නන්දා මාලිනියට අපහාස කළ දේශද්‍රෝහියාගේ තොරතුරු කුවේට් තානාපති හෙළිකරයි
Monday, May 14, 2012
තානාපතිතුමාට අනුව මෙම මහා ද්‍රේශද්‍රෝහී කි‍්‍රයාව සිදුකර ඇත්තේ තානාපති කාර්යාලයේ ම කොන්සියුලර් අංශයේ සේවය කරන නිලධාරියෙක් යැයි එතුමා එම පුවත්පතට පවසා ඇත.
එම සිද්ධියට අදාළව සිදු කරන ලද අභ්‍යන්තර පරීක්ෂණයකින් පසු මේ තැනැත්තා කව්රුන්දැයි හෙළිකර ගත් බව ද එම පුද්ගලයා පෙරළා ශ‍්‍රී ලංකාවට එවීමට කටයුතු කළ බව ද තානාපතිවරයා එම පුවත්පතට පවසා ඇත.
තානාපතිවරයා මේ ගැන වැඩිදුරටත් කරුණු හෙළි කරමින් කියා ඇත්තේ තවත් සංගීත සංදර්ශනයක් හේතුවෙන් කණ්ඩායම් දෙකක් අතර ඇති වූ ගැටුමක ප‍්‍රතිඵලයක් ලෙස සිදුවුණු සිද්ධියක් බවයි. එසේම මෙම සිද්ධියට සම්බන්ධ පුද්ගලයා දේශපාලන පත්වීමක් හරහා තානාපති කාර්යාලයේ සේවයට පැමිණ ඇති බව ද ඔහුට එරෙහිව තවත් චෝදනා රැසක් තිබූ බව ද එතුමා සඳහන් කර තිබුණා.
එම ද්‍රේශද්‍රෝහී කි‍්‍රයාව කළ තැනැත්තාගේ නම හෙළි කරන ලෙසට එම පුවත්්පතෙන් කළ ඉල්ලීම තානාපතිවරයා ප‍්‍රතික්ෂේප කර තිබූ අතර එම පුද්ගලයා කුරුණෑගල ප‍්‍රදේශයෙන් පැමිණි කෙනෙක් බව පමණක් හෙළි කර තිබුණා.
කෙසේ වුව ද තානාපතිවරයා හෙළිකර තිබූ කරුණු ඔස්සේ අප කළ වැඩිදුර සොයා බැලීමක දී දැනගන්නට ලැබුණේ මොහු හිටපු ඇමති රෝහිත බෝගොල්ලාගම මහතාගේ ආධාරකරුවෙක් බවයි.
එසේ නම් තානාපතිතුමාට අනුව රෝහිත බෝගොල්ලාගම මහතාගේ උදව් උපකාරයෙන් කුවේට් තානාපති කාර්යාලයේ සේවයට ගොස් ඇති ඉංග‍්‍රීසි ගුරුවරයෙක් වන මොහු නමින් ඉන්දික වීරසූරිය නමැත්තෙකු බව ද අප හෙළිකර ගනු ලැබුවා.
ලාංකීය සමාජය එක්වරම උණුසුම් කළ පුවතක් වූ මේ පිළිබඳව අභ්‍යන්තර පරීක්ෂණයක් පවත්වා හෝ එම ද්‍රේශදෝහී ක‍්‍රියාව සිදුකළ තැනැත්තාට දඬුවම් ලබාදීමට ගත් පියවර ගැන තානාපතිතුමාට අපගේ ප‍්‍රශංසාව පළකළ යුතු අතර මේ සඳහා විශාල ප‍්‍රසිද්ධියක් ලබාදෙමින් නිබඳව එහි පසුපස සිටි සියලූම වෙබ් අඩවි හා විද්යුත්, මුද්‍රිත මාධ්‍ය වලට ද අපගේ කෘතඥතා පූර්ව ස්තූතිය මෙයින් පළකරමු.
තවද මෙවැනි සිද්ධීන්ට එක් මොහොතකින් තිත නොතබා එවැනි සිදුවීම් වලට යළිත් ඉඩක් නොලැබෙන අයුරින් කටයුතු කරන්නට වගකීම් දරණ තානාපතිවරු ද වගබලා ගතයුතු බව අපගේ හැඟීමයි.
මෙයට,
දේශපේ‍්‍රමියෝ
