සරත් ෆොන්සේකා ළඟදීම නිදහස් !

නිදහස් කිරීමට නියමිතව තිබුනේ වෙසක් පෝය දා!

හිටපු යුධ හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ළඟදීම නිදහස් කිරීමට සුදානම් වන බව වාර්තා වේ.මෙයට පෙර කිහිප වතාවක්ම නිදහස් කරන බවර ආරංචි පල වුවත් එසේ සිදුවුයේ නැහැ.

මේ වන විට නවලෝක රෝහලේ බ්‍රොන්කයිටිස් රෝගය සඳහා ප්‍රතිකාර ලබමින් පසුවන සරත් ෆොන්සේකා ගේ සිරදඩුවම් විදින කාලය නිම වන්නේ 2013 ජූලි මසය.ඒ සඳහා ඇප ලබා දෙන ඉල්ලා ඇති ඇප අයදුම්පත මේ වන විට ශ්‍රේෂඨාධිකරණය හමුවේ පවතී.

පසුගිය කාලය පුරා ටිරාන් අලස් මන්ත්‍රීවරයා හා අනෙකුත් පාර්ශව සිදු කරන ලද සාකච්චා වල ප්‍රතිඵලයක් ලෙස රජය විසින් විශේෂ කමිටුවක් මගින් සරත් ෆොන්සේකා මහතාට ලබාදිය හැකි සහන පිලිබඳ සොයා බලා ඇති අතර පසුගියදා ජනාධිපතිතුමා දුරකතනයෙන් ටිරාන් අලස් මන්ත්‍රීවරයා සමගා කතා කිරීමේදී සරත් ෆොන්සේකා මහතා නිදහස් කිරීම පිලිබඳ ඉඟි පලකොට ඇත.

ඒ අනුව එම නිදහස ලබාදීමට නියමිතව තිබුනේ පසුගිය වෙසක් පොහොය දිනයේ වුවත් සරත් ෆොන්සේකා මහතාගේ නිදහස වෙනුවෙන් සම්බන්ධිකාරක කටයුතු කල ටිරාන් අලස් මහතා විදේශගතව සිටින බැවින් එය පමා කොට ඇත.

ඒ අනුව ටිරාන් අලස් මහතා අද (14) නැවතත් දිවයිනට පැමිණීමට නියමිත අතර ඉන්පසුව කෙරෙන අවසන් තීන්දුවෙන් පසුව එම තීරණය ප්‍රකාශ කිරීමට නියමිතයි.

Related Posts Plugin for WordPress, Blogger...