සනත්ගේ හැසිරීම හේතුවෙන් මලිකා අසතුටෙන්!

සනත් ජයසුරියගේ තෙවන විවාහය පසුගියදා මලීකා සිරිසෙනගේ සමඟ සිදුවිය. මලිකා හමුවීමෙන් අනතුරුව සනත් සිය දෙවන බිරිය වන සැන්ඩ්‍රාගෙන් දික්කසාද වීමට නඩු පවරනු ලැබීය. 

නමුත් මේ වන විටත් එම නඩුව අවසන් වී නොමැත. එහෙයින් මාධ්‍යයට හොර රහසේ කල සනත්ගේ විවාහය නීතියට පටහැනි එකකි. 

මෙම රහස හෙලිවීම වලක්වාගැනීමට ජයසූරිය උත්සාහ දැරුවේ මෙය මිතුරක් එක්ව පැවැත්වූ විනෝද සාදයක් පමණක් බව ප්‍රකාශ කිරීමෙනි. 

ඉන් පසුවද විවිධ අවස්තාවන් සඳහා සනත් ප්‍රසිද්ධියේ පෙනී සිටියේ දික්කසාදය ඉල්ලුම් කල සැන්ඩ්‍රා සහ දරුවන් තිදෙනා සමගය. 

සනත් මාධ්‍යය වලට දිගින් දිගටම පැවසුවේ එම කතාව බොරුවක් බවත් තමන් තවමත් දරුවන් තිදෙනා සමගින් සිටිනා බවකි.  ඒ නීතියට මුවාවීම උදෙසාය. නමුත් සිය අප්‍රසිද්ධ විවාහයෙන් අනතුරුව සනත් තවමත් සැන්ඩ්‍රා සමගින් විසීම මලිකා ගේ සිත් තැවුලට හේතුවී ඇත. 

අවරුදු 28 ක යුවතියක් වන මලිකා හට සිය ප්‍රථම විවාහයේ වෙනත් තරුණියන් මෙන් ආශ්වාදජනක ජිවිතයක් ගතකිරීමට නොව, විවාහය ලොවෙන් සැඟවීමට උත්සාහ දරමින් ජිවත් වීමට සිදුව ඇත. නමුත් ඒ සැන්ඩ්‍රාගෙන් දික්කසාදය ලැබෙනතුරු පමණි.

Related Posts Plugin for WordPress, Blogger...