේ සඳැල්ල අතිරේකයෙනි. එහි සඳහන් වූ කරුණු කිහිපයක් මේසේය.
1) මනුෂ්‍ය පැවැත්ම භයානක ලෙස පිරිහේ. 2012.12.12 වන විට පෘථිවිය කරා පැමිණෙන ග්‍රාහකයක් වෙත මනුෂ්‍යයන් විසින් න්‍යෂ්ටික ප්‍රහාර එල්ල කිරීමෙන් එහි විශාල කොටසක් සියදහස් ගණන් කැබලි වලට කැඩී පෘථිවිය පුරා විසිරී යාමෙන් හා ග්‍රාහකය කඩා වැටීමෙන් කෝටි සංඛ්‍යාත මනුෂ්‍යයන් විනශ වනු ඇත.
2) මෙලෙස දින 14 පුර පවත්නා ලොව ව්‍යසන කාලය තුල පාපී මිනිසුන් ස්වභාව දහමේ අදුරු ආගාධයන් කරා රැගෙන යනු ඇත. මෙම විෂමතාව 2012, 2013, 2014 වර්ෂ අවසානය තෙක් ලොව පවතිනු ඇත. ලොව යුධ සභ්‍යත්වය 100% ක් විනාශ වූ විට ස්වභාව දහමේ පාප හරන ක්‍රියවලිය සංසිදේ.
3) 2012.11.18 හිරුගේ අධි ක්‍රියාකාරිත්වය හේතුවෙන් හිරුගේ කොටසක් කැඩී හිරු මඩලින් වෙන් වෙන අතර එය සිකුරු ග්‍රහ ලෝකයේ ගැටී ඉන් කොටසක් සමග පෘථිවියට ලගා වේ.
එම සම්පූර්ණ ලිපිය මෙතනින්.
පසුව ජනතාව තවත් දැනුවත් කිරීම සඳහා 2011 වෙසක් පොහෝ දින එම ආරාණ්‍යවාසී භික්ෂුව විසින් තම අනාවැකිය ඇතුළත්කොට වෙබ් අඩවියක්ද දියත් කරන ලදී. එම වෙබ් අඩවියට මෙතනින්.
නමුත් ඒවා කිසිවක් සිදුවූයේ නැත. ඒවා පට්ටපල් කෙබර බවට දැන් හෙළිවී හමාරය.
සම්‍යක් දෘෂ්ටික දෙවිවරු මාර්ගයෙන් ලැබුණැයි කියූ ගල් පැලෙන කෙප්පය
මේ අතර එක්තරා වෙබ් අඩවියක් මඟින් පළකර තිබුනේ සම්‍යක් දෘෂ්ටික දෙවිවරු මාර්ගයෙන් භාවනානුයෝගියෙක් එම වෙබ් අඩවියට පැවසූ ගල් පැලෙන කෙප්පයකි.
සම්‍යක් දෘෂ්ටික දෙවිවරු මාර්ගයෙන් ලැබුණු දැනුම ශ්‍රී ලාංකික ජනතාවගේ අවධානය පිණිස ඉදිරිපත් කරන බවත් 2011 සැප්තැම්බර් අන්තිම සතියේ සිට 2012 සැප්තැම්බර් අන්තිම සතිය අතරතුර ලංකාවේ විනාසය සිදුවන බවත් එමඟින් කියවුණි.
උදේ-දවල්-රෑ විදේශ කුමන්ත්‍රණ ගැන පූචානම් දොඩවන මංත්‍රීවරයෙයෙකුට එම වෙබ් අඩවිය අයත් නිසාදෝ එම අනාවැකියේ "ලංකාව විදේශ රටවල ආක්‍රමණයට යටත් වන බවත්, ලංකාව විශාලා මහනුවරක් වන බවත්" සඳහන් විය.
"ලියලා තියාගන්න, අපේ රටට එක මිසයිලයක් හරි පාත් වෙනවා. ආර්ථික සම්බාධක පැනවෙනවා" යනුවෙන්ද පවසා තිබුනද ලංකාවට එල්ලවූ මිසයිලයක් නැත. සම්බාධක වැටුනේද නැත. එවැනි පූචානම් කතා දෙඩුවේ විමල් වීරවංශ අමාත්‍යවරයා බැවින් ඔහුගේ බලපෑමකට භාවනායෝගියා එවැන්නක් කියූවාදැයි සැකය.
