තවත් දියමන්ති ග්‍රහලොවක් සොයාගනී
Saturday, October 13, 2012
පෘතුවියේ සිය පියවි ඇසින් දර්ශනය වන මෙම ග්‍රහලෝකය දුරදක්නයක් මඟින් හොඳින් නිරීක්ෂනය කල හැකිය.
කටක තාරකා රාශියේ පිහිටා ඇති මෙම ග්‍රහලොව පෘතුවියේ අරය මෙන් දෙගුණයක් විශාලය. බරින් පෘතුවිය මෙන් අට ගුණයකි. පෘතුවියට ආලෝක වර්ෂ 40ක් පමණ ඈතින් පිහිටා තිබේ.
55 Cancrie e ලෙස නම් කර ඇති එය දියමන්ති වලින් හා ග්‍රෆයිට් වලින් නිර්මානය වී ඇති අතර එහි ප්‍රමාණයෙන් තුනෙන් පංගුවක් හෙවත් පෘතුවියේ බර මෙන් දෙගුණ්යක ප්‍රමාණයක් දියමන්ති තිබෙන බවටයි විශ්වාස කෙරෙන්නේ.
ඉතා වේගයෙන් එය අයත් සූර්යයා වටා ගමන් කරන නිසා එහි වසරක් පෘතුවියේ දින 18කට සමානය. උෂ්ණත්වය සෙල්සියස් අංශක 2,148ක් පමණ බව පැවසේ.
ග්‍රහලොව කටක රාශියේ දර්ශනය වන්නේ පහත ස්ථානයේය.

55 Cancrie e නම් වූ මෙම දියමන්ති ග්‍රහලෝකය පිළිබඳව පිළිබඳව වීඩියෝවක් පහතින්

මීට පෙර පසුගිය වසරේ ඕස්ට්‍රේලියානු තාරකා විද්‍යාඥයින් පිරිසක් විසින් සම්පූර්ණයෙන්ම දියමන්තියෙන් නිර්මාණය වූ ග්‍රහලොවක් සොයාගන තිබූණා.
අපගේ මන්දාකිනියේ පිහිටා තිබෙන එහි ව්ශ්කම්භය වන්නේ සැතපුම් 40,000ක් හෙවත් පෘතුවියේ විශ්කම්භය මෙන් 5 ගුණයකි.
ආලෝක වර්ෂ 4,000ක ඈතින් පිහිටා තිබෙන, මීට පෙර සොයාගත් සම්පූර්ණයෙන්ම දියමන්ති ග්‍රහලෝකය පිළිබඳව පිළිබඳව වීඩියෝවක් පහතින්.
