අප්‍රිකාවේ සුවිසල් භූගත ජල සංචිතයක්‌?

අප්‍රිකාව යනු ජල හිඟයෙන් දැඩි ලෙස පීඩාවට පත් ව ඇති රටවල් හා ප්‍රදේශ රැසකින් සමන්විත මහාද්වීපයකි.

ලෝකයේ විශාලතම කාන්තාර ප්‍රදේශ දැකිය හැක්‌කේ ද අප්‍රිකාවේ ය. එහෙත් ඒ මහාද්වීපයේ සුවිශාල භූගත ජල සංචිතයක්‌ ඇති බවක්‌ පසුගිය දා සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.

මෙසේ අප්‍රිකා මහාද්වීපයේ දැකිය හැකි භූගත ජලධරවල ඇති ජල ප්‍රමාණය පොළොව මතුපිට දැකිය හැකි ප්‍රමාණය මෙන් සිය ගුණයක්‌ පමණ තරම් වේ. 


මේ දත්ත මත සකස්‌ කරන ලද සිතියමක්‌ මඟින් අදාළ භූ ජලධරවල පිහිටීම පෙන්වා දී ඇත.

ඒ අනුව ජල හිඟයක්‌ ඇති ඇතැම් රටවල භූගත ව විශාල ජල සංචිතයත් ඇති බව පෙනේ. මේ ඇතැම් ජලධර අවසන් වශයෙන් පිරී ගියේ වසර දහස්‌ ගණනක්‌ තරම් අතීතයේ ය.

කෙසේ වෙතත් මේ භූගත ජල සංචිතය භාවිතයේ දී මහා පරිමාණයෙන් විදීම් සිදු කර මේ ජලය ලබා ගැනීම කළ හැකි හොඳ ම ක්‍රමය නොවන බවත් අත් පොම්ප හා කුඩා ප්‍රමාණයේ විදීම් යොදා ගැනීම යෝග්‍ය වන බවත් පර්යේෂකයන් ගේ අදහස වේ. 


ඒ සම්බන්ධව සිදුකරන ලද පරීක්ෂණ වාර්තා සම්පුර්ණයෙන් කියවන්න මෙතනින් 

Related Posts Plugin for WordPress, Blogger...

Comments (42)

Loading... Logging you in...
  • Logged in as
අනේ වාසනාවන්..අප්‍රීකාවේ ඔය අසරණ මිනිස්සුන්ට එහෙම වත් සහනයක් ලැබෙනවා නම් ..!!
3 replies · active 674 weeks ago
ඒක නම් ඇත්ත. මේක ලංකාවෙ තෙල් ලිං වගේ ඡන්ද ගුණ්ඩුවක් වෙන්නෙ නැතුව ඒ මිනිස්සුන්ට ඇත්තටම ප්‍රයෝජනයක් ගන්න ලැබේවා කියලා පතනවා.
ස්භාවික පරිසරේට හානියක් නොවෙන විදියට මේ සම්පතෙන් ප්‍රයෝජන අරගෙන ඒ අසරණ මිනිස්සුන්ට විදින දුකෙන් ගැලවෙන්න මේදේ පාවිච්චි කරන්න පුලුවන්නම් ලොකුම දෙයක්...අප්‍රිකාවේ මිනිස්සු මෙච්චර කල් වතුර බින්දුවක් නැතුව දුක් විදලා තියෙන්නේ මහා වතුර කන්දරාවක් උඩනේ.
එහෙම දෙයක් තියනවා කියලා හීනෙකින් හරි අහන්න ලැබෙනවනම් ඒ මිනිස්සු ගොඩාක් සතුටු වෙනවා ඇති.
කාට හරි හරියනවනම් ලොකු දෙයක්.. වතුර නැතිව ජිවත් වෙනවා කියන එක කොච්චර අමාරුද?
වතුර නැතුව මියයන දහස් ගණන් අප්‍රිකාවේ මිනිස්සුන්ට මේක හොද ආරංචියක් වෙයි. හැබැයි තෙල් සම්පත වගේ ඇමරිකන් කාලය මේ වතුර ටිකටත් විදීද දන් නෑ
පොඩි කොල්ල's avatar