එම වෙබ් අඩවියේ අවුරුද්දක් පරණ පුවතක් අහම්බෙන් හෝ එක් වරක් refresh කල විට එම පුවත බැලූ ගණන 1-20 අතර අහඹු සංඛ්‍යාවකින් වැඩිවන ලෙස එකල සකසා තිබූ නිසා එම ලිපිය ලංකාවේ වැඩිම පිරිසක් නැරඹූ බවත් ඔවුන් පවසා තිබුණි.
එම සම්පූර්ණ ලිපිය මෙතනින්.
හෝමාගම ඇල්බට් සුදසිංහගේ ගජබින්නය

2004 සුනාමිය දා තිබු ග්‍රහචාරයම 2012 දෙසැම්බර් 28 වනදා උදේ 6.30 ට උදා වන බව ඔහු පවසා තිබුනේ එදිනටද සුනාමියක් ආවොත් ඔන්න මම කල්තියාම කිව්වා යනුවෙන් පැවසීමටය.
ග්‍රහචාරය අනුව "21 වැනිදා සිට 28 වැනිදා දක්වා කාලය තුළ රටටත් ලෝකයටත් බලපාන ස්වාභාවික ව්‍යසනකාරී තත්ත්වයක් නිර්මාණය වීට ඉඩ නැතුවා නොවේ." යනුවෙන් ඔහු පැවසුවද කිසිවක් සිදුවූයේ නැත. ඒ අනුව ඔහුගේ අනාවැකියද බොරුවක් විය.
ලලිත් විජේවර්ධනගේ වැරදුනු අනාවැකිය

"මං මේක සුනාමි අනාවැකියක් කියලා කියන්නේ නෑ. මෙක ගොඩබිමට වෙන්න පුළුවන්. මං කලින් මුහුදු තීරයට ගිහින් කිව්වා සුනාමියක් කියලා. මොකද මේ භූමි කම්පා ගැන පස් සාම්පල් වලින් අවුරුදු 3 කට කලින් කියන්න පුළුවන්. 29 වනදා මේ භූමිකම්පාව වෙනවා." යනුවෙනි.
අඩුම තරමින් මෙතෙක් කලක් මාසයක් පමණ තිස්සේ භූ කම්පනයක් නිසා හෙල්ලුණු අම්පාර දිස්ත්‍රික්කය ඊයේ ගල්බෝරයක් දැමීමෙන් වත් හෙල්ලී තිබුණේ නැත. ඒ අනුව ඔහුගේ භූමිකම්පා අනාවැකියද වැරදී ගියේය.
ඒ බව 2012 දෙසැම්බර් 15 දිනමිණ ලිපිය මෙතනින්. ඔහු පැවසූ කතාව පහතින්.
ලංකාවේ පුද්ගලයෙකු කළ බවට ප්‍රචාරය වූ සුරංගනා කතාව
මේ අතර ලංකාවේ පුද්ගලයෙකුද අනාවැකියක් පළ කලේ ලෝක විනාශය ගැනය. එය 2011 මාර්තු මාසයේ ලංකාදීප පුවත්පතේ පළවූ අතර එය උපුටාගන ගොසිප්9 වෙබ් අඩවියේ එම ලිපිය පලවී තිබුනේ මෙසේය.
"නුදුරු අනාගතයේදී මුළු ලෝකයටම විශාල හානියක් සිදු වේ. එයින් ලෝක ජනගහනයෙන් තුනෙන් එකකට වැඩි පිරිසක් මිය යයි. විශාල දේපල හානියක් සිදුවේ. මහ පොලවේ තැනින් තැන මුහුදු බත් වේ. සමහර රටවල් කැබලි වලට කැඩී යන අතර ඇතැම් කොටස් සොයාගැනීමට පවා නොහැකි වේ.
මෙය හේතුව හිරුගෙන් කොටසක් කැඩී හිරු මඩලෙන් පිටට පැන වෙන් වී තවත් ග්‍රහලෝකයක ගැටී එයින් කොටසක් සමග පෘතුවිය කරා ඇදී ඒමයි. එම කැබලි පෘථිවියට ලංවන විට තව තවත් කැබලි වලට කැඩී පෘථිවිය මත පතිත වේ.
