"ටිකෙන් ටික" ගීතය විකාශය කිරීම අත්හිටුවයි
Thursday, September 27, 2012
එහෙයින් බෞද්ධ සංවිධාන රැසක විරෝධය මෙයට එල්ලවූ අතර එම ගීතයට එරෙහිව ගංගොඩවිල ජාත්‍යන්තර සුනේත්‍රාදේවී මධ්‍යස්ථානයේ විහාරවාසී පූජ්‍ය මහමිතව පඤ්ඤාරතන හිමියන් විසින් මිරිහාන පොලිසියේ පැමිණිල්ලක්ද සිදු කරනු ලැබුවා
එම පැමිණිල්ලෙන් අනතුරුව් මාධ්‍යය වෙත අදහස් දැක්වූ මහමිතවහිමියන් පැවසුවේ මෙවැන්නක්.
"ටිකෙන් ටික කියලා සිංදුවක්. ඒ සිංදුවේ මැද්දෙදී තත්පර 1:40 ඉඳන් 2:00 දක්වා. ඒ කියන්නේ තත්පර 60ක් ඇතුළත "බවතුසබ්බ මංගලම් රක්ඛම් තුසබ්බ දේවතා" කියන එක රැප් කරලා ඒ ගීතයට දාලා තියනවා.
හැබැයි ඒක කාමුක දර්ශන ටිකක් තියන, ඒ කියන්නේ මධුසමය ගතකරන යුවලක් තමයි පෙන්නන්නේ. ඒ නිසා අපි තීරණය කළා පොලිසියේ පැමිණිල්ලක් දාන්න. මොකද ඒක බුදු දහමට එකක් අපහාසයක්, අනික ඒ වගේ නිර්මාණ වලට එහෙම දාන්නේ නෑ."
මෙම ගීතයට එල්ලවූ විරෝධයත් සමග රජයේ අවධානය මේවෙත යොමුවූ අතර ගීත පාලනය කිරීම සඳහාත් රැඟුම් පාලක මණ්ඩලයක් ගෙන ඒමට යෝජනා වුවා.කෙසේ වෙතත් රජය විසින් මෙම ගීතය තහනමට ලක් නොවූ අතර ඩැඩි සංගීත කණ්ඩායම විසින් පසුගියදා සියලු මාධ්‍ය ආයතන වෙත නිවේදනයක් කොට දන්වා සිටියේ එම ගීතය ප්‍රචාරය කිරීමෙන් වලකින ලෙසයි.
එම ගීතය නිර්මාණය තුලින් කසිදු ආගමකට අපහාස කිරීමට අදහස් නොකළ බවත් ගීතයට ලැබුණු ප්‍රතිචාර වලට සංවේදී වෙමින් මෙම පියවර ගත බවත් ඔවුන් එම ලිපිය දක්වා තිබෙනවා.
එම ලිපිය බලන්න පහතින්

ගයාන් පෙරේරාගේ "ටිකෙන් ටික" ගීතයට බෞද්ධ සංවිධාන වල විරෝධය
රැප් සංගීත නිර්මාණය තහනම් කරනු - හෙළ උරුමය
