රන් මාලයක් සොයා කැබිලිත්තේ අලි වසුරු අවුස්සයි
Tuesday, September 11, 2012
මෑතක සිට කැබලිත්ත දේවාලයට යන බොහෝ දෙනා මෙම අලියා විසින් පන්නා දමන බව වාර්තා වෙනවා.
මේ අතර මේ දිනවල කැබිලිත්ත දේවාලය වැඳ පුදා ගැනීමට යන පිරිස් අලින් පරිසරයට මුදාහරින අලි වසරු අවුස්සා රත්‍රං සෙවීමේ කටයුත්තක නිරතව සිටිනවා.
මෙම අපූරු රත්‍රං අලි වසුරු තුළට යැමේ සිද්ධිය සිදුවී ඇත්තේ පසුගිය 7 වැනිදායි. රත්නපුරයට සම්බන්ධ මැණික් ව්‍යාපාරිකයෙක් හා පස්දෙනකුගෙන් යුතු නඩයක් එහින කැබිලිත්තට ගොස් තිබෙන්නේ තම ව්‍යාපාර සරුවීම පිණිස බාර හාර වීමටයි.
කතරගමින් කපුමහතකු ද කැටුව ගිය ඔවුන් සියලුම දෙනා පලතුරු පූජාවන් පිළියෙළ කර දේවාලය පිහිටි සියඹලාගහ වෙත පැමිණ එහි ඇති ලී මැස්ස මත පූජා වට්ටි තබා සිය දේව පූජාව පවත්වා තිබෙනවා..
කපු මහතා පූජාව තබන අතර එක් අයකු සිය කරේ තිබූ පවුම් 4 ක් වටිනා රන් දම්වැල ගලවා දෙවියන්ට තැබූ පූජා වට්ටියේ තැබුවේ මාලය පේකර ගැනීමේ අදහසින්ය.
මාලය ගලවා පූජාවට තැබූ සැණින් කපු මහතා තමා කියමින් සිටි යාතිකාව නවතා දමා ඔන්න අලියා ආවා කියා දිවගොස් තිබෙන අතර පූජාවට සහභාගි වූ ව්‍යාපාරිකයන් එම ස්ථානයෙන් දිව ගියේ වියරුවෙන් එන දැවැන්ත අලියා දැකීමෙන් බියට පත්වීමෙනි.
සියඹලාගස අසලට පැමිණි අලියා පලතුරු සියල්ල කා දැමූ අතර පිරිස රැගෙන ආ පුද පූජා භාණ්ඩ ද කුඩු පට්ටම් කර දමා කැලයට ගොස් තිබෙනවා.
අලියා ගිය පසු එම ස්ථානයට පැමිණි පිරිස අලියා කළ විනාශය දැක කම්පාවට පත්වූ අතර පේවීමට තැබ පවුම් 4 ක් වටිනා මාලය ද පලතුරු සමඟ අලියා කා දමා තිබෙන අතර අවට පරිසරයේ මාලය සොයා බැලූ ඔවුහු එය හමු නොවීම නිසා ගම් බිම් බලා ගොස් තිබෙන්නේ දැඩි සිත් තැවුලෙනි.
දැන් මෙම රත්‍රං මාලය සොයා යන එන සියලුම දෙනා දකින අලි වසුරු පහුරු ගහන්නේ පවුම් 4 ක් වටිනා මාලය සොයා ගැනීමේ බලාපොරොත්තුවෙනි.
-සම්බන්ධිත පුවත්-
කැබලිත්ත ගිය ඇමති බිරිඳව අලි පන්නයි
ජංගම වැසිකිලියක් රැගෙන රනිල් කැබලිත්ත දේවාලයට යයි
අතරමංවූ විමල්ගේ බිරිඳ යාල වනයෙන් හමුවෙයි
කැබිලිත්ත දේවාලයේ හාස්කම් අඩුවේ!