පොඩි කොල්ල · 674 weeks ago

අප්‍රිකාවට ගිහින් නල ලිදක් ගහගෙන වතුර බිස්නස් එකක් කරන්න ඔනැ.
2 replies · active 636 weeks ago
ලොකු කොල්ලා's avatar

ලොකු කොල්ලා · 674 weeks ago

අනේ ගොනෝ!
owu den lankawe gala business walatath tax newae
පුදුම විදියට ස්වභාවික සම්පත් තියන මහාද්වීපයක් .... නමුත් මොකක්හෝ කරුමෙකට ඒ මිනිස්සුන්ට ඒ සම්පත් වලින් නිසි ප්‍රයෝජන ගන්න බැරි හැටි ...
2 replies · active 674 weeks ago
පස්චාත් බාගේ's avatar

පස්චාත් බාගේ · 674 weeks ago

දකුණු අප්‍රිකාව හැර අනික් රටවල ඉන්නේ මරා පස්ස වගේ පාලකයෝ.
එතකොට ඉතින් මිනිස්සුන්ටත් වන්දි ගෙවන්න වෙන්න වෙනවා.
සිරාවටම .......
යහපත් සතුටුදායක ආරංචියක්. ඒත් භූගත ජල සංචිතයක් කියන එක හැමදාම තියෙන එකක් නෙවෙයි. ඒක නිසා කළමනාකරණයකින් යුතුව භාවිතා කරන්න වේවි. සුළු විදුම් හා අත් පොම්ප කියන්නෙ හොඳ විකල්පයක්. හැබැයි ඔය රටවල ඉන්න දේශපාලකයොත් ලංකාවෙ අය වගේනම් මේ වතුර ටිකටත් දෙවි පිහිටයි. ඕකත් හාරලා පුලුවන්තරම් වතුර අරන් කොහාට හරි විකුණල සල්ලි ගනීවි. මම ප්‍රාර්ථනා කරනවා ඔය රටවල ඉන්න දේශපාලකයොනම් එහෙම වෙන්න එපා කියලා. නැතිනම් වතුරටත් තෙල්වලට වගේ මරාගනීවි.
1 reply · active 674 weeks ago
පුරුපුරු's avatar

පුරුපුරු · 674 weeks ago

සහතික ඇත්ත.... :D
සොබ දහම නම් කොතරම් පුදුමාකරද ලොකයෙ තියෙන වියලිම රටක් විශාලම කන්තරය තියෙන රටෙත් ජලය නැතිව බොහො පිඩා විදින මිනිසුන් ඉන්න රටෙත් තමන් ඉන්න පොලව යටම මෙතරම් ජල සන්චිතයක් තිය ගෙන.. හිටියෙ ..හරියට තමන් ජිවත් වන පය තියෙන පොලව වාටිනා මැනික් තියා ගෙන ඒය නොදැන ලොව පුරා සොය ගිය වගෙ
හිපපොටේමස්'s avatar

හිපපොටේමස් · 674 weeks ago

ලන්කවේ තෙල් වගේද දන්නෙ නෑ
ඕක පරණ නිවුස් එකක්නේ ඇඩ්මින්...නැද්ද මොකුත් අලුත් දෙයක් ...අනිත් එක ඔය අප්‍රිකාවේ සමහර රටවල්වල තෙල් සහ දියමන්ති රත්තරන් තියෙනවා .එත් ඒ රටවල්වල ඉන්න මිනිස්සුන්ට ඒවා වලින් දියුණු වෙන්න ඒ බටහිර රටවල්වල පාලකයෝ ඉඩ දෙන්නේ නැ..මොකද අප්‍රිකාව කියන්නේ උන්ගේ ලැබ් එක වගේ ...මිනිස්සුන්ව පවිට්චිකරන්නේ ලැබ් එකේ ඉන්න මීයෝ ගානට
ආරන්චිය ගෑන සතුටුයි.ඒත් ඔය අප්‍රිකාවෙ හුගක් රටවල්වල තියෙන්නෙ ලන්කාවෙ වගේ කම්බහොරු පාලනය කරන ආණ්ඩු.ඒ නිසා ඔය වතුර කෑනීම අපේ තෙල් නිදිය හාරනවා වගේ වෙයි.අපේ එවුන් උගන්ඩාවත් එක්ක තානාපති සම්බන්දකම් පටන් ගන්න යන්නෙ මෙහේ නිදන් හාරනවා වගේ එහේ ගිහිල්ලා වතුර ගන්න මුවාවෙන් රත්‍රන්,දියමන්ති හොරකමේ යන්නද දන්නෙ නෑ.මම කෝකටත් නාමල් බේබිගෙන් අහලා කියන්නම්.
රටේ පුරවැසියා's avatar

