ලංකාවේ මෙතෙක් වාර්තා වූ වැදගත්ම හා විස්තරාත්මකම UFO පැමිණීම
Thursday, December 13, 2012ගල්ගමුව, අත්තිඩිය, පන්නිපිටිය අහසේත් පෙරේදා අද්භූත ආලෝක
ලංකාවට හොඳින්ම දර්ශනය වූ UFO එක වාර්තා වුයේ මිට වසර 41 කට පෙර 1971 දිය.
අද මෙන් SMS , හෑන්ඩ් ෆෝන් , ටෙලිෆෝන් හෝ එම ප්‍රදේශවලට යන පත්තර පවා නොතිබූ ඒ කාලයේ මේ සමාන කම් මෙම සිද්ධියේ සත්‍යතාව ඔප්පුකිරිම සඳහා වැදගත් තැනක් ඉසිලිය.
ඒ පිළිබඳ විස්තර දන්නා කෙනෙක් සොයාගැනීම අසීරු වන අතර Heterodox Ufology වෙබ් අඩවියක ඒ පිළිබඳ විස්තර පළවී තිබෙනවා. එම වාර්තාව මෙතනින්.
එම වාර්තාව සමඟ ඒ පිළිබඳව ගවේශනයක යෙදුනු අපගේ ගොසිප්9 පාඨකයෙකු විසින් එවන ලද විස්තරයකි මේ.
ලංකාවේ මෙතෙක් වාර්තා වූ වැදගත්ම හා විස්තරාත්මකම UFO පැමිණීම වාර්තා වුයේ මිට වසර 41 කට පෙර 1971 දිය. එම UFO දර්ශනයේ ඇති විශේෂත්වය නම් තේ වතුවල සේවය කල වතු ජනතාව මෙන්ම ඉහල අද්යාපන මට්ටමක් ලැබූ වතු නිලධාරින්ද මෙම යානය තමන්ට ආසන්නයේ ම දැකීමත් එය හොඳින් වාර්තා කිරීමට හැකි වීමත් ය.
එම යානය ඉතා හොඳින් නිරීක්ෂණය කළ එවකට හේවාහැට රොක්වුඩ් වතු යායේ අධිකාරි ව සිටි පර්ල් අබේවික්‍රම මහතා එය ඉතා හොඳින් චිත්‍රයට නැගීය .
එය එතෙක් මෙතෙක් ඇසින් දුටු UFO එකක් විස්තරාත්මකව හා පිළිගත හැකි ලෙස චිත්‍රයට නැඟී හොඳම අවස්ථාවක් ලෙස සැලකේ. ඒ මෙන්ම සති කිහිපයකට පසු නැවත වරක් එහි පහත් කල යානයක ඡායාරුප ගැනීමටද ඒ මහතා සමත් විය.
ලංකාවේ බොහෝ දෙනෙකුට UFO ගැන අද මෙන් උනන්දුවක් නොවූ, ඉන්ටෙර්නෙට් නොතිබූ ඒකාලයේ මෙය දෙස් විදෙස් පුවත් පත් රැසක වාර්තා විය . ඒ කාලයේ මේවට කියන නම වුයේ පියාඹන පිරිසි - Flying Saucers ය .
හේවාහැට සිද්ධියේ මුල්ම UFO ආගමනය සිදු වුයේ 1971 ජුලි මස 17 වන දිනය.
හේවාහැට හොප් වත්තේ සේවය කරන සැහෙන පිරිසක් මෙය දැක ගත් අතර ඒ පිලිබඳ ලොමු දැහැගන්වන සිද්ධියකට මුහුණ පාන්නට සිදු වුයේ පට්ටිගම ගොස් නැවත රාත්‍රී 10.45 ට පමණ සිය මොරිස් වැගන් කාරයේ බංගලාව වෙත පැමිණෙමින් සිටි සිටි අබේවික්‍රම මහතා ඇතුළු 4 දෙනෙකුටය.
"අප හොප් වතු යාය මැද්දෙන් එමින් සිටියා. කාර් එකේ මා ද සහකාර වතු අධිකාරීන් වන ඔස්වින් අල්විස් හා නිමල් දුනුවිල්ලේ සිටියා. එය පදවුයේ රියදුරු සිරිසේන විජේසිංහ.
