මීලඟ ක්‍රීඩා නියෝජ්‍ය ඇමති නාමල් ද !!!!

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එළඹෙන 16 දා නියෝජ්‍ය අමාත්‍ය ධුරයක් පිරිනැමීමට සැරසෙන බව රජයේ නිල නොලත් අභ්‍යන්තර ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබෙනවා.

එසේම එම ආරංචි මාර්ග අනුව ක්‍රීඩා හා යෞවන කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ධුරය බොහෝ දුරට නාමල් රාජපක්ෂ මහතාට ලැබීමට නියමිත බවයි දැනගන්නට ලැබෙන්නේ.


වත්මන් ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එම ධුරයෙන් ඉවත්වන ලෙසද බලපෑමක් ඇති බවත් ක්‍රීඩා අමාත්‍ය වරයෙකු නොමැතිව අමාත්‍යංශය නව නියෝජ්‍ය අමාත්‍ය වරයා යටතේ පාලනය කිරීමට සැලසුමක් ඇති බවත් එම ආරංචි මාර්ග වලින් වැඩි දුරටත් දැනගන්නට ලැබෙනවා.

එසේම ජනාධිපතිවරයාට ලිපි මගින් ඇමතිධුර ඉල්ලා සිටි නිශාන්ත මුතුහෙට්ටිගම, සනත් ජයසුරිය, සරත් වීරසේකර, ශ්‍රී රංගා ඇතුළු පිරිසකට නියෝජ්‍ය අමාත්‍යධුර පිරිනැමීමට සැලසුම් කර ඇති බවත් නියෝජ්‍ය ඇමතිවරු කිහිපදෙනෙක් කැබිනට් ඇමතිවරු කිරීමට සැලසුමක් පවතින බවත් එම ආරංචිමාර්ග වලින් හෙලි කර තිබෙනවා.

Related Posts Plugin for WordPress, Blogger...