විශාල කොටසක් පතිත වන්නේ අරාබි කරයේ කාන්තාරයකටය. තාප බලපෑම් නිසා එසේ සිදුවේ.තවත් කොටසක් පතිත වන්නේ ඉන්දියාව සතු බිමකටය. ඇමරිකාව ඇතුළු යුරෝපයේ රටවල් කිහිපයකටම මෙම කැබලි පතිත වේ. හිම මිදෙන ප්‍රදේශයකට වැටෙන කැබලි නිසා හිම කඳු දිය වී විශාල රල පහරවල් අඩි 20,30 උසට රටවල් තුලට කා වදී.
ඔස්ට්‍රේලියාවට වැටෙන කැබලි විශාල හෙයින් රල පහරවල බලපෑමෙන් එරටට විශාල හානියක් සිදු වේ. මේ උල්කාපාත වැටීමෙන් ජනිතවන කම්පනයෙන් ශරීර අවයව පුපුරා මිනිසුන් හා ජීවීහු කෝටි ගණනක් මියදෙති." යනුවෙනි.
එපමනක් නොව තවත් රසවත් කතා රාශියක් එහි අඩංගු වූ නිසා එය රස විඳීමට මෙතනින්.
එම ලිපිය අනුසාරයෙන් පසුගිය ඔක්තෙබර් 31 වනදා "අද" පුවත්පතේ ලිපියක්ද පලවිය. කලින් කියවූ ගජබින්නය මඳක් සංස්කරණය කර තිබූ එමඟින් කියවුනේ පෘතුවිය දින 3ක් අඳුරේ පවතින්න බවත්, එම දින වල ගෑස්, භූමිතෙල් ලාම්පු ආදිය නොදල්වන ලෙසත්ය. එම කතාව රසවිඳීමට මෙතනින්.
කාංචන ගීත මනමේන්ද්‍රගේ වැරදුනු අනාවැකිය

රාවණා රජු සමයේ ජීවත්වූවෙකු විසින් ඇස් දෙකෙන් දැක ලියනා පරිදි ඔහු විසින් ලියන ලද රාවණා කතා මෙන් එය රසවත්ය. 2004 වසරේ සුනාමිය ඇතිවූ අවස්ථාවේ තත්කාල කේන්ද්‍රයත්, 2012 දෙසැම්බර් 21 වනදින තත්කාල කේන්ද්‍රයත් ගලපා තිබුණි.
තවද ජපානයට සුනාමියක් ඇතිවූ අවස්ථාවේ තත්කාල කේන්ද්‍රයත්, 2001 වසරේ ගුජරායට බලපෑ භූමි කම්පාව අවස්ථාවේ කේන්ද්‍රයත් ඔහු සමාන කර තිබුණි
කෙසේවෙතත් එම අනාවැකියද බොරුවක් වී හමාරය. ඔහු විසින් පුවත්පතකට සැපයූ එම ලිපිය උපුටාගන අප වෙබ් අඩවියේ එය පලවූයේ මෙලෙසින්.
චන්ද්‍රසිරි බණ්ඩාරගේ ඉන්ටර්නේට් අනාවැකිය

ඔහුගේ බොහෝ අනාවැකි වල තිබුනේ එම වෙබ් අඩවියේ තිබූ බේගල්ය.
පෘතුවියට පිටසක්වල ප්‍රහාරයක් එල්ල වන බවට ඔහු නන්දොඩවා තිබූනේ 2012 දෙසැම්බර් 23දා අපේ පෘථිවියට තීරණාත්මක යුගයක ආරම්භය සිදුවන බව වගකීමෙන් කිව හැකි බවට පවසමිනි.
සූදානම් නැති ආගන්තුකයන්ගේ දැනහඳුනා නොගත් ප්‍රහාරයකට ඉඩ ඇති සමයකට ගමන් කරන බවත්, මෙහි දරුණුතම පීඩාවන්ට ගොදුරුවීමට සිදුවීම ඒකාන්ත බවත් ඔහු දෙඩවා තිබුණා. එම සම්පූර්ණ ලිපිය රසවිඳීමට මෙතනින්.
