ටෙලි නළුවා දරුවන් දෙදෙනාට නඩත්තු ගෙවීමට එකඟ වෙයි

කඩවත ඉහළ කරගහමුණ ප්‍රදේශයේ කාන්තාවක් තමන්ට දරු දෙදෙනාට මසකට රුපියල් අනු නවදාහක නඩත්තු මුදලක් ලබාදෙන ලෙස ඉල්ලමින් ජනප්‍රිය ටෙලි නාට්‍යය නළුවෙකු වෙත පවරා තිබූ නඩුවක් පසුගියදා විභාගයට ගැණුනුනි. 

රංගන ශිල්පියා තම විවාහක සැමියා බවත්, ඔහුට දාව තමන්ට වසර තුනක සහ වසර එකහමාරක දරුවන් දෙදෙනෙක් සිටින බවත් පැමිණිලිකාර කාන්තාව සිය නීතිඥවරයා මගින් අධිකරණයට දන්වා ඇත. 

එහිදී ටෙලි නළුවා තමන් දරු දෙදෙනාගේ පීතෘත්වය පිළිගන්නා නමුත් පැමිණිලිකාර කාන්තාව සමඟ විවාහ ජීවිතය ප්‍රතික්ෂේප කරන බවත් දරු දෙදෙනාට නඩත්තු මුදල් ගෙවීමට කැමති බවත් මහර මහේස්ත්‍රාත් පසන් මාපා බණ්ඩාර මහතා ඉදිරියේ දී ප්‍රකාශ කොට ඇත.

ගොසිප්9 කල සොයා බැලීමකදී හෙළි වුයේ මෙම ටෙලි නළුවා මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවකි. තවද මෙම නළුවා ඉතා තරුණ පෙනුමක් ඉසිලුවද වයස අවරුදු තිහකට ආසන්න බවද පසුගිය කාලයේ බිඳුණු පෙම ගැන වේදනාවෙන් කතා කල පුද්ගලයෙකු බවටද වාර්තා වේ.

Related Posts Plugin for WordPress, Blogger...