SupremeSAT චන්ද්‍රිකාව කක්ෂගත කරන ආකාරය- (පළමු කොටස)
Monday, December 10, 2012පසුගිය දිනවල අභ්‍යාවකාශ ගත කළ සුප්රීම්සැට් චන්ද්‍රිකාව තවමත් නියමිත කක්ෂයට ලඟාවී නැති බව මීට පෙර ලිපියකින් අප ඔබට හෙළි කළ අතර බොහෝ දෙනෙකු අපෙන් ඒ පිළිබඳව කරුණු විමසා සිටියා.
චන්ද්‍රිකා තාක්ෂණය පිළිබඳව අධ්‍යාපනය ලබාදෙන ආයතනයක් ලංකාවේ නොමැති පසුබිමක ඒ පිළිබඳව තාක්ෂණික කරුණු දන්නා පුද්ගලයෙකු සුප්‍රීම්සැට් චන්ද්‍රිකාවේ තාක්ෂණික කරුණු සරලව අප වෙත ලිපියකින් යොමු කර තිබුණා.
නමින් "චන්දන රත්නායක" වන ඔහු ලංකාවේ උපාධිය ලබා ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානයේ අභ්‍යාවකාශ යෙදවුම් අංශයේ (Space Applications Division) පුහුණුවී අනතුරුව Insat පවුලේ චන්ද්‍රිකා නිපදවූ ඉන්දියාවේ අහම්ඩාබාද් චන්ද්‍රිකා තාක්ෂණික ආයතනයේ (Space Applications Centre -ISRO) වැඩිදුර අධ්‍යාපනය ලබා තිබෙනවා.
පහතින් පලවෙන්නේ ඔහු විසින් එවන ලද ලිපියයි.
සුප්‍රීම්සැට් චන්ද්‍රිකාව පිළිබඳ හැඳින්වීම
Apstar-7B චන්ද්‍රිකාව නිර්මානය කර බාරදීම සදහා Thales Alenia සමාගම සමග ගිවිසුමක් APT Satellite සමාගම 2010 අප්‍රේල් මාසයේදි ඇති කරගත් අතර එම කාලයේම චන්ද්‍රිකාව කක්ෂගත කිරීමේ ගිවිසුම China Great Wall සමග අත්සන් කරන ලදී.
චන්ද්‍රිකාව නිර්මානය කිරීමෙන් පසුව APT Satellite සමාගමෙන් Satellite Operator කෙනෙක් වන China SatCom සමාගම වෙත චන්ද්‍රිකාව පවරා ගන්නා ලදී. එම පවරා දීමත් සමගම APSTAR 7B චන්ද්‍රිකාව ZX-12 හෙවත් ChinaSat-12 ලෙස නම් කරන ලදී.
එහි ඇති Transponders වලින් කොටසක් ශ්‍රි ලංකාවේ SupremeSAT ආයතනය බදු ගැනීම නිසා China Sat-12 චන්ද්‍රිකාව Supremesat-1 ලෙස සම නාමයක් ලැබී ඇත.
Chinasat-12 චන්ද්‍රිකාව දැනට 87.5E දේශාංශයේ ඇති Chinasat-5A චන්ද්‍රිකාව වෙනුවට ප්‍රති ස්ථාපනය කිරීමට අපේක්ෂාවක් පවතී.
චන්ද්‍රිකාවේ විස්තර
Chinasat-12 හෙවත් SupremeSAT-1 චන්ද්‍රිකාව Thales Alenia සමාගම මගින් spacebus 4000C2 වර්ගය යටතේ (platform එකේ) නිර්මානය කර ඇත.
මෙය Carbon fiber සමග සංයුක්ත HoneyComb ව්‍යූහයකින් නිර්මානය කර ඇති අතර එයට හේතුව HoneyComb ව්‍යූහය ඉතා ශක්තිමත් මෙන්ම ස්කන්ධයෙන් අඩු වීමය.
එහි ප්‍රමාණය මීටර් 2x2.2x4.5 වේ.
Spacebus 4000C2 platform එක මත Ku-band transponders 23ක්ද C-band transponders 24ක්ද ඇති අතර 10.4Kw පමණ ජවයක් ජනනය කළ හැකි ඉතා ඉහල කාර්යක්ෂමතාවයකින් යුතු දිග හැරිය හැකි ආකාරයේ සූර්ය කෝෂ (AsGs) පැනල දෙකකින්ද, මෙහි විදුලි ගබඩා කිරීම සදහා Li-iron battery පද්ධතියක්ද, Beam Shaped Antenna පද්ධතියක්ද, Telemetry Tracking & Command (TT&C)පද්ධතියක්ද, S400 වර්ගයේ propulsion පද්ධතියක් වැනි උප පද්ධතින් විශාල ප්‍රමාණයක් සවිකර ඇත.
Spacebus 4000C2 platform එක මධ්‍යයේ S400 වර්ගයේ propulsion පද්ධතිය පිහිටුවා ඇති අතර එය තුල Monomethlhydrazine (CH3NHNH2) ඉන්ධන ලෙසත් Nitrogen Tetroxide (N2O4) ඉන්ධන දහනයට අවශ්‍යය ඔක්සිකාරකය ලෙසත් වෙන වෙනම ටැංකි වල ගබඩා කර ඇත.
