දුමින්ද හා ෆොන්සේකා ගැටෙයි!

දුමින්දගෙන් ෆොන්සේකාට පිළිතුරු

සරත් ෆොන්සේකාගේ අභියෝගය තමන් තනිව භාර ගැනීමට  ඕනෑම අවස්ථාවක සූදානම් බව දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා කොලොන්නාව අඹතලේ ප‍්‍රදේශයේ පැවැති උත්සවයකට සහභාගී වෙමින් ප්‍රකාශ කොට ඇත.
 

එහිදී අදහස් පලකල දුමින්ද සිල්වා
"ඊයේ පෙරේදා සරත් ෆොන්සේකා කියනවා..මගේ 500 කට එයාගේ 5 දෙනෙක් ඇති කියලා.ජනතවගෙන් 500 ක් ඕන නෑ..එයාගේ 5 දෙනා එවන්න මම තනියෙන් ගන්නම්.. හැබැයි කිව්වා විදියට තියෙන්න ඕන..


කොන්ද කෙලින් තියෙන මිනිහෙක්නම්,වචනයක් ඒ විදියට කිව්වනම් ඔය 5 දෙනා එවන්න මම තනියෙන් ගන්නම්.මගේ 500 ක් ඕන නැ.

තමුන්නාන්සේලා දන්නවා කිසිම මනුස්ස කමක් නැති ආප්පෙන් තමන්ගේ සේවකයන්ට ගහන මනුස්සයා..මනුස්සකමක් දන්නැති කෙනෙක්..

ඒ කලේ හමුදා සොල්දාදුවන්ට බත් පැකට් එකක් ඇතුලට ගෙන්න දුන් නැති කෙනෙක්.අද සත්තු වත්තේ ඉන්න හැම සතෙක්ගේම නම කියල මිනිස්සුන්ට ආමන්ත්‍රණය කරන්නේ.සත්තුවත්තේ නම් අහගන්න ඕන නම් ෆොන්සේකාට අමතන්න..

ඕන සතෙක්ගේ නමක් කියයි..කියන පරක්කුවෙන්.ඉතින් මන් බලාගෙන ඉන්නවා එයාගේ 5 දෙනා එවනකන් මම තනියෙන් ගන්න..මම මගේ මිනිස්සු දාන් නෑ.."
එම හඬ පටය 


11/06/2011
හිටපු හමුදාපති සරත් ෆොන්සේකා මහතා සහ ආණ්ඩුවේ අධීක්ෂණ මන්ත්‍රී දුමින්ද සිල්වා එකිනෙකාට එරෙහිව වාග් ප්‍රහාර අරඹා තිබේ.

පසුගිය 06 වනදා සුදුකොඩි නඩුව විභාගයට පැමිණි අවස්ථාවේ රැස්ව සිටි පිරිස ඇමතු සරත් ෆොන්සේකා

"අපි දැක්ක කොළොඹ දී ආරක්ෂක ලේකම් ගාව ඉන්න ස්ත්‍රී දුෂකයන්ගේ පොලු හමුදාව..ඔය පොලු හරඹ අපි වැඩි කාලයක් කරන්න දෙන් නෑ..බලයට ආපු ගමන් ඒ අයට විරුද්ධව අපි නීතිමය ක්‍රියාමාර්ග ගන්නවා.."

06 වනදා සරත් ෆොන්සේකා සිදු කල කතාවට දුමින්ද සිල්වා 09 වනදා පිළිතුරු දෙන්නේ විපක්ෂයේ ක්‍රියාමර්ග හෙලා දකිමින් රජයට සහයෝගය පල කරමින් කොළොඹ දී පැවැත් වූ උද්ඝෝෂනයකදීය

 

“මේ රටේ පැල්පතේ ජිවත්වන ජනතාව මේ පාරට බැහැලා රජය ශත්කිමත් කරන්න මේ ර‍ට බේරලා දීපු නායකයා වෙනුවෙන් ඉදිරිපත් වෙනකොට අද ඒ අයව පේන්නේ මේ  උදවියට කුඩු කාරයෝයි, ගංජා කාරයොයි, මංකොල්ලකාරයො විදියට..

පොලු ටිකක් අරගෙන මාධ්‍යට දැම්මා කියලා ඒකට අපිව වට්ටන්න හම්බවෙන්නෙ නැහැ. පොලු ගෙනාවෙ බැනර් අලවන්න. අපිට ගහන්න ආවනම් ගහනවා. 

අද සරත් ෆොන්සේකා වගේ දූෂිතයෙක් කොහෙවත් නැ. ඊයේ පෙරේදා කියනවා මේ අපිත් එක්ක හැප්පෙන්න එන්න ඕන කියලා. එයාට හැප්පෙන්න ඕනනම් ඕන විදියකට හැ‍ප්පෙන්න ලෑස්තියි මමත් එයත් එක්ක... 

හැබැයි එයා තාම ඇතුලේ. ඇතුලෙ ඉන්න එකාට පුළුවන්ද මේ එළියට ඇවිල්ලා මගෙත් එක්ක හැපෙන්න. එයාට ඕන්නම් හැප්පෙන්න එන්න. අපිත් ලෑස්තියි හැප්පෙන්න.ජන රැල්ලෙන් හැප්පෙන්නෙ"
 
දුමින්ද ගේ කතාව ඇතුලත් වීඩියෝව 



දුමින්දගේ මෙම කතාව පිලිබඳ අද රැස් වූ සුදු කොඩි නඩුවට සහභාගී වූ  සරත් ෆොන්සේකා මහතාගෙන් මාධ්‍යය විමසු විට 


"මම මීට කලින් ප්‍රකාශ කළා දැරියක් දූෂිත කරපු දාමරික මන්ත්‍රී ගැන. ඊ‍යේ එයා තොප්පි දාගෙන කෑ ගැහුවා. හැප්පෙන්න එනවා කිව්වා. මම කොටි හමුදාවත් එක්ක හැප්පුනාට සූකරයොත් එක්ක හැප්පෙන්න නැහැ. ඔය සූකර හමුදාවේ 500කට මගේ පස් දෙනෙක් ඇති"

සරත් ෆොන්සේකාගේ කතාව ඇතුලත් වීඩියෝව 


දුමින්දගේ උද්ඝෝෂනයේ නිරුවත මෙන්න

තිරය පිටුපස දේශපාලන ලෝකය (06/04)

Related Posts Plugin for WordPress, Blogger...