මොකක්ද මේ බුද්ධ බාර් ?

බේරුවල සිදුකරන ලද බුද්ධ බාර් වැටලීම මත බොහෝ දෙනෙකුගේ අවධානය බුද්ධ බාර් වෙත යොමුවෙන ලදී .

එහෙත් ඇතැම් පුද්ගලයන් ලියා එවන ලද අදහස් තුලින් අපට අවබෝද වුයේ බුද්ධ බාර් පිලිබඳ ඇතැම් පිරිස් වැරදි අවබොදයක සිටිනා බවයි.

ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථාන නමින් ගණිකා ව්‍යාපාර පවත්වාගෙන යන්නාසේ ඇතැම් පිරිස් අවබෝධ කොටගෙන සිටිනුයේ බුද්ධ බාර් යනු බුදු පිළිම ඉදිරියේ නළගණන් නිරුවත්කර ව්‍යාපාර කරන තවත් රාත්‍රී සමාජ ශාලාවක් ලෙසයි. 


එ හෙතුකොට ගෙන මෙහි සැබෑ ස්වරුපය හෙළිකරනු වස් පහත තොරතුරු අපි ඉදිරිපත් කරන්නෙමු. 

මොකක්ද මේ බුද්ධ බාර් ?

1996 වර්ෂයේ දී "රේමන් විසන්" මුල්වරට බුද්ධ බාර් ආපන ශාලා සංකල්පය යොදා ගනිමින් ආපන ශාලාවක් ප්‍රංශයේදී ආරම්භ කරන ලදී. රේමන් විසන් ලොවපුරා සංචාරයකර තිබෙන අතර ඔහු එම සංචාරයන් එහිදී වඩාත් හිත්ගත් ආසියාතික රටවල පැරණි පන්සල්වල පවතින වටපිටාව සහ ආකෘතිය මෙම සංකල්පය සඳහා යොදාගෙන තිබෙයි.

මෙම ආපනශාලා සංකල්පය මිනිසුන් අතර ඉතා ජනප්‍රිය වූ බැවින් මෙය දැනට ලොවපුරා රටවල් 15 ක පමණ ක්‍රියාත්මක වෙයි. මෙම සංකල්පය තවදුරටත් පුළුල් වෙමින් බුද්ධ බාර් හෝටල් ද දැන් ක්‍රියාත්මක වේ. 

බුද්ධ බාර් ආපනශාලා වල ලක්ෂණ? 

මෙම ආපනශාලා මුලික වශයෙන් රාත්‍රී සහ සැන්දැ ආහාර සැපයීම සිදුකරන අතර චීන ආහාර,වියට්නම් ආහාර,තායි ආහාර සහ ජපන් සුශී ආහාර සැපයීම සිදුකරයි. මෙම ආපනශාලා ඉදිකිරීමේදී නැගෙනහිර ආසියාතික රටවල පන්සල් ඉදිකිරීම් කළා ශිල්පය යොදාගනු ලබන අතර රත්‍රන් පැහැයෙන් යුත් විශාල ප්‍රමාණයේ බුද්ධ ප්‍රතිමාවක් පැවතීම අනිවාර්ය අංගයකි.
මිට අමතරව මනසට විවේකය ගෙනදෙන වාතාවරණයක් ඇතිකිරීම සඳහා ඉටි පන්දම් ආලෝකය,හඳුන් කුරු, මල් සහ බුද්ධ බාර් සංගීතය යොදාගනියි. 

මොකක්ද මේ බුද්ධ බාර් සංගීතය ? 

බුද්ධ බාර් සංගීතය විවේකි සෞම්‍ය සංගීත (Chill Out Music) ගණයට අයත් වන අතර "ක්ලඋඩ් චල්ලේ" නමැති ප්‍රංශ ජාතික සංගීතඥයා විසින් මුල් වරට නිර්මාණය කරන ලදී. මෙම සංගීතය නිර්මාණය කිරීමේදී මුලික වශයෙන් Asian underground,Cuban Rhythms,Nu Jazz, Arabic Percussion සහ Babylon Sound යන සංගීතයන්හි අභාෂය ලැබී ඇත.

මෙම බුද්ධ බාර් සංගීතයට නර්තනය කිරීම් සඳහා යොදාගැනීම සිදු නොකරන අතර ඇතැම් අවස්ථාවලදී අවම අංග චලන සහිතව පිරිස් නර්තනය කිරීම්( (Chill out Movements) දක්නට ලැබේ. යුරෝපයෙහි කාර්යබහුල වෘත්තිකයාන් ආතතියෙන් මිදීම සඳහා මෙය සංගීතය චිකිත්සාව වශයන් සුලබව භාවිතා කරයි. 