මුහුදු මට්ටමේ සිට අඩි 6000ක් තරම් උසින් ඇති හොප් වත්තේ මැදින් ඇති පාරේ එනවිට කඳුකරයට උඩින් දීප්තිමත් බෝලයක් වැනි දෙයක් දුටුවා පුර හඳ තරම් හෝ ඊට වඩා මඳක් විශාල තරම්. ඇත්තටම එය ඉතා ලස්සන දසුනක්. අපි රොක්වුඩ් වත්ත දෙසට එනවිට එම වස්තුව අප දෙසට එනු දුටුවා"
මේ අවස්ථාවේදී අබේවික්‍රම මහතා වාහනය නවත්වන ලෙස උපදෙස් දී සියලු දෙන ඉන් බැස අහස දෙස බල සිට ඇත. මේ වනවිට මෙම දීප්තිමත් වස්තුව පොලවේ සිට අඩි 1000ක් පමණ උසින් කාරයට කිලෝමීටර් බාගයක් තරම් දුරින් අහසේ එක තැන නොසෙල්වී තිබී ඇත.
ඔවුන් දුටු පරිදි එය ගෝලාකාර වස්තුවක් වන අතර මෙහිදී වාර්තා වූ වැදගත්ම දෙයනම් වත්මන් ගුවන් යානයක මෙන් අත් තටු දෙකක් යානයේ දෙපස තිබෙනු ඉතා පැහැදිලිව දැකිය හැකි වීමය.
එක වරම මෙය අධික වේගයෙන් ඔවුන් දෙසට විත් 100යාර ක් පමණ උඩින් පොලවට අඩි 100ක් පමණ ඉහල අහසේ නතරව වී නිසොල්මන් විය.
ඇසිපිය ගසන මොහොතක සිදුවූ මෙම සිද්ධියෙන් බියෙන් තැති ගත් රියදුරු විජේසිංහ කාරය ඇතුලට පැන එන්ජිම පනගන්වන්නට උත්සහ කරන අතර තිරිංග නිදහස් කිරීම නිසා (හෑන්ඩ් බ්රේක් රිලීස් කිරීම) බැවුමේ තිබු කාරය පසුපසට තල්ලු වෙන්නට පටන් ගත් අතර අන් තිදෙනාම පන එය හරස් කොට නවත්වා ගෙන ඇත.
ඉතා බියෙන් පසු වුවත් තමන්ට ඉතා ලඟින් තිබු මෙම UFO එක ඉතාම හොඳින් නිරීක්ෂණය කිරීමට හැකිවූ බව ඒ මහත්වරු පැවසුහ. අඩි 25ක් පමණ පළල ගෝලාකාර වූ එහි මැද කොටස මෙන්ම දෙපස අත් තටු ද කිසියම් ලෙසකින් ඇතුලතින් කහ-තැඹිලි පාටින් ආලෝකමත්ව තිබි ඇත. නමුත් ඇතුලතින් විදුලි බුබුළු වැනි දේ දක්නට නොලැබිණි.
මේ කිසිම වෙලාවක එයින් කිසිදු ශබ්ධයක්, දුමක් හෝ රොකට්ටුවක මෙන් දැවෙන එළියක් නොනැගිනි. කිසිදු ජීවියෙක් ඇතුලත සිටිනු දැකිය නොහැකි විය
"යානය පහත් වන විට අත් තටු වලට වඩා එළියක් මැද කොටසේ තිබුන. නමුත් පහතටම ඇවිත් නිසොල්මන්ව නැවතුන විට මැද කොටසේ ආලෝකය කෙමෙන් ඉතාම අඩු උනා. අත් තටු වල එලිය එලෙසම තිබුන"
සියල්ලන්ම භීතියෙන් හා කුතුහලයෙන් යුතුව අහසේ එකතැන ඇති මේ යානය දෙස බලා සිටින අතර ඉන්පසු සිදු වූ දෙය අබේවික්‍රම මහතා මෙසේ පවසයි.
