"ආචාර්ය" නිසා මර්වින්ට ඩිනර් නැතිවෙයි

සෑම සතියකම බදාදා රාත්‍රියේ පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැස්වීම පසුගිය බදාදා දිනයේ තිබුනේ සවස 5 ටයි.

ඒ 58 වැනි පොදු රද මඩුලු සැසිවාරයට සහභාගී වන පාර්ලිමේන්තු නියෝජිතයන්ට ජනාධිපතිවරයා සැලසුම් කර තිබූ භෝජන සංග්‍රහය නිසයි.

එම භෝජන සංග්‍රහයට ජනාධිපතිවරයා අමාත්‍ය මර්වින් සිල්වාටද ආරාධනා කලත් ආරාධනාව නිසා මුහුණ කළු වූ මර්වින් සිල්වා ආරාධනාව ප්‍රතික්ෂෙප කළා.

එයට හේතුව මර්වින්ගෙන් ජනාධිපතිවරයා හේතුව විමසා සිටියා.


"මගේ නමට කලින් "ආචාර්ය" කියලා දානවනේ සර්. ඩිනර් එකට ඔය පට්ටම තියන තව ගොඩාක් අය එනවනේ"

"ඉතින්" කුතුහලයෙන් යුතුව ඇහුවේ ජනපති.

"ඉතිං සර් ඒ අය ආචාර්ය පට්ටම් අරන් තියෙන්නේ මහන්සිවෙලා. එක එක පරීක්ෂණ කරලා. මගෙන් ඇහුවොත් මොන විෂය යටතේද මම ආචාර්ය පට්ටම ගත්තේ කියලා මට දෙන්න උත්තර නැහැනේ. ඒ නිසා මම ඔතෙන්ට ඇවිත් ආණ්ඩුවට නරක නමක් ගාවන්න ඕනේ නැහැනේ"

මැදමුලන වලව්වේ ඩී.ඒ.රාජපක්ෂයන් ඇසුරේ ඒ සම්භාවනීය පිරිස් මැද ජීවත් වන කාලේ ඉඳන්ම පොතපත කියවපු නිසාත්, දොස්තර ඇන්ටන් ජයසූරිය කටු චිකිත්සාව පිළිබඳ ලොකුම දොස්තර සමඟ සාකච්ඡා වට කීපයක් පැවැත්වූ නිසාත්. ඉතිහාසය, දර්ශනය, සමාජ විද්‍යාව, කටු චිකිත්සාව, සංස්කෘතිය, බුදුදහම, ආයුර්වේදය මේ හැම දෙයක් ගැනම සාකච්ඡා කළ නිසාත් දොස්තර ගීතාංජන මෙන්ඩිස් ප්‍රමුඛ කණ්ඩායමක් හා දොස්තර ඇන්ටන් ජයසූරිය වෙතින් මර්වින්ට ආචාර්ය උපාධිය ලැබුණු බව හෙළිකල ලිපිය පහතින්.

-සම්බන්ධිත පුවත්-
මර්වින් සිය ආචාර්ය උපාධිය ලැබුන හැටි හෙළි කරයි

Related Posts Plugin for WordPress, Blogger...