බුද්ධ බාර් ක්‍රියාත්මක වන්නේ බුද්ධ ධර්මයට අපහස කිරීමටද ? 

ඇතැම් අවස්ථාවල මෙම අවන්හල් තුල විවාදයට තුඩුදෙන සුළු සිද්ධීන් කිහිපයක් වාර්තා වුවද
මෙම අවන්හල් බුද්ධ ධර්මයට අපහස කිරීමේ අරමුණෙන් ක්‍රියාත්මක නොවේ. මෙය ඔවුන්ට තවත් ආපනශාලා ඉදිකිරීමේ විශේෂ සංකල්පයක් සහ වෙළඳ ප්‍රවර්දන උපක්‍රමයක් පමණි. 

බොහෝ යුරෝපය සමාජයන් ආගමික නායකයන් වෙළඳ ප්‍රවර්ධන සඳහා යොදා ගැනීම් හෝ අපහස කිරීම් විශාල වශයෙන් සංවේදීවීමට කරුණක් ලෙස නොසලකයි.උදාහරණයක් වශයෙන් "මර්ලින් මාන්සන්" නම් ගායකයා ඔවුන්ගේ ප්‍රසංග වල දහස් ගණනක් ජනතාව ඉදිරියේ ජේසුස් වහන්සේට බැනවදියි. එහෙත් ඔවුන් වරණයට ලක්ව නොමැත. 

කවුද මේ බුද්ධ බාර් වලට එන්නේ ?

මෙයට පැමිණෙන බොහෝ පිරිස් සාපේක්ෂව ඉහල අදායම් ලබන්නාවූ පරිණත වෘත්තිකයාන් සහ ව්‍යාපාරිකයන් වන අතර ඔවුන් බහුතරය උපතින් කිතුනු භක්තිකයන් හෝ අන්ආගමිකයන් වේ. 

අප එවැනි පිරිස් සමග කල සම්මුඛ සාකච්ඡාව තුලින් හෙළිකර ගත්ත කරුණු නම් ඔවුන් උපතින් අන් ආගමිකයන් වුවද දර්ශනයක් වශයෙන් බුද්ධ ධර්මයට කෙරෙහි පැහැදීමකින් සිටින බවයි. බුද්ධ ආගමික ඉගැන්වීම් කෙරෙහි ඔවුන්ට විශාල අවබෝදයක් නොමැති වුවද , ජිවිතයේ ඇති ආතතියෙන් මිදීමට මෙවන් ස්ථාන කරා යොමුවීම සහ දර්ශනයක් වශයෙන් බුද්ධ සංකල්ප අනුගමනයට පෙළඹී සිටින බවයි. 

වරක් බුදුරජාණන් වහන්සේගේ රුපය සහිත කමිසයක් ඇඳි සංචාරකයෙකු ගෙන් අප කල විමසීමකදී ඇය කියාසිටියේ ඇය බුදු දහමට ගරුකරන බවත්, මිනිසුන් තමන් ගරුකරණ පුද්ගලයන්ගේ ( චේගුවේරා , බොබ් මාලි , ජේසුස් වහන්සේ , බුදුන් වහන්සේ) රුප සහිත ඇඳුම් ඇඳීම වරදක් ලෙස නොදකින බවත්ය. ඇතැම් සංගීතඥයන් පවසනනේ ඔවුන් ඉහල රසවින්දනය, මානසික ඒකාග්‍රතාව, සාමය සහ කලාව යන කරුණු පිළිබිඹු කරණ සංකේතයක් වශයෙන් බුදුරජාණන් වහන්සේගේ රුපය යොදාගන්නා බවයි.

ඕනෑම කෙනෙකුට බුද්ධ බාර් ආරම්භ කල හැකිද? 

බුද්ධ බාර් හි ආපන ශාලා ආකෘතිය විශේෂ අවසරයක් ගැනීමකින් තොරව අනුගමනය කළහැකි නමුත් බුද්ධ බාර් යන සන්නම් නාමය යටතේ ව්‍යාපාර ආරම්භ කිරීමට විශේෂ අවසරයක් එහි හිමිකරුවන්ගෙන් ලබාගත යුතුය. මක්නිසාද යත් බුද්ධ බාර් යන්න "මැක් ඩොනල්ඩ්ස් ", KFC මෙන්ම වරලත් ව්‍යාපාර(Franchising Business) ගණයට අයත්වන බැවිණි. 