"මෙලෙස විනාඩි 5 ක් තරම් වෙලා පහල රැඳී සිටි යානය එක්වරම තම අත් තටු යානයේ මැද කොටස වෙත ඇද ගත්තා. එලෙස තටු යානයේ මැද කොටස වෙත ගිලි ගොස් ගෝලාකාර හැඩයේ යුතු යානය ඉතුරු වූ පසු එක වරම අංශක 45 ක් පමණ ආනතියකින් අහස වෙත ඇදී යන්නට පටන් ගත්තා.
නැවත යනවිට යානයේ වේගය අනුව ආලෝකය කෙමෙන් වැඩිවී අවසානයේ ගිනි බෝලයක් තරම් උනා. ඇත අහසේ දීප්තිමත් රේඛාවක් මෙන් වේගයෙන් ඇදී ගොස් එය නොපෙනී ගියා."
(Note: එයට 11 වසර කට පසුව 1982 දී නිපදවූ ET චිත්‍රපටය නරඹන මොහොතේ මට මෙම විස්තරය කෙතරම් දුරට සමාන දැයි මතක් විය. ! සමහර විට ස්ටීවන් ස්පිල් බර්ග් මේ කතාව කියෙව්වා වෙන්නට පුළුවන්.)
හොප් වත්තේ මෙම සිද්ධිය වූ තැනට කිලෝ මීටර් 5ක් තරම දුරින් සිටි තේ කම්හල් නිලධාරී A E පෙරේරා මහතා මෙම යානය දැකගැනීමට හැකිවූ තවත් අයෙකි . අහසේ දිස්වන දේ වටහා ගැනීමට බැරි වූ ඒ මහතා නිල නිවසේ සිටි P T H රොද්‍රිගු නම් තම උසස් නිලධාරියාට කෑ ගසා මෙය පෙන්වා ඇත.
භක්තිමත් කිතු බැතිමතුන් වූ ඒ දෙදෙනා පසු දා උදේම අන් අයට පැවසුවේ තමන් දිව්‍ය ප්‍රාතිහාරයක් නිසා තැති ගෙන සිටින බවය. රියදුරු විජේසිංහ ද රාත්‍රී 3 ට පමණ බල්ලන් බුරන හඬ ඇසි බලන විට නැවතත් මේ වස්තුවක් දුටු බව පවසයි.
ඊට පසුදින ද (18) රාත්‍රි 2 ට පමණ පා පන්දුවක් තරම් විශාල මෙවන් වස්තුන් දෙකක් ඉතා ඇත ගමන් කරනු අබේවික්‍රම මහතා දැක ඇත.
එදින රාත්‍රී වැඩ මුරයේ සිටි සියලුම වතු පැක්ටරි සේවකයන් මෙය දැක ඇත. හින්දු බැතිමතුන් වූ වතු සේවකයින් පසු දිනම තමන්ගේ වත්තට වැටී ඇති මෙම "යක්ෂ බැල්ම " ඉවත් කිරීම සඳහා දේව පුජාවන් පැවත් වුහ.
හෙවහැටට කිලෝ මීටර් 5 ක් තරම දුරින් සිටි අරක්කැමි වේලුසාමි උදේ 3.30 ට පමණ බටහිට දෙසින් එන ආලෝකයක් දැක කලබල වී වැරදි පැත්තෙන් හිරු නැගෙන පුදුමය බලන්නට ලයින් කාමර වල සියලු දෙන අවදි කර ඇත. ඒ මෙන්ම කි.මි 20ක් දුරින් රිකිල්ලගස්කඩ පෙදෙසේ සිටි J R පෙරේරා නම් මහතාද මෙය දැක තිබු අතර ඔහුගේ විස්තරද හේවා හැට කම්කරුවන් කිවූ දේ හා සමාන විය.
මෙම සිද්ධිය වාර්තාකරණයට හා පරීක්ෂණයට හේවා හැට පෙදෙසට ගිය අයට එහිදී හමුවූ සියලු දෙනාම කිසිදු වෙනසකින් තොරව මේ යානය ගැන පවසා ඇත.
අද මෙන් SMS , හෑන්ඩ් ෆෝන් , ටෙලිෆෝන් හෝ එම ප්‍රදේශවලට යන පත්තර පවා නොතිබූ ඒ කාලයේ මේ සමාන කම් මෙම සිද්ධියේ සත්‍යතාව ඔප්පුකිරිම සඳහා වැදගත් තැනක් ඉසිලිය .