ලෝක විනාශයක් ඇතිවන බව කියූ ජ්‍යේතිෂ්‍යවේදීන් ගැන පොලිස් පරීක්‍ෂණයක් ආරම්භ කරනු

මේ පිළිබඳව ජ්‍යේතිෂ්‍යඥයන් විසින් මත පළ කළ අතර සමහරු කීවේ කවර මොහොතක හෝ පිටසක්‌වලින් පෘථිස්වියට ප්‍රහාරයක් එල්ල වන බවත් තවත් පුද්ගලයකු මාධ්‍ය මගින් පෙන්වා දුන්නේ දෙසැම්බර් 28 වැනිදා කිසියම් සිද්ධියක් ලෝකයට දැනෙන බවත්ය.
වැඩි පිරිසක් කියා සිටියේ ඉකුත් 21 වැනිදා සවස 4.40 ට පමණ විශාල සිද්ධියක් ඇතිවන බවටත් පැවසූ නිසා ජ්‍යේතිෂ්‍යවේදීන් විසින් ජනතාවට අනිසි බියක් ඇතිකළ බවත් උන්වහන්සේ පවසා තිබුණා.
මේ අනුව කරුණු කිහිපයක් පැහැදිලිය.
- නාථ දෙවියන් හීනෙන් ආසනික් ගැන කියූ කාන්තාව විසින් සම්‍යක් දෘෂ්ටික දෙවි වරුන් කියූ බවට කල අනාවැකිය පට්ටපල් ගජබින්නයකි. ඒවා හුදෙක් ඇයගේ ඔලුවේ මැවුණු මස්ගාත පමණි.
- ආරාණ්‍යවාසී භික්ෂුවක් කියූ බවටත්, නම සඳහන් කිරීමට අකමැති පුද්ගලයෙකුට සිහිනෙන් කියූ බවටත් ලංකාදීප පුවත්පත පලකර තිබුනේද සම්ප්‍රප්පලාප දෙකකි. එම ලිපි දෙකෙහිම ඒවා කියූ පුද්ගලයෙක් සඳහන් නොවුනේ ඔවුන් කියූ කෙප්ප හෙළිවන දවසට රෙදි ඇඳගන පාරේ යාමට උවමනා නිසාය.
- චන්ද්‍රසිරි බණ්ඩාර යනු පත්තර වලින් හා අන්තර්ජාලයෙන් වර්තමානයේ පවතින සමාජීය, දේශපාණික, ආර්ථික, දේශගුණික කරුණු බලා අනාවැකි කියන බොරු කාරයෙකි.
- වෛදික ජ්‍යොතිෂ්‍යවේදී කාංචන ගීත මනමේන්ද්‍ර විසින් 2012 වසර අගදී සුනාමියක් ඇතිවන බවට කල අනාවැකියද බොරුවක් විය.
- භූ කම්පන ගැන කල්තියා අනාවැකි කීමට නොහැකිය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ විද්‍යා අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා ඇතුළු කණ්ඩාම විසින් සොයාගෙන තිබූ ග්‍රහලෝක පිහිටීම අධ්‍යයනය කර ලොව ඕනෑම රටක සිදුවිය හැකි භූ කම්පනයක් කල්තියා හඳුනාගැනීමේ ක්‍රමයද යටපත්වුනේ කියූ අනාවැකි වැරදීයාමෙනි.
-සම්බන්ධිත පුවත්-
1. භුමිකම්පා කලින් කිවහැකි ක්‍රමයක් ලංකාවෙන්
2. 2012 අගදී තවත් සුනාමියක්?
3. දෙසැම්බර් 29 වනදා ලංකාවට භූමිකම්පාවක් වෙයිද?
4. ආරණ්‍යවාසි භික්ෂුවකගෙන් ලෝක විනාශය ගැන අනාවැකියක්
5. දෙසැම්බර් 29දා භූමිකම්පා අනාවැකිය හා පසුගිය මාසයේ ලංකාවෙන් වාර්තා වූ අමුතු පුවත්
6. ලෝක විනාශය වන බව කියන දෙසැම්බර් 21 වෙනිදා වෙන්නේ මොකක්ද?
