උත්තරීතර පාර්ලිමේන්තුවේ නිදැල්ලේ සිටින අපරාධකරුවෝ

පාර්ලිමේන්තු සම්ප්‍රදාය ලොවට හදුන්වා දී ශතක තුනක් ඉක්‌මවා තිබේ. ග්‍රීසියෙන් උපන් ප්‍රජාතන්ත්‍රවාදයට අරුතක් දීමට පාර්ලිමේන්තු සම්ප්‍රදාය සමත් විය.

මහා සංස්කෘත රාජ්‍ය ලොවට කෙතරම් කලා නිර්මාණ දායාද කොට තිබුනද රාජ්‍යය පාලනයේදී ජනතාවට උරුම වුයේ ගෝත්‍රික නීති සහ රීතීන්ට යටත් වීමටයි.

උදාහරණයක් ලෙස උඩරට නිතිය තුල අත දරුවන් වංගෙඩියේ කොටා මරා දැමු ආඩම්බරවිය හැකි ඉතිහාසයක් අප සතුවිය. බ්‍රිතාන්‍ය පාලනය පිළිබද එකගවිය නොහැකි වුවද එමගින් ලංකාවට දායාද වූ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය නොවන්නට වර්තමානය ලංකාව තවත් ප්‍රථමික අශිෂ්ට රටක් වන්නට ඉඩ තිබුණි.

තවමත් පාර්ලිමේන්තුවේ බහුතරය නුගතුන්ය. අවම වශයෙන් උසස් පෙළවත් සමත් නැති මන්ත්‍රීවරු පිරිස 225 න් 148 කි (සාක සහිතයි). සාමාන්‍ය පෙළ සමත් නොමැති මන්ත්‍රීවරු පිරිස 225න් 93 කි.


මෙම පිරිස කසිප්පුකාරයන් වන සරණ ගුණවර්ධනලා, වැල්ලේ විදේශිකයන්ගේ රත්තරන් මාල කැඩූ රත්තරන් මල්ලිලා වැනි සිරගෙවල් වල සිටිය යුතු අපරාද කාරයන් ඇමතිවරු ලෙස කිරුළු පළඳින්න අංක එකේ රට බවට ලංකාව පත්වී ඇත.

සාමාන්‍යයෙන් විවාහයකදී හෝ රැකියාවක් දීමේදී හෝ නිවසක් කුලියට දීමේදී ඉතිහාසය සොයා යන අපේ පරපුරේ සියලු දෙය සොයා බලන ශ්‍රී ලාංකිකයින් තමන්ගේ මැතිවරණ වලදී අන්ධයන් මෙන් කටයුතු කිරීම තුල අද සිදු වී ඇත්තේ කුමක්ද?

සාමාන්‍ය ජනතාව නොදන්නා දේශපාලනයක් නොමැත. නමුත් ඔවුන් අවබෝධයෙන් දන්නා දෙයක් ඇත. එනම් අධිකරණය(අලුත්කඩේ), පාර්ලිමේන්තුව (දියවන්නාවේ පචපෙට්ටිය ) සහ විධායකයි (ජනාධිපති). මෙම ත්‍රිත්වය කකුල් තුනක් ලෙසත් එය මත තබා ඇති වස්තුව ව්‍යවස්ථාව ලෙසත් අර්ථ කථනය කල හැක.

ලංකාව තුල නීති පද්ධතියේ ප්‍රධාන සාධකය ව්‍යවස්ථාවයි.

එම නිසාම ජනධිපතිවරයා ලංකාවේ අංක එකේ පුරවැසියා වුවද දිවුරුම් දීමේදී පොරොන්දු වන්නේ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමටයි.

එහිදී දිවුරුම් දෙන්නේ අගවිනිසුරු ඉදිරියේය. එවැනි බරපතල ව්‍යවස්ථාව ආරක්ෂා කරන්නාවූ කකුල් තුන වන අධිකරණය, පාර්ලිමේන්තුව සහ විධායකය තිබිය යුත්තේ එකීනෙක සමානවය. යම් විදියකින් එක කකුලක් ලොකු වුවහොත් සිදු වන්නේ කකුල් තුන මත ඇති ව්‍යවස්ථාව බිමට වැටීමයි. අද එය සිදු වී ඇත.

පාර්ලිමේන්තුව උත්තරීතර යයි කියාගෙන මන්ත්‍රීවරුනට ඕනෑම දෙයක් කිරීමට අවස්ථාව ලැබී ඇත. උදාහරණයක් ලෙස ඔබට ලංකාව තුල එක වරකට විවාහ විය හැක්කේ එක්වරක් පමණි.

දෙවැනි වර විවාහ වන්නේ නම් පළමු විවාහය අවසන් විය යුත්තේය. නමුත් පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවාවී මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම (සරත් අමුණුගමගේ සහෝදරයගේ පුතා) එකවර විවාහ දෙකක් කොටගෙන ඇත.


නිතිය සැමට සමාන බවත් වරද කරුවන් තරාතිරම නොබලා කටයුතු කරන බව අතිගරු ජනාධිපතිතුමා පසුගිය දිනෙක පැවසිය එය කදිමය නමුත් එය පාර්ලිමේන්තුවට බලනොපාන්නේ මන්ද. උත්තරීතර පාර්ලිමේන්තුව අරක්ගෙන සිටින හොර පෙරකදොරුවන්, තුට්ටු දෙකේ මෙගා නිලියන්, හැට පැන්න රැජිනියන්, රත්රන් මාල සොරුන්, හොර හරක් හොරුන් (වරක් අගමැති) විය.

කසිප්පු වෙළෙන්දන්, මිනීමරුවන් වන්දනා මාන කරන කරන ජනතාවක් සිටින තුරු කිසිවක් බලාපොරොත්තු තැබිය නොහැක මක් නිසාද යත් මහජන නියෝජිතයා ඔවුන්ගේ නියෝජනයක් වන බැවිනි. එලෙඹෙන මස 19 වන සංශෝදනයක් පාර්ලිමේන්තුවට පැමිණෙනු ඇත.

කුමක් සදහාද? කා සදහාද? අගවිනිසුරෙකුගේ කාලය වසර පහකට සිමා සිමකිරීමට 19 වන සංශෝදනයත් ජනපතිගේ කාලය අසීමිත කිරීමට 18 වන සංශෝදනයත් ඇත. 20 වන සංශෝධනයකින් සදාකාලික උත්තරීතර පාර්ලිමේන්තුවක් සොයා යාවිද ?

Related Posts Plugin for WordPress, Blogger...