අහසේ අත්භූත යාන 2 ක් දැක තිබු වත්තේ සේවය කරන දමිල හා සිංහල සේවකයින් අතර Karuppan, Wedanatagam, Perera, Ramasami යන අය කල විස්තර පුවත් පත් වල පලවිය
මෙම සිද්ධි වාර්තා වීමත් සමග 1971 ජුලි 12 දිනද මෙවැනි එළියක් හේවාහැට කබරගල ප්‍රදේශයේ අය දුටු බව හෙළි විය. ඒ මෙන්ම 1971 ජුලි 17 දින රාත්‍රී දෙනියාය ප්‍රදේශයේද මෙවැනි එලි වාර්තා විය.
මෙම සිද්ධිය එකල UFO නිරීක්ෂකයන් ගේ උනන්දුවට බඳුන් වූ අතර විශේෂ කැමරා රැගෙන හේවාහැට ප්‍රදේශයට පැමිණි නොයෙක් අය සතියක් පමණ එහි නැවතී මෙම යානා බලපොරිත්තුවෙන් සිටියහ. එනමුත් ඔවුන්ගේ උත්සාහය සාර්ථක නොවුනි.
නමුත් නැවතත් 1971 ජුලි 31 හා අගෝස්තු 2 දින වලදී මෙවැනි එලි අහසේ සරි සරනු හේවාහැට කබරගල ප්‍රදේශයේ අය දුටුවහ.
"හේවාහැටට පියාඹන පිරිසි නැවත එයි " යනුවෙන් පුවත් පත වල එම පුවත පල විය.
හේවාහැට ප්‍රදේශයේ සරි සැරූ එම යානා විනාඩි 20ක් පමණ වෙලාවක් හොඳින් දැක ගැනීමට ඒ අයට හැකිවිය. නුවරඑළිය ප්‍රදේශයේ කිහිප දෙනෙකුම එදින රාත්‍රී මෙම එලි ගමන් කරනු දැක තිබුණි.
වඩාත් වටිනා සිද්ධිය වුයේ 1971 ජුලි 31 දින ය. සවස ඇඳිරි වැටෙත් ම පුරුද්දට මෙන් බොහෝ දෙන අහස දෙස බැලුවේ යලිත් එම යානා දැකීමේ ආශාවෙනි. නමුත් කිසිදු අමුත්තක් නොවිය.
රාත්‍රී 9 පමණ වෙද්දී එක වරම ඈත අහසේ සිට දීප්තිමත් එළියක් ඇදී එනු දැකිය හැකිවිය. ඒ මොහොතේ අබේවික්‍රම මහතා සිටියේ විජේසිංහ සමග බංගලාවේ සඳලු තලයේය. වතු සේවකයින්කිහිප දෙනෙක් ද වත්තේ එළිමහනේ සිටියහ වත්ත දෙසට ඇදී ආ එලිය අඩු වී යම් ගෝලාකාර වස්තුවක් ලෙස එය දැක ගත හැකි මට්ටමට ලං වී අහසේ නතර වීණි.
කලින් ලත් අත්දැකීම නිසා අබේවික්‍රම මහතා මේ වනවිට සෑම රාත්‍රියකම සිය කැමරාවද අතැතිව සිටියේය .
ටික වෙලාවක් අහසේ එකතැන තිබු මෙම යානය එක වරම සියලු දෙනාම සසලවමින් වතු බංගලාව දෙසට පහත් කරන්නට වූ අතර සඳලු තලයට යාර (මීටර්) 500 ක් පමණ ලංවී අහසේ නතරව වී නිසොල්මන් විය.
මේ මොහොතේ අබේවික්‍රම මහතාගේ 35 mm Minolta පටල කැමරාව ක්‍රියාත්මක වූ අතර මඳ එළියේ ඡායාරුප කිහිපයක් සටහන් කර ගැනීමට එතුමා සමත් විය.
-------------------------------------------------------------------------------
(මෙම ඡායාරුප සහිත පුවත් පත් මා සතු වූ නමුත් දැන් සොයා ගැනීම අසීරුය. ඒ කාලයේ අද මෙන් කොම්පියුටර් ඩිජිටල් තාක්ෂනය නොවූ අතර මෙම ඡායාරුප සත්‍ය ඒවා බව පිළිගැනිම විය.