බුද්ධ බාර් වර්ජනය කලයුත්තේ ඇයි ? 

අතීතයේ රජුන් තම පරම වගකීම් ලෙස බුදු සසුන සුරැකීම සිදුකල අතර ශ්‍රී දන්ත ධාතුව රජ්ජත්වයේ සංකේතය ලෙස සලකන ලදී. අවම වසයෙන් රටේ නායකයා වූ රජතුමන් වත් බුදු පිළිමයට පිටුපා පිළිම ගෙයින් නික්ම නොගිය බවට ඉතිහාසයේ සාක්ෂි ඇත. 

එලෙස බෞද්ධ ජනයා අපිරිමිත භක්තියෙන් සලකන්නාවූ ආගමික අගනාකම් තවත් එක් වෙළඳ ප්‍රවර්ධන උපායක් ලෙස යොදා ගැනීමට ඉඩලබාදිය නොහැක. මැක් ඩොනල්ඩ්ස් මගින් විහිලුකරු (Joker) තම වෙළද ප්‍රවර්දන උපක්‍රමයක් ලෙස යොදාගත් අයුරින් බුද්ධ බාර් හි හිමිකරුවනට බුදුපිළිම යොදාගැනීමට අවසර දෙන්නේද යන්න ඔබ තීරණය කළයුතුව ඇත.

අන්තර්ජාතික අධිකරණ ඇත, මානව හිමිකම් සමුළු ඇත, දහසකුත් NGO ඇත එහෙත් මෙයට විරුද්ධව නැගී සිටීමට බලධාරියෙකු නැත. කායිකව සහ මානසිකව වඳ පිදුණු සර්ව ආගමික අගමැති කෙනෙකුන් යටතේ ඇති තවත් එක දෙපාර්තමේන්තුවක් වන බුද්ධසාසන දෙපාර්තමේන්තුව තුලින් මිට වඩා වැඩි යමක් අපේක්ෂා කල නොහැක. වරක් මහනායක හිමිවරු මෙම විහිළුකරුගෙන් බුද්ධසාසන දෙපාර්තමේන්තුව ඉවත් කරන ලෙස ඉල්ලීමක් කලද එයට රජයේ අවධානයක් නොමැත.

නවතම කැබිනට් සංශෝදනයේ සීනි කර්මාන්තය සඳහා වෙනම අමාත්‍ය තනතුරක් ඇතිකර තිබේ. එමෙන්ම උද්භිද උද්‍යාන සඳහාද ඇමතිවරයෙක් සිටී. මේ අනුව පෙනීයන්නේ සීනි කර්මාන්තයට ඇති පිලි ගැනීම්වත් බුද්ධසාසනට ලබාදිය නොමැති බවයි. මුස්ලිම් ආගමිකයනට ඇති ගැටළු සෙවීමට කමිටු පත්කර තිබේ. දහසකුත් අසාධාරණ කම් සිදුවුවද ඒවා සෙවීමට බුද්ධ ආගමිකයනට කමිටුවක්වත් නොමැත.

දශක ගණනාවක් පුරා මෙවන් ගැටළු ඉතා ඉවසීමෙන් බලාසිටි ජනතාව දැන් බොහෝ සෙයින් කලකිරීමට පත්ව සිටියි. ඒ හේතුවෙන් සාධාරණත්වය ළඟා කරගනු වස් ජනතාව නීතිය අතට ගෙන් විදියට බැස සිටියි. එම තත්වයට ජනතාව ඇද දැමු රජය , රට තුල බෞද්ධ අන්ත්ගමින් සිටින බවට චෝදනා කරයි. රජයක් වශයෙන් මේවා දැන්වත් නිවැරදි කරගත් යුතුව ඇත. 

මෙම තත්වයන් තවදුරුටත් පැවතිය හොත් ශ්‍රී ලංකාව ආගම් වාදී ගැටුම් සසිත මහත් අභාග්‍ය තත්වයකට පත්වනු නැවත් විය නොහැක.එවිට මෙය නිවැරදි කිරීමට ප්‍රමාද වැඩිවනු ඇත.

විදේශයන්හි බුද්ධ බාර් ක්‍රියාත්මක වන අයුරු
























බුද්ධ බාර් සංගීතය
.

"මර්ලින් මාන්සන්" ප්‍රසංග වල ජේසුස් වහන්සේට බැනවාදීන් අයුරු

මැක් ඩොනල්ඩ්ස් විහිලුකරු 


- ගොසිප් 9 විමර්ශන -

Related Posts Plugin for WordPress, Blogger...