බමන රැඟුමෙන් ඇදවැටුණු නිළිය
Tuesday, January 29, 2013
පහුගිය දවසක ප්‍රසිද්ධ හෝටලයක පැවැති සාදයකදී ප්‍රසිද්ධ නිළියක් පෙරේතයා පොළොවේ ගැහුවා වගේ හතරමුණින් වැටී තිබේ.ඇයව හඳුනාගත හැකි ලක්ෂණයක් වන්නේ එක සමනලයෙක් නොව සමනලුන් ගොඩක් හිමි සුරූපී රංගන ශිල්පිනියක් වීමයි.
තම පෙම්බර සැමියා සහ දරු පැටව් පෙරටු කොට පැමිණි ඈ මෙහෙම හතරගාතෙන් වැටුණේ රංගනයේ යෙදෙන අතරතුරේදීය.
කට කැඩිච්ච අය නම් කියන්නේ පදමට මත්වී අලුත් අඩව්වක් ඇල්ලුවා කියලයි.
නොහොබිනා කතා කියන උදවිය කියන්නේ පහුගිය කාලේ ගොසිප්9 වෙබ් අඩවියේ පළවුණු දේවල් දරාගන්න බැරුව ඒ දුකට බීලා වැටුණා කියලයි.
ඒත් නිළියකට වැටෙන්න බැරිද?... ඕකට පස් වැනි සිල්පදය කඩන්නම ඕනෙද?... කකුල පැටලිලා වැටුණා වෙන්නත් බැරිදැයි තවත් අය අසනවා.
මොකක් වුණත් නිළිය වැටුණු බව ඇත්ත. බීපු බවත් ඇත්ත.