ඉහත විස්තර සමහරක් පුවත් පත්වල පළවූ ඒවා වන අතර මා විසින් මගේ පන්ති මිතුරකු වූ අබේවික්‍රම මහතාගේ පුත්රයාගෙන අසා ගත් වැඩි විස්තර ද මෙහි එක් කර ඇත.
ඔහුගෙන් පුද්ගලිකව ප්‍රශ්න කර මෙම පුවත සත්‍යම බව දැන ගතිමි. ඔවුන් සමාජයේ ඉහල පැලැන්තියේ ධනවත් අය වූ අතර මෙවැනි දෙයක් නිර්මාණය කර ප්‍රසිද්ධ වීමට අවශ්‍යයතාවක් නොවූ අතර මෙම සිද්ධිය ගැන ප්‍රචාරය නොකළහ.
මෙම හේවාහැට UFO සිද්ධිය අදද ලොව පුරා UFO වාර්තා වල වැදගත් ස්ථානයක් උසුලයි.
එවකට ලංකාවේ සමහර අය කිවේ මෙම යානය ඇමෙරිකාව විසින් නිපදවූ ශබ්ධ නොනගන, ප්‍රති ගුරුත්ව ගුවන් යානයක පරීක්ෂණ චාරිකාවක් බවයි. නමුත් වසර 40 ක් පසුවී තවමත් එවැනි යානයක් අපි නොදිටිමු.
Prepared by: Chinthaka Wijayaweera © CW 2012
(Data and info obtained by Newspapers published in 1971 and by personal investigations.)

ගල්ගමුව අහසේ පෙරේදා (2012 දෙසැම්බර් 11) දක්නට ලැබුණු අද්භූත ආලෝකය
අත්තිඩිය අහසේ පෙරේදා (2012 දෙසැම්බර් 11) දක්නට ලැබුණු අද්භූත ආලෝකය
පන්නිපිටිය අහසේ පෙරේදා (2012 දෙසැම්බර් 11) දක්නට ලැබුණු අද්භූත ආලෝකය
මේ දවස් වල අද්භූත ආලෝක ලෙස අහසේ පේන්නේ උල්කාපාත ග්රහක කොටස්- මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ
"මම හිතන්නේ මේවා ස්වභාවික සංසිදියක්. පසුගිය දවස් ටිකේම ලංකාවේ ගොඩාක් දෙනෙක් මේ වගේ දෙවල් දැකලා තිබුණා.
මගේ අදහස නම් මේ දවස් වල පෘතුවිය ගමන් කරන්නේ උල්කාපාත ආශ්රිත ප්‍රදේශයක් හරහා.
ඒ හරහා යනකොට උල්කා අංශුත් කරකැවෙමින් තමයි ගමන් කරන්නේ. ඒ නිසා අපිට ඒවගේ සමමිතික වගේම ඉලිප්සාකාර හැඩත් දකින්න පුළුවන්. මේ උල්කා අංශු වල වැඩිපුරම තියෙන්නේ ලෝහ හා ලවණ කොටස්. ඒ හින්ද තමයි ඒවා අමුතුවෙන් පාට පාටින් දකින්නේ."
එහෙම කියපු මහාචාර්යවරයා පසුගියදා ලංකාවේ වාර්තාවූ අදභූත එළි සහිත වීඩියෝද රැගෙන එංගලන්තයට ගිය බවයි වාර්තා වෙන්නේ.
ඒ පිළිබඳ වීඩියෝව පහතින්.
මේ වනවිට අද්භූත එළි දර්ශනය වීම් 17ක් පමණ අප වෙත වාර්තා වෙනවා. ඒවායේ සංශිප්තයක් පහලින්.
