මම ක්‍රිකට් ගහන්නේ සල්ලි නිසා - ලසිත් මාලිංගගේ ඉල්ලීම ඉවතට!

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි වේග පන්දු යවන්නා වන ලසිත් මාලිංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් සමග වාර්ෂිකව අත්සන් කරනු ලබන ප්‍රධාන ක්‍රිකට් කොන්ත්‍රාත්තුව අත්සන් කිරීම ප්‍රතික්ෂේප කර ඇති බව අප මෙයට පෙරහෙළි කළා.

පසුව මේ පිළිබඳව මාධ්‍යයට අදහස් දැක්වූ ලසිත් මාලිංග කියා තිබුනේ තමා තමාව ඒ පිළිබඳව තීරණයක් ගෙන නොමැති බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයත් සමග ඒ පිලිබඳ සාකච්ජා කරන බවත්ය.

ඒ අනුව වාර්ෂික ක්‍රිකට් කොන්ත්‍රාත්තුව මේ වන විට ප්‍රකාශයට පත්කර ඇති අතර එහි ලසිත් මාලිංග අයත් වනුයේ පළමු ශ්‍රේණියටය.

මාලිංග පළමු ශ්‍රේණියට අයත් වුවත් ටෙස්ට් තරඟ ක්‍රීඩා නොකරණය හෙයින් ඔහුට ලැබෙනුයේ ලැබිය යුතු මුදලින් 40% ක් පමණි.ඒ අනුව ලසිත් මාලිංග විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් වෙතින් ඉල්ලීම් කොට තිබුනේ මුළු මුදලම තමාට ලබා දෙන ලෙසයි.නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේපකොට තිබෙනවා.

ඒ පිලිබඳ පැහැදිලි කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ‍ලේකම් නිශාන්ත රණතුංග මහතා
“කාටවත් විශේෂයක් කරන්න බැහැ. එහෙම කළොත් අනෙක් ක්‍රීඩකයන් තමන්ටත් මුළු මුදලම අවශ්‍ය බව ප්‍රකාශ කරාවි. එහෙම වුණොත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව ඉදිරියට ගෙනයන්න බැහැ. ක්‍රිකට් නීතිය කාටත් එකයි. කාටවත් විශේෂයක් කරන්නේ නැහැ.”
කොන්ත්‍රාත් ලැයිස්තුව පහතින් බලන්න

I ශ්‍රේණිය

මහේල ජයවර්ධන
කුමාර් සංගක්කාර
ටී.එම්. ඩිල්ෂාන්
තිලාන් සමරවීර
ලසිත් මාලිංග

II ශ්‍රේණිය

ඇන්ජලෝ මැතිව්ස්
නුවන් කුලසේකර
රංගන හේරත්
උපුල් තරංග

III ශ්‍රේණිය

ප්‍රසන්න ජයවර්ධන

IVවන ශ්‍රේණිය

තරංග පරණවිතාන
සුරාජ් රන්දිව්
අජන්ත මෙන්ඩිස්
දිනේෂ් චන්දිමාල්

Vශ්‍රේණිය

දිල්හාර ප්‍රනාන්දු
චානක වෙලගෙදර
තිසර පෙරේරා


VI ශ්‍රේණිය

චාමර කපුගෙදර
සුරංග ලක්මාල්
ළහිරු තිරිමාන්න

-සම්බන්ධිත පුවත්-
මම ක්‍රිකට් ගහන්නේ සල්ලි නිසා - ලසිත් මාලිංග

Related Posts Plugin for WordPress, Blogger...