දින 2කට පෙර හඳුනාගත් විශාල ග්‍රහකයක් ඊයේ පෘතුවිය ලඟින්ම ගිහිල්ලා

පෘතුවියේ සිට චන්ද්‍රයාට ඇති දුරටත් අඩු දුරකින් දෙතුන් වතාවක්ම විශාල ග්‍රහක ගමන් කළ පුවත් මීට පෙර ගොසිප්9 ඔබ වෙත ගෙන ආවා.

2012 XE54 නම් වූ අඩි 120ක විශ්කම්භයක් තිබූ එම ග්‍රහකය ඊයේ ගමන් කළේ පෘතුවියේ සිට චන්ද්‍රයාට ඇති දුරින් අඩක දුරිනි.

එම ග්‍රහකය හඳුනාගන තිබුනේ මීට දවස් 2කට පෙරයි. එහි ගමන් පථය තිබුනේ පෘතුවිය හා පහත පරිදිය.




තත්පර 60ක කාලයකදී එය ඇදීගොස් තිබුනේ පහත පරිදිය.


මේ අතර කිලෝමීටර් 4.46ක් විශාල 4179 Toutatis නම් වූ ග්‍රහකයද පෙරේදා පෘතුවිය පසු කර ගොස් තිබෙන්නේ චන්ද්‍රයාට ඇති දුර මෙන් 18 ගුණයක් දුරිනි.

චන්ද්‍රයාට ඇති දුර මෙන් 1/4ක දුරකින් පසුගිය මාසයේ (ඔක්තෝබර් 12 වෙනිදා) ද ග්‍රහකයක් ඇදී ගියා. මීටර් 140ක් දිග එය නම් කර තිබූනේ 2012 TC4 ලෙසයි. එය හඳුනාගන තිබුනේද ඊට දින 8කට පෙරයි.

ඊටත් දින 5කට පෙර මීටර් 100ක් පමණ දිග 2012 TV නම්වූ ග්‍රහකයද ඇදී ගියේ චන්ද්‍රයා හා පෘතුවිය අතරිනි.

2011 වසරේ ඇතිවූ මෙවන් තත්ත්වයන්

න්‍යෂ්ටික බෝම්බ 15ක ශක්තියක් අඩංගු ග්‍රහකයක් 2011 අප්‍රේල් 15 වනදා පෘතුවිය පසුකරගෙන ගියේ පෘතුවියේ සිට සඳට ඇති දුර මෙන් දස ගුණයක දුරිනි. එය GP59 යන නමින් හැදින්විණි.

2011 MD නමින් හදුන්වන විශ්වයේ පාවෙන විශාල ග්‍රහකයක් 2011 ජූනි 27 වනදා ගමන් කළ බව මීට පෙර ලිපියකින් අප ඔබට හෙළි කළා. 


එය පෘතුවි කක්ෂයට කිලෝමීටර් 12,000 ක් ඈතින් ගමන් කළ අතර එය පෘතුවියේ ගැටුනොහොත් එහි විනාශයේ තරම පරමාණු බෝම්බයක් පිපිරිම හා සමාන බවයි නාසා ආයතනය විස්තර කර සිටියේ.

2005 ‍‍‍‍‍YU55 නැමැති දැවැන්ත ප්‍රමාණයේ ග්‍රහකයක් 2011 නොවැම්බර් 09 වනදා පෘතුවිය ආසන්නයෙන් ගමන් කල පුවතකුත් මීට පෙර අප ඔබට ගෙන ආවා.

පොළවේ සිට චන්ද්‍රයාට ඇති දුරටත් වඩා අඩු දුරකින් ගමන් කළ එය ටොන් මිලියන 55ක පමණ බරකින් හා ප්‍රමාණයෙන් මීටර් 400ක විශ්කම්භයකින් යුතු වූ අතර යම් හෙයකින් මෙය පොළවේ ගැටුනා නම් එමඟින් න්‍යෂ්ටික බෝම්බ 65,000ක පිපිරීමක් ඇතිකිරීමට හා සැතපුම් 06ක් පළලැති අඩි 2000ක් ගැඹුරු ආවාටයක් ඇතිකිරීමට සමත් බවත්, එය මුහුදට වැටුනහොත් අඩි 70ක් උස ජල කඳක් ඉහල නැඟෙනු ඇති බවත් පැවසුනා.

මීට පෙර එවැනි විශාල ග්‍රහකයක් පෘතුවිය පසුකරමින් ගමන්කර ඇත්තේ මීට වසර 35කට පෙරදී. නමුත් 2005 ‍‍‍‍‍YU55 පෘතුවිය පසු කර යන තෙක්ම නාසා ආයතනය ඇතුලුව කිසිවෙක් එය නොදැන සිටි බවත් නාසා ආයතනය පැවසුවා.

-සම්බන්ධිත පුවත්-
1.ආරක්ෂිත කැමරාවේ සටහන්වූ උල්කාව
2. බ්‍රහස්පතිගේ ගැටුණු උල්කාව වීඩියෝගත කරයි
3. මාතලේට වැටුන උල්කාපාත කොටස්
4. පෘතුවිය අසලින් විශාල ග්‍රහකයක් අද ගමන් කරයි
5. තවත් දැවැන්ත ග්‍රහකයක් හෙට පෘතුවිය ආසන්නයෙන්ම ගමන් කරයි.
6. චන්ද්‍රයා මෙන් 15 ගුණයක එළියක් සහිත වල්ගාතරුවක් ලබන වසරේ දර්ශනය වේ

Related Posts Plugin for WordPress, Blogger...