සිමෙන්ති කොට්ටයක් රු. 85කින් ඉහලට
Saturday, October 13, 2012
පාරිභෝගික අධිකාරිය අවසන්වරට සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 70කින් ඉහල දැමුවේ පසුගිය මැයි මාසයේදීය. ඒ අනුව කිලෝ 50ක සිමෙන්ති කොට්ටයක මිල වූයේ රු. 855/-කි.
නමුත් පසුගිය සැප්තැම්බර් 03 වනදා සිට බොහෝ ප්රදේශවල සිමෙන්ති කොට්ටයක් රුපියල් 80කින් ඉහල දමා 935/- කට අලෙවි කර තිබූ අතර ඒවායේ මිල සඳහන්වූයේද රු. 935/- ලෙසයි.
පසුගිය මාසයේ රුපියල් 80කින් සිමෙන්ති කොට්ටයක මිල ඉහල ගියේ පාරිභෝගික සේවා අධිකාරියේ අනුමැතියකින් නොවන නමුත් රු. 85කින් මිල ඉහල දැමීමට පාරිභෝගික අධිකාරිය අද කටයුතු කර තිබෙනවා.
හොල්සිම් (සංස්ථා) සහ අම්බුජා යන සිමෙන්ති වර්ගවල මිල රුපියල් 75 කින් ද මහවැලි මෙරීන් රුපියල් 70 කින් ද අල්ට්රාටෙක් රුපියල් 85 කින් ද ටෝකියෝ සුපර් බ්රෑන්ඩ් රුපියල් 68 කින් ද, නිපොන් රුපියල් 70 කින්ද මිල ගණන් ඉහළ දැමූ බවයි. මෙතෙක් කිලෝග්රෑම් 50 ක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 855 ක් වූ අතර ඊයේ සිදුකළ නව මිල සංශෝධනය අනුව සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 900 ත් 950 ත් අතර ගණනක් වනු ඇත.
කුකුල් මස් කිලෝ එකක මිලද රු. 30කින් වැඩි වී ඇති අතර නව මිල රුපියල් 380 කි.
-සම්බන්ධිත පුවත්-
ගෑස්, කිරිපිටි, සිමෙන්ති මිල වැඩිවේ
