ගුටි කමින් සිටිනා මාලිගාවේ ඇත් පැටියා

දම්වැල් වලින් බැඳීම නිසා තුවාල වූ මාලිගාවේ අලියෙකු පිළිබඳ පුවතක් මීට පෙර අප ඔබට ගෙන ආවා.

එයින් දැකගත හැකිවුනේ කකුල් හතරෙන් 3කම තුවාල නිසා ඇවිදගැනීමට නොහැකිව ඉතා අමාරුවෙන් වාරුගන්නා අලියෙකු පිළිබඳ වීඩියෝවකි.

මේ අතර පෙරේදා උදයේ දලදා මාලිගාවේදී දැකගත හැකි වුනේ කුඩා ඇත් පැටවෙකුට පහරදෙමින් දම්වැල් වලින් ගසක බඳිනා දසුනකි.


ඇත්ගොව්වන් විසින් පහරදෙමින් ඇත් පැටවාව ගසක බැඳ දමා බලාසිටිනවුන්ට පවසන්නේ "ගේන්ඩ බබාලා එහෙම රිංගනවා නම්" කියාය. ඒ නිකම්ම නොවේ. වරක් බඩ යටින් රිංගවීමට රු. 50 බැගින් මුදල් ඉපයීමටය.

ඇත් පැටවාට පහරදෙනු පැහැදිලිවම දැකගතහැකි හා පහර දෙන හඬ හොඳාකාරව ඇසෙන වීඩියෝවක් පහතින්.



-සම්බන්ධිත පුවත්-
දම්වැල් වලින් බැඳීම නිසා තුවාල වූ මාලිගාවේ අලියා
ලංකාවේ අලියාට හිංසා පැමිණවූ සර්කස් හිමිකරු නිදහස් වෙයි

Related Posts Plugin for WordPress, Blogger...