රටේ පුරවැසියා · 674 weeks ago

හොද වෙලාවට වතුර හම්බ වෙලා නතර උනේ. බැරි වෙලාවත් තෙල් වත් හම්බ උනා නම් අප්‍රිකාව විනාශ වෙනවා අමෙරිකාවෙන්
1 reply · active 674 weeks ago
මචෝ අප්‍රිකාවේ වතුර වලට උඩින් තනිකරම තියෙන්නේ තෙල් තමයි.දැනටත් ඇමරිකාව වැඩ කරගෙන යන්නේ .
parisara wedeya's avatar

parisara wedeya · 674 weeks ago

apetat mewa honda padam...wathura paresamen pawechi karapala....
ලෝකය බිහි වුනු දවසෙ ඉදලා...... වතුරය් කාගෙත් මිතුරා සැමදා...
දොන් ටොමී's avatar

දොන් ටොමී · 674 weeks ago

හොද වෙලාවට ලංකාවේ තිබ්බේ නැත්තේ .......
හුටා_පටා's avatar

හුටා_පටා · 674 weeks ago

අඩේ නිදන් නාමල් දැගත්තොත් - විදගෙන විදගෙන යයි නේ.
2 replies · active 673 weeks ago
විදල විදල දැන් ටිකක් අමරුයිලු පොඩි රෙස්ට් එකක් ගන්න යන්නේ බිපාශා එක්ක..
Good NEWS
තව වසර ගණනවකින් පසු ලෝකයේ වටිනාම සම්පත වනුයේ ජල සම්පතය්. අප්‍රිකාව යනු ලෝකයේ විශාල සම්පත් සමුහයකින් පිරි විවිද ජනකණ්ඩායම් වලින් සමන් විත මහද්වීපයකි. අවාසනාවකට එම රටවල පවතින නුගත් කම සහ සම්බන්ද වූ ගැටුම් නිසා එම සම්පත් බටහිර රටවල් විසින් සුක්ෂමව කොල්ලකති. දැනට අල්ලාහ් විසින් අරාබි රටවලට දුන්නයය් කියන තෙල් සම්පත අවසානය කරා ලගා වෙමින් පවතී. නුදුරු අනාගතයේදී ඔවුන්ටද ජලය ඉල්ලා ආසියානු සහ අප්‍රිකානු රටවල් ඉදිරියේ දනින් වැටෙන්න සිදු වෙනු ඇත. රටක් වශයෙන් අපට හිමිව ඇති මේ මහගු ජල සම්පත අප අපගේ දරුවන් වෙනුවෙන්,අනගතය වෙනුවෙන් රැකගත යුතුය. අතීතයේ රජකම් කල මහා පැරකුම්බා වැනි රජ වරුන් ගේ තිබු දුරදක්නා නුවන නිසා තමය් ජලබිදක් වත් මුහුදට නොයවා රැකගන්න ලෙසඉල්ලහිටියේ . අපේ පැරණි රජ දරුවන් ගේ දුරදක්නා නුවන නිසා අද අපට ජලසම්පත ඉතුරුවී ඇත. එහෙත් අද ඉන්න පාලක පැලැන්තිය අපගේ ඉදිරි පරපුර වෙනුවෙන් ආරක්ෂා කරන්නේ කුමක්ද..? කාලකන්නිකම පමණක්ද. රටට ආදරය කරන රට වැසියන් හැටියට රටට ආදරය කරන නිවැරදි පාලකයන් පත් කිරීමට කාලය පැමිණ ඇත....
සැමී's avatar

සැමී · 674 weeks ago

සහන්යක් පිස්සුද බන්ස් එහේ ඉන්නෙත් රාජපක්ශගේ ලගම නෑයො සෙට් එකක්.........
ලොකු පිනක් අෆ්ෆා එක නම් .
බබා 's avatar

