ලංකාවේ MP3 කොපි කරන එක තහනම් කරපු දාක ඇල්බම් එකක් කරනවා- උදය
Saturday, October 13, 2012
නමුත් ලංකාවේ MP3 කොපි කිරීම නොවිසඳුණු ප්‍රශ්ණයක් නිසා ඔහු තවමත් මියුසික් ඇල්බම් එකක් නොකරන බවත්, MP3 කොපි කරන එක තහනම් කළ දවසක ඇල්බම් එකක් කරන බවත් පවසා තිබෙනවා.
නමක් හදාගන ඉදිරියට ආව ඔබය කණ්ඩායමෙන් ඉවත්වීම ගැන පුංචිම පසුතැවීමක්වත් හිතෙන්නේ නැද්ද?
නෑ. මට පසුතැවීම තියෙන්නේ 2005දී. ඒ කණ්ඩායම ආරම්භ කරන්න මූලික තැනක් ගත්තු එක ගැන. ඒකෙන් වුනේ දක්ශතාව නැති කිහිප දෙනෙක් මම නිසා උඩට ඉස්මතු වුණු එක විතරයි.
ඔයාගේ ඉදිරි ගමන මොන වගේ එකක් වෙයිද?
මම දිගටම සෝලෝ (තනි ) ගායකයෙක් විදිහට ඉදිරියට යයි. මාව විතරක් ඉස්මතුවෙලා පෙනුනට මගේ පිටිපස්සේ මට හිතවත් ඇත්තටම දස්කම් තියන පිරිසක් ඉන්නවා. සඳරුවන් ජයසිංහ, කැලුම් ප්‍රීමාල් කියන්නේ එහෙම විශේෂ දක්ශතා තියන දෙන්නෙක්.
ඔයාගෙම ඇල්බම් එකක් කරන්නේ කවදද?
ඇල්බම් එකක් කරන්න ලොකු ආසාවක් තියනවා. නමුත් සුදුසු පරිසරයක් නෑ. මොකද තවම අපේ රටේ MP3 කොපි කරන එක විසඳුණු ප්‍රශ්නයක් නෙවෙයි. MP3 කොපි කරන එක තහනම් කළොත් ඉක්මනින් ඇල්බම් එකක් එලියට දානවා. මෑත කාලයේ නම් එහෙම වෙයි කියලා හිතන්න අමාරුයි.
සෝලෝ (තනි) ගායකයෙක් විදිහට ඉදිරියට එද්දී මුහුණදෙන්න වුණු අභියෝග මොනවද?
තනි ගායකයෙක් විදිහට තියන ලොකුම අභියෝගය එන්නේ තීන්දු තීරන ගැනීමේදී. කණ්ඩායමක් විදිහට ඉද්දී නෙවෙයි තනි තීන්දු ගද්දී අපිට සමහර පැති නොපෙනී යන්න පුළුවන්.

මගේ හීනය නිර්මාණය වුනේ කොහොමද?
මගේ හීනයේ මියුසික් කළේ සඳරුවන් ජයසිංහ. ගීපද ලිව්වේ කසුන් ප්‍රීමාල්. සඳහරුවන්, කසුන් එකතුවෙලා කරපු නිර්මාණ අතරින් මට ගීත දෙකක් එවලා තිබුණා.
විවාහයෙන් පස්සේ බිරිඳගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
විවාහයෙන් පස්සේ අපි දෙන්නා එකතුවෙලා "Heaven" කියන ස්ටූඩියෝ එක ආරම්භ කළා. ස්ටූඩියෝ එකේ ඕඩියෝ, වීඩියෝ දෙකෙන්ම ප්‍රොඩක්ෂන් කෙරෙනවා. ඊට අමතරව පි දෙන්නගේ පෞද්ගලික ව්‍යාපාර කිහිපයක්ම තියනවා. මේ ඔක්කොම අතරේ අපි දෙන්නා බලාගන ඉන්නේ කවදද හොඳ අම්මා කෙනෙකුයි තාත්තා කෙනෙකුයි වෙන්නේ කියලා.
මගේ හීනයේ ගීතයේ මියුසික් වීඩියෝවපහතින්.
මීට පෙර උදය විසින් රහසිගතව කල බව කියන, තවමත් නිකුත් නොවූ මියුසික් වීඩියෝ වක ජායාරූප කිහිපයක් අප වෙත ලැබී තිබෙනවා..
ඒවා පහතින්.
