ඩෙංගු වෙනුවෙන් මියුසික් වීඩියෝවක් එළිදකී
Tuesday, September 11, 2012
තරුණ පරපුරේ සංගීත වේදියෙකු වන ජෝ ස්ටීව් හා සුනෙත් කැළුම් එක්ව මෙම ගීය නිර්මාණය කර තිබෙනවා.
නාමල් උඩුගම, නිමල් රංජිත්, ලක්ෂ්මන් හිල්මි, දමිතා අබේරත්න, සරත් ප්‍රනාන්දු, දීපාල් සිල්වා, ප්‍රදීප් වීරසිංහ, දමිත් අසංක, කේ. සුජීවා, සුප්‍රියා අබේසේකර, ජෝ ස්ටීව්, සුනෙත් කැළුම් හා ජයශ්‍රී සංගීත කණ්ඩායමේ රෝහිත හා රොෂාන් ඇතුළු ගායක ගායිකාවෝ රැසක් නොමිලේ ගීත ගයා තිබෙනවා.
සංගීත අධ්‍යක්ෂණය ජෝ ස්ටීව් වන අතර පද රචනය උපාලි බණ්ඩාර වීරසේකරගෙනි, වීඩියෝ නිර්මාණය සුනෙත් කැළුම්ගෙනි.
මෙහි පළමු පිටපත තරුණසේවා සභාවේ සභාපතිවරයා වෙත පිරිනැමුණු අතර ඉදිරියේදී රූපවාහිණී නාලිකා ඔස්සේ විකාශයවීමට නියමිතයි.