බබා · 674 weeks ago

මමත් යනවා අප්‍රිකාවට ගිහින් ජීවත් වෙන්න. අපේ රටට වඩා හොදයි, අඩුගානේ වතුර බීල හරි නොමැරී ඉන්න පුළුවන්නේ.
අප්‍රිකවෙත් අපේ වගේ සාටක පරම්පරාවක් හිටියනම් පව් අසරනයන්ගෙ වතුර ටිකත් බෝතල් කරල විකුනයි....
Libya wala tiyenawa . eken watura Tripoli walatath dunna sahara desert eke idala
බ්ලොගය's avatar

බ්ලොගය · 674 weeks ago

අපෙ ජනපති උතුම අප්‍රිකවෙ හිටියනම් එතුම එ ජල සන්චිත මනාව කලමනකරනය කරනව. එත් එහෙ උන් ගම කා ගනිය්ද මන්ද...
අපේ රටේ තෙල් තියෙනවා කිව්වා වගේද දන්නේ නෑ
I have some friends from Nigeria, according to them there is no big difference between our government and their governments, I don't think Africans will get the total benefit of this at least for next couple of years :(
දැන් ඉතිං ඔකටත් අැමරිකන් කාරාෙයා් ෙග්ම ඉල්ලයි ද දන්ෙන් නැ....

අප්‍රීකාවේ ඔය අසරණ මිනිස්සු ෙව්නුෙවන් පහාල ෙව්ච්ච නිදානයක් ම තමයි ෙම්ක...
ස්භාවික පරිසරය තරම් අසිරිමත් දේවල් මිනිසාට කරන්න බැහැ. නමුත් මිනිසා පරිසරයෙන් හිමිවී ඇති සියල්ල තමා වෙනුවෙන් පමණක් යැයි සිතා කටයුතු කිරීම නිසා පරිසරය ඉතා ඉක්මනින් ක්ෂයවෙමින් යනවා. දවසක මිනිසා මීහිමතින් වද වී යන්නේ මිනිසා නිසාමයි.

ඒ කොහොම උනත් මේ ආරංචිය නම් බොන්න වතුර ටිකවත් නැති අප්‍රිකාවේ මිනිසුන්ට මහත් ශනයක් වේවි. නමුත් තිබෙන ප්‍රශ්නය වන්නේ අප්‍රිකාවේ අති බහුතරයක් දේශපාලක නායකයින් නිවැරදි තීරණ ගන්නා පිරිසක් නොවීමයි.
ඕව රන් මැණික්වගේ පොලොව යට තියෙන නිදන්! අර කවුද උන්නාන්සේ කෙනෙක් කීව වගේ, හොරු ඕව හාරන්න කලින්, අප්‍රිකානු රජයන් මැදිහත් වෙලා ඕව ඉක්මනට ගොඩ ගන්න ඕනේ!
චෑන්..'s avatar

චෑන්.. · 674 weeks ago

දැන් චම්පික රණවකට #කේ ඇගිල්ල ගහගන්න කියමු. ඌ පහුගිය දවස්වල කියකිය හිටියේ 3වැනි ලොක යුද්දේ ඇතිවෙන්නෙ වතුර නිසා,අපි හරි වාසනාවන්තයි අපිට ඔනතරම් වතුරතියනවා අනිත් රටවල් වලට නෑ කියලා..
නෙදකින් කාලකණ්ණියා තෝවගේ කාලකණ්නියෙක්..
ප්‍රශ්නේ තියෙන්නේ මේකයි.. අවුරුද පනස් ගානක් තිස්සේ අප්‍රිකාවේ එකෙක් හිටියේ නා නේ පොඩ්ඩක් තමන්ගේ පොලොව හාරලා බලන්න, සුද්දගේ පාන් ගෙඩිය ගිල ගිල හිටිය මිසක්.... කමක් නෑ,, දැන් වත් ඒ මිනිස්සුන්ට වගාවක් කරගන්න ලැබේවා !!
Ane deviyane me aurudde ahapu hitha hadena ekama news eka.eth..............aprikawath iwara wey wage.dan obaba kiyay mama suddek nevey aprikanu kalu jathikayek kiyala.

Post a new comment

Comments by