උල්කාපාත 6ක් වැටෙන විට රතු කහ වැසි වලින් පසු කොල වැසිත් වැටේ

පසුගිය මාසයට උල්කාපාත 6ක් වැටේ

පසුගිය කාලයේ ලංකාවේ ප්‍රදේශ කිහිපයකට උල්කාපාත වැටී තිබුණා.

ඒ අතර ප්‍රදේශ ගනනාවකට පසුගිය කාලයේ රතු වැසි වැටී තිබූ අතර රතු වැසි වලින් පසු කහ වැසි වැටුණි. මෙලෙස පාට පාට වැසි මෙතෙක් ලංකාවේ වාර්තා නොවුන අතර දැන් වැටෙන්නේ කොල පාට වර්ෂාවයි.

අප වෙත වාර්තා වන පරිදි එම වැසි පිළිබඳව වාර්තා වූ දින හා ප්‍රදේශ මෙසේය.


රතු වැස්ස
1. සෙවනගල, මොණරාගල (නොවැම්බර් 15)
2. වැල්ලවාය, හඳපානාගල (නොවැම්බර් 20)
3. සෙවනගල, ඉදිකොළපැලැස්ස (දෙසැම්බර් 12)
4. පොළොන්නරුව, මනම්පිටිය (දෙසැම්බර් 15)
5. අම්පාර, පදියතලාව (දෙසැම්බර් 15)
6. ගාල්ල, වඳුරඹ (දෙසැම්බර් 17)
7. අම්බලන්ගොඩ, අලුත්වල (දෙසැම්බර් 18)
8. පන්නම්පිටිය (දෙසැම්බර් 23)
9. නාවුල (දෙසැම්බර් 23)
10. පදියතලාව (දෙසැම්බර් 27)
11. හබරණ පලුගස් වැව (දෙසැම්බර් 27)






කහ වැස්ස

1. වී හේන (දෙසැම්බර් 23)
2. මාතලේ, නාවුල (දෙසැම්බර් 23)
3. අනුරාධපුරය (දෙසැම්බර් 23)
4. පොළොන්නරුව හිඟුරක්ගොඩ, කඩවෙලවැව, සිංහඋදාගම, මින්නේරිය, බුද්ධයාය, ඕනෑගම (දෙසැම්බර් 27)
5. සීගිරිය, දිගම්පතන (දෙසැම්බර් 27)
6. කහටගස්දිගිලිය, පනවැල්ල (දෙසැම්බර් 27)
7. කැකිරාව, මරදන්කඩවල (දෙසැම්බර් 27)
8. අනුරාධපුර, ශ‍්‍රාවස්තිපුර, තීරප්පනේ (දෙසැම්බර් 27)
9. දඹුල්ල, මැදිරිගිරිය, බදුල්ල






කොල වැස්ස

1. මැදවච්චිය - වව්නියාව පාරේ යකාවැව (දෙසැම්බර් 28)
2. වාලච්චේන (දෙසැම්බර් 29)
3. මාතලේ ඕවිල්ල (දෙසැම්බර් 28,29)
4. මාතලේ (දෙසැම්බර් 30)





පසුගිය මාසයට උල්කාපාත 6ක් වැටේ

මෙම මාසය තුල ලංකාවේ ප්‍රදේශ 6කට උල්කාපාත වැටී තිබෙන අතර ඒවා පහත පරිදිය.
1. දිඹුලාගල (දෙසැම්බර් 12)
2. මීගහකිවුල (දෙසැම්බර් 15)
3. වලස්මුල්ල (දෙසැම්බර් 14)
4. පොළොන්නරුවේ ඕනෑගම (දෙසැම්බර් 18)
5. මීරිගම (දෙසැම්බර් 22)
6. මනම්පිටිය (දෙසැම්බර් 29)

දිඹුලාගල, මීගහකිවුල, වලස්මුල්ල, පොළොන්නරුවේ ඕනෑගම යන ප්‍රදේශ වලට වැටුණු උල්කාපාත පිළිබඳ පිළිබඳ විස්තර මීට පෙර ලිපි වලින් අප ඔබ වෙත ගෙන ආවා.

පසුගිය සතියේ මීරිගමට නුදුරු ප‍්‍රදේශයකටද උල්කාපාතයක කොටසක් වැටී තිබූ අතර පරමාණුක ශක්ති අධිකාරියේ ඇති XRF සහ TXRF නමැති ප‍්‍රතිදීප්තිමෙතික උපකරණ දෙකක් ආධාරයෙන් ඒ පිළිබඳව පරීක්ෂණ ආරම්භ කර තිබුණා.

පෙරේදා (29දා) රාත්‍රියේ මනම්පිටිය කුඩා වැව මහවැලි ගම්මානයේ කුඹුරු යායකට වතුර හරවමින් සිටි ගොවීන් පිරිසක් පතිත වූ ආලෝක ධාරා පිළිබඳව බිය වී ආපසු ගොස් පසුදා උදේ කුඹුරුවලට ගොස් බැලූ විට පාෂාණ කැබලි වැටී තිබෙනු දැක ඇත.

එම ල්කාපාත කොටසක් නිවෙසට රැගෙන ගිය ගොවියාගේ අත පිච්චී ඇති අතර එම කොටස්වල සුවඳ බැලූ ගොවියාගේ බිරිය සිහිසුන්ව ඇද වැටී ඇත.

එම උල්කාවේ ජායාරූප හා වීඩියෝවක් පහතින්.





-සම්බන්ධිත පුවත්-
1. ලංකාවට වැටුනු උල්කාපාත
2. පසුගිය මාසයේ ලංකාවෙන් වාර්තා වූ අමුතු පුවත්
3. මාතලේට වැටුන උල්කාපාත කොටස්
4. ආරක්ෂිත කැමරාවේ සටහන්වූ උල්කාව
5. බ්‍රහස්පතිගේ ගැටුණු උල්කාව වීඩියෝගත කරයි
6. දින 2කට පෙර හඳුනාගත් විශාල ග්‍රහකයක් ඊයේ පෘතුවිය ලඟින්ම ගිහිල්ලා
7. පෘතුවිය අසලින් විශාල ග්‍රහකයක් අද ගමන් කරයි
8. තවත් දැවැන්ත ග්‍රහකයක් හෙට පෘතුවිය ආසන්නයෙන්ම ගමන් කරයි.
9. චන්ද්‍රයා මෙන් 15 ගුණයක එළියක් සහිත වල්ගාතරුවක් ලබන වසරේ දර්ශනය වේ

Related Posts Plugin for WordPress, Blogger...