1. නොවැම්බර් 27- හලාවත, ඉරණවිල (පාන්දර 3.00
2. නොවැම්බර් 27- පොළොන්නරුව, කඩවතමඩුව (රාත්‍රී 8.15)
3. නොවැම්බර් 30- බද්දේගම උනන්විටිය (රාත්‍රී)
4. නොවැම්බර් 30- බණ්ඩාරවෙල, දියතලාව (පෙරවරු 7.30
5. දෙසැම්බර් 01- උණවටුන එරබදුගහ හන්දිය (රාත්‍රි 7.30)
6. දෙසැම්බර් 05- අම්බලන්තොට බෝලාන (දින 3ක් රාත්‍රි 7.30
7. දෙසැම්බර් 05- වැල්ලවාය යාලබෝව (රාත්‍රී 7.30)
8. දෙසැම්බර් 06- වැලිමඩ නැඳුන්ගමුව (උදේ 10.30 )
9. දෙසැම්බර් 07- අනුරාධපුර, නොච්චියාගම (සාවස 6.25)
10 දෙසැම්බර් 09- මන්නාරම (රාත්‍රී)
11. දෙසැම්බර් 10- තණමල්විල (රාත්‍රි)
12. දෙසැම්බර් 11- හම්බන්තොට මිරිජ්ජවිල (දවල් 11.30)
13. දෙසැම්බර් 11- ගම්පහ, ඉහළ යාගොඩ (උදෑසන 7.30)
14. දෙසැම්බර් 11- අත්තිඩිය (රාත්‍රී)
15. දෙසැම්බර් 11- පන්නිපිටිය (රාත්‍රී)
16. දෙසැම්බර් 11- ගල්ගමුව (රාත්‍රී)
17. දෙසැම්බර් 12- ගල්ගමුව (රාත්‍රී 10.30)

මෙවන් තොරතුරු වල වාර්තා පසු කාලයක සොයාගැනීම අපහසු නිසා පුවත්පත් වාර්තා, ජායාරූප හා වීඩියෝ එකතුවක් අඩංගු ෆේස්බුක් පිටුවක් ආරම්භ කර තිබෙනවා.
UFO Sightings in Sri Lanka නම්වූ එම ෆේස්බුක් පිටුවට ලංකාවේ දක්නට ලැබුණු මෙවන් දෑ පිළිබඳව ඔබට වාර්තා කිරීමට පුළුවන.
www.facebook.com/UFOSriLanka

-සම්බන්ධිත පුවත්-
1. ලංකාවේ මෙතෙක් වාර්තා වූ වැදගත්ම හා විස්තරාත්මකම UFO පැමිණීම
2. ගම්පහ හා හම්බන්තොටත් අද්භූත එළි
3. අද්භූත එළි දර්ශනය වීම් ගණන 10කට වැඩියි
4. අද්භූත ආලෝක පිළිබඳ විද්වතුන්ගේ මතය
5. ඊයේ රාත්‍රී වැල්ලවාය ප්‍රදේශයේ දක්නට ලැබුණු අද්භූත ආලෝකය
6. රටපුරා දිස්වෙන මේ අද්භූත එළි මොනවාද?
7. දියතලාව අහසේත් අද්භූත ආලෝකයක්
8. හලාවතට ආ අද්භූත යානය
9. තන්තිරිමලේ බිල්ලෑව සිතුවම් හෙළිකරන අපේ ආදිවාසීන්ගේ විශ්ව සබඳතා
10. අද්භූත වස්තුව බොරුයි කීමට ගොස් එය සනාථකළ රූපවාහිනී කණ්ඩායම
11. පසුගිය දිනවල ලෝ පුරා වාර්තා වූ හඳුනා නොගත් පියාසර වස්තූන්
12. වෙසක් පෝදා දිඹුලාගලින් UFO යානාවක් මතුවෙයි!
13. කඩුවෙල අහසේ අභිරහස් ආලෝකයක්
14. මහියංගනයයේ දක්නට ලැබූ අද්භූත වස්තුව
15. හඳුනා නොගත් පියාසර වස්තුවක් සුර්යයා අසලින්ම ගමන් කරයි
16. පිටසක්වල යානා බ්‍රිතාන්‍යය අහසේ !
17. ලන්ඩන් නුවර අහසේ පියාඹන පිරිසි
18. Area-51 වෙත ඇතුළුවූ BBC මාධ්‍ය කණ්ඩායම
19. ආරක්ෂිත කැමරාවේ සටහන්වූ උල්කාව
20. බ්‍රහස්පතිගේ ගැටුණු උල්කාව වීඩියෝගත කරයි