මහේල හා මැක්ස්වෙල් අතර උණුසම් වචන හුවමාරුවක්
Tuesday, January 29, 2013කාසියේ වාසිය දිනු ඔස්ට්‍රේලියාව පන්දුවට මුලින් පහර දීම සඳහා ශ්‍රී ලංකාවට ආරාධනා කල අතර ශ්‍රී ලංකා පිල පන්දුවාර 20 අවසානයේ කඩුලු 4ක් දැවි ලකුණු 161ක් වාර්තා කලේය.
එහිදි මහේල ජයවර්ධන අගනා ඉනිමක් ක්‍රීඩා කරමින් නොදැවී ලකුණු 61ක් සහ තිසර පෙරේරා නොදැවී ලකුණු 35ක් රැස් කරන ලදි.
ඔස්ට්‍රේලියාව පන්දුවාර 10ක් අවසානයේදී කඩුලු දෙකකට ලකුණු 60ක් වාර්තා කරමින් සිටියදි ඇදහැලුනු වර්ෂාව හේතුවෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව පන්දුවාර 15ට ලකුණු 122ක ඉලක්කයක් ලබා දෙනු ලැබුණි.
නමුත් එහිදී තිසර පෙරේරා යැවූ ඉනිමේ අවසන් ඕවරයේ අවසන් පන්දුවට ඕස්ටේ‍්‍රලියාවට ජයග‍්‍රහණය සඳහා ලකුණු 4 ක් රැස්කිරීමට සිදුවුවද ග්ලෙන් මැක්ස්වෙල්ට ලකුණු රැස්කිරීමට නොහැකි වූ හෙයින් ශ්‍රී ලංකාවට ජයග්‍රහණය හිමිවිය.
මෙහිදී මහේල, මැතිව්ස්, තිසර සහ මාලිංග අවසන් පන්දුවට යැවීමට සාකච්චා කරමින් සිටියදී අවසන් පන්දුව යැවීම ප්‍රමාද කිරීම හේතුවෙන් ගලෙන් මැක්ස්වෙල් කෝපයට පත්ව කල ප්‍රකාශයකට මහේල ප්‍රතිචාර දැක්වීමත් සමග ක්‍රීඩා පිටියේ උණුසුම් තත්වයක් හට ගැනුනා. මහේල සහ මැක්ස්වෙල් අතර සිදුවූ මෙම උණුසුම් වචන හුවමාරුවට මෙතෙක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කිසිදු පියවරක් ගෙන නැහැ.
තරඟයේ පරාජය ඉදිරියේ ආවේගශීලි වූ මැක්ස්වෙල් තරඟය නිම වීමෙන් පසු මහේල ගෙන් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ අනෙකුත් ක්‍රීඩකයන්ගෙන් සිදුවූ සිදුවීම පිලිබඳ සමාව ඉල්ලා ඇත. මෙය ඔහුගේ ට්විටර් ගිණුමේ සඳහන් කොට තිබුනේ මෙලෙසින්.
"මම මහේල ගෙන් සහ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන්ගෙන් සමාව ඉල්ලනවා ක්‍රීඩාපිටියේදී සිදුවූ දෙයට. මම මහේලගේ හොඳ මිතුරෙක් සහ ඒ මිතුදම ඉදිරියටත් එසේම පවතීවි "
''තරඟය අවසානයේ මම ශ‍්‍රී ලංකා ක‍්‍රීඩකයින් රැදී සිටි ක‍්‍රීඩාගාරය වෙත ගොස් සිදුවූ සිදුවීම පිළිබඳ කනගාටුව දැක්වූවා. සියල්ල හොදින් විසදුනා. මට ඒ පිළිබඳව සතුටුයි"
එම අවස්ථාවේ වීඩියෝව බලන්න පහතින්