ගලේබණ්ඩාර දෙවියන්ගේ සොහොනත් හාරයි
Thursday, September 13, 2012
ඇත්කඳ රජ මහා විහාරයට යාබද පිහිටි ගලේබණ්ඩාර දේවාලයත්, ඇතාගලත් අතර පිහිටි කෑලෑබද ප්‍රදේශයේ මෙම සොහොන තිබී ඇත. ගලේබණ්ඩාර දේවාලය ඇත්කඳ රජමහා විහාරය සතුව තිබෙන අතර සොහොන පිහිටි ප්‍රදේශය රක්ෂිත වනයකි.
ඇත්කඳ රජමහා විහාරයේ හිමිනමක් විසින් පසුගියදා වයඹ පුරාවස්තු ආරක්ෂණ ඒකකයට පැමිණිලි කර ඇති නමුත් සොහොන හාරා තිබෙන්නේ කෙදිනදැයි හරියටම දන්නේ නැහැ. අඩි 12ක් පමණ වූ ගල් තලාවක් යට මෙම සොහොන ඇතැයි සැළකෙන අතර එහි ස්ථාන දෙකක් හාරා තිබෙන දැකගත හැකිය.

කුරුණෑගල රාජධානියේ රජකම පිළිබඳ ආරවුලක් නිසා ඇතාගලින් පහලට වත්හිමි කුමාරයා වැටෙන්නට සැළැස්වූ අතර ඔහු බිමට වැටුණු ස්ථානයේ මෙම ගලේ බණ්ඩාර දේවාලය ඉදිකොට තිබෙනවා. (එම කතා පුවත මෙතනින්)
වත්හිමි කුමාරයා ගලෙන් බිමට වැටුණු තැන මෙම දේවාලය පිහිටුවා තිබෙන අතර ඔහුගේ සොහොන බවට සැළකෙන තවත් ස්ථානයක් කුරුණෑගල කච්චේරියට යාබද කුරුණෑගල වත්හිමි පාරේ තිබෙනවා. වත්හිමි කුමාරයාගේ සැබෑ නම "මොහොමඩ් ඉස්මයිල්" වන අතර කච්චේරිය ආසන්නයේ පිහිටි අනෙක් ගලේබණ්ඩාර දේවාලය පවත්වාගන යන්නේ මුස්ලිම් ජාතිකයන් විසිනි.
නිධන් හාරා ඇති මෙම ස්ථානයේත් වත්හිමි කුමාරගාගේ සොහොනක් තිබෙන බව බොහෝ දෙනා දැන සිටියේ නැහැ.
නිධන් හාරා ඇති සොහොන ආසන්නයේ ඇති දේවාලයේ ආවතේව කටයුතු කරගන යන්නේ එයට යාබදව පිහිටි නිවාස කිහිපයට අයත් උදවිය වන අතර එම පවුල් වල තරුණයන් කිහිප දෙනෙක් කුඩු වලට ඇබ්බැහි වී තිබීම නිසා පසුගිය කාලයේ අහල පහල නිවාස වල රාත්‍රී කාලයේ දිය රෙද්දක් හෝ එලියේ දමා තබාගැනීමට හැකිවී නැහැ.

මේ පිළිබඳ වීඩියෝව පහතින්.
-සම්බන්ධිත පුවත්-
නිධන් හෑරීම රට පුරා ජයටම
නිධන් හෑරූ එස්.ටී.එෆ් සෙබළුන් ගම්වාසීන්ට කොටුවේ
