නයා නැතුව නින්ද නොයන කොල්ලුපිටියේ නයි නළගන

මෙයට පෙර ලිපියක් මගින් ක්ලියෝ පැට්රා සමාජ ශාලාවේ නයෙකු සමග සිටි තරුණියක් පිලිබඳ අපුරු කතා පුවතක් අප හෙළි කර සිටියා.

එම නයා ලැබුනේ නාථ දේවාලය අසලදී බවත් නයාට පණ මෙන් ආදරය කරන බවත් එම ලිපිය මගින් හෙළිදරව් වුවා.

ආර්.එම් නිරෝෂා විමලරත්න හෙවත් ඩිලානි ගේ නඩුව මේ දිනවල කොළොඹ කොටුව අධිකරණයේ විභාග වන අතර එහිදී ඩිලානි වෙනුවෙන් පෙනී සිටියේ ජනාධිපති නීතීඥ රියෙන්සි අර්ස කුලරත්න මහතා ඇතුළු නීතිඥ පිරිසකි.

එහිදී නීතීඥ රියෙන්සි අර්ස කුලරත්න මහතා විසින් පෙන්වා දුන්නේ ඇය නයාට කිසිදු හිරිහැරයක් කර නොමැති බවත් එහෙයින් සත්ව ආඥා පනත හෝ සතුනට වධ හිංසා කිරීමේ පනත යටතේ නඩු පැවරිය නොහැකි බවය.


තවද නයාගේ අයිතිය ඩිලානි විසින් අත් නොහරින බවත් ඒ පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් නඩුවක් පවරන බවද ඒ මහතා විසින් අධිකරණයට ප්‍රකාශකොට සිටියා.


ඇය සම්බන්ධව සිදුකල මනෝ වෛද්‍ය පරීක්ෂණයේ වාර්තාවේ සඳහන් වන්නේ ඇයට කිසිදු මානසික රෝගයක් නොමැති බවත් ඇය නාගයාව ලිංගික කටයුතු සඳහා යොදාගෙන නොමැති බවත්ය.



තවද ඩිලානි විසින් අධිකරණය හමුවේ පවසා ඇත්තේ නයි පටවා නොමැතිව තමාට නින්ද යන්නේ නැති බවය.කෙසේ නමුත් ඔක්තෝබර් මස 11 වනදාට ප්‍රථම පොලිසිය විසින් ඇයට චෝදනා ගොනු කිරීමට නියමිතයි.

Related Posts Plugin for WordPress, Blogger...