අයෝධ්‍යා මාතරදී සිදු වූ අතවරය ප්‍රතික්ෂේප කරයි
Monday, June 13, 2011
එම අතවරය සිදුකල පුද්ගලයා පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත්කල පසු අධිකරණය මගින් රුපියල් ලක්ෂයක ඇපයක් මත මුදාහරිනු ලැබුවා.
නමුත් ඉරිදා දිවයින පුවත්පතේ මීවිත අතිරේකය ඇයගෙන් මෙම සිදුවීම සම්බන්ධව විමසුවිට ඇය ප්‍රකාශකොට තිබෙන්නේ මෙවැන්නක්.
"ඔය අහන්නේ මගේ පවුලේ අයත් සමග කතරගම සංචාරයක යෙදුනු අවස්ථාවේ මුහුදේ නාන්න ගිහින් වුනු සිද්ධිය සම්බන්ධයෙන් නේ?එක බොරු කට කතාවක්.
අයෝධ්‍යා ම්හිරාවී හට මාතරදී මුහුණ පෑමට සිදු වූ සිදුවීම පිලිබඳ පුවත්පත් වලින් හෙළි වුවත් එහි සැබවින්ම සිදු වූ දේ එම සිද්ධිය ඇසින් දුටු අයෙක් අප වෙත ප්‍රකාශකොට සිටියා.
ඒ අනුව අයෝධ්‍යා ඇතුළු පිරිස එහි පැමිණ ඇත්තේ බස් රථයකිනි.අයෝධ්‍යා හුලං පිරවූ ටියුබ් එකක් මත සිටින විට දිය යටින් පැමිණි පුද්ගලයා ඇයගේ උඩුකය පෙදෙස ස්පර්ශ කොට ඇත.
ඉන් කලබලයට පත්වූ අයෝධ්‍යා ගේ කෑ ගැසීමෙන් පසුව ඇය සමග පැමිණි පිරිස අදාළ තරුණයා සොයා ඇත්තේ "මාතර ඉන්න චන්ඩි කව්ද?"යනුවෙන් අසමිනි.
මේ අතර අතවරය සිදුකල පුද්ගලයා ඒ අසල කඩයක සිට පැන දිවගොස් තිබේ.අයෝධ්‍යා ගේ පිරිස ඔහු පිටුපස හඹා ගොස් අල්ලාගෙන පහර දෙන විට මාතර පොල්හේනේ පදිංචි තරුණයන් විසින් ගැටුම සමථයකට පත් කිරීමට උත්සාහ ගෙන ඇත.
ඒ අවස්ථාවේදී අයෝධ්‍යා ගේ සිටි පිරිසෙකු අයෙක් පොල්හේනේ තරුණයෙකුටද පහර දී ඇත.
ඉන් කිපුණු පොල්හේනේ පදිංචි තරුණයින් විසින් අයෝධ්‍යා ගේ පිරිසට එලව එලවා පහරදී ඇත.
අයෝධ්‍යා ඇතුළු පිරිස පැමිණි බස් රථයටත් පහර දී ඇති අතර ගැටුම නවත්වාගෙන ඇත්තේ අයෝධ්‍යා පොල්හේන් තරුණයන් ඉදිරිපිට වැඳ වැටෙමින් කල ඉල්ලීමකට අනුවය.
ඒ අනුව තෙත බරිත ඇඳුම් ද සමග අයෝධ්‍යා ඇතුළු පිරිස පොල්හෙනෙන් පිටවී ගොස් ඇත.
අයෝධ්‍යාට මාතරදී කරදරයක්
