විස්සයි විස්සේ ලෝකල් වැඩ
Friday, September 21, 2012
2007 වසරේ දකුණු අප්‍රිකාවේද , 2009 වසරේ එංගලන්තයේ හා 2010 වසරේ කොදෙව් දූපත් වල පැවැත්වූ පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන තරඟාවලියේ මෙවර සත්කාරක රට වන්නේ ශ්‍රී ලංකාවයි.
අන්තර්ජාතික ක්‍රීඩා උත්සවයක් වන මෙහි සිදුවූ "ලෝකල්" වැඩ කිහිපයක් පිලිබඳ මේ දිනවල කතාබහට ලක්ව තිබෙනවා. මෙහි වඩාත් කතාබහට ලක්ව ඇත්තේ ලංකාවේ චියර් ලිඩර්ස් ලාය.
චියර් ලිඩර්ස් ලා සම්බන්ධයෙන් ලංකාවේ මෙයට පෙර ආන්දෝලනාත්මක තත්වයක් ඇතිවුයේ උඩරට නර්නතන ශිල්පින් ඒ සඳහා ආදේශ කිරීමත් සමගය.
මෙවර හම්බන්තොට පැවැත්වෙන තරඟයට සහභාගී කර තිබුනේ බැලූ බැල්මට ගැමි තරුණියන්ය.ඒ සම්බන්ධව විවිධ මත පලවන අතර මෙය "ලෝ බජට්" ව්‍යාපෘතියක් යයි ඇතැම්හු සැක පළකරති.
තවද තරඟාවලිය අතරතුරදී වරින් වර වාදනය කල භාතිය සන්තුෂ් ගේ "බයිලා ගමුද රිමික්ස් කරලා" ගීතය පිළිබඳවද ආන්දෝලනයක් ඇතිවී තිබේ.