මෙම ඉන්ධන දහනය මගින් එන තෙරපුම මගින් චන්ද්‍රිකාව අදාල කක්ෂයේ රදවා තබා ගැනීම (station keeping) සිදුකරනු ලබන අතරම චන්ද්‍රිකාවේ ගබඩා කර ඇති ඉන්ධන ප්‍රමාණය මත ආයුකාලය තීරණය කරනු ලබයි.
SupremSAT-1 චන්ද්‍රිකාවේ සම්පූර්ණ ස්කන්ධය 5054 Kg වන අතර එහි ආයු කාලය වසර 15ක් පමණ වේ.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව රැගෙනගිය රොකට්ටුව
SupremSAT-1 චන්ද්‍රිකාව උඩු ගුවනට රෑගෙන යනු ලබන්නේ Long March 3B/E (Chang Zheng-3B/E) launch vehicle එක මගිනි.මෙය Long March පවුලේ විශාලතම රොකට්ටුවක් වන අතර උස 56.33m සහ ව්ශ්කම්භය 3.35m වේ.
මෙමගින් Geostationary Transfer Orbit (GTO) එකට 5500Kg ස්කන්ධයකින් යුත් චන්ද්‍රිකාවක් යැවිය හැක. එහි දල සැකැස්ම පහත පරිදි වේ.
LM-3BE රොකට්ටුව SupremSAT-1 චන්ද්‍රිකාව Geostationary transfer Orbit (GTO) එකට යැවීම අදියර කිහිපයකින් ක්‍රියාත්මක වේ.
මෙහි Booster, පලමු හා දෙවන අදියරයන් සදහා ඉන්ධන ලෙස Unsymmetrical Dimethylhydrazine භාවිතා කරනු ලබන අතර ඉන්ධන දහනයට අවශ්‍යය ඔක්සිකාරකය ලෙස Nitrogen Tetroxide (N2O4) භාවිතා කරනු ලබයි.
මෙහි තෙවන අදියර සදහා Liquid Oxygen (LOX) ඔක්සිකාරකය ලෙසත් ඉන්ධනය ලෙස liquid hydrogen (LH2) භාවිතා කරනු ලබයි.
සුප්‍රීම් සැට් චන්ද්‍රිකාව තාවකාලික කක්ෂයකට දැමීම
SupremSAT-1 චන්ද්‍රිකාව රෑගත් LM-3B/E රොකට්ටුවේ ගමන් පථය ගැන සොයා බලන්නේ නම්, Booster අදියරේ ක්‍රියාකාරීත්වය සමග (තත්පර 0 දී) රොකට්ටුව උඩු ගුවනට ගමන් ඇරඹීම කරනු ලබන අතර ගමන ආරම්භයේ සිට තත්පර 11ක දී රොකට්ටුව ගමන් කරන දිශාව වෙනස් කිරීමට පටන් ගනී.
තත්පර 140.1 දී Booster අදියරේ ක්‍රියාකාරීත්වය නවතින අතර තත්පර 141.6 දී එය රොකට්ටුවෙන් ගැලවී ඉවත් වීම සිදුවේ. ඉන් පසුව රොකට්ටුවේ දෙවන අදියර ක්‍රියාත්මක වන අතර ගමන ආරම්භයේ සිට තත්පර 235.15 දී චන්ද්‍රිකාව ආවරණය කර තිබූ ආරක්ෂක ආවරණය රොකට්ටුවෙන් ඉවත් කිරීම සිදුවේ.
පසුව තත්පර 345.5S දී රොකට්ටුවෙන් දෙවන අදියර වෙන්වී යාම සිදුවන අතර තෙවන අදියර ක්‍රියාත්මක වීම ආරම්භවී ගමන ආරම්භයේ සිට තත්පර 628.6 දී නැවත ක්‍රියා විරහිත කරනු ලැබේ.
මේ වන ව්ට චන්ද්‍රිකාව රැගත් රොකට්ටුව පෘතුවි සමක තලයට අංශක 28.2ක් ආනතව(inclination) ඉලිප්සාකාර ගමන් පථයක ගමන් කරනු ලබයි.
තත්පර 1276.15 දී නැවත 3 වන අදියර ක්‍රියාතමක කරනු ලබයි. ඒත් සමඟම රොකට්ටුව සමඟ චන්ද්‍රිකාවේ ප්‍රවේගය වෙනස්වීමක් සිදුවන අතර රොකටූවේ 3 වන අදියර සමඟ චන්ද්‍රිකාව Geostationary Transfer Orbit (GTO) එකට තල්ලු වීමක් සිදුවේ
මෙයද ඉලිප්සාකාර ගමන් පථයකි. එම පථයේ සිට පෘතුවියට දුරම තැන Apogee ලෙස හඳුන්වන අතර එතැනට ඇති දුර 50,281Km පමණ වේ. එම පථයේ සිට පෘතුවියට ආසන්නතම තැන Perigee ලෙස හඳුන්වන අතර එතැනට ඇති දුර දුර 200Km ක් පමණ වේ.
මේ වනවිට චන්ද්‍රිකාව සමඟ චන්ද්‍රිකාවේ 3 වන අදියරට පෘතුවි සමක තලය අංශක 26ක් පමණ වූ ආනත තලයක ගමන් ගනී. මෙම කාලය තුල චන්ද්‍රිකාවේ දිශානතිය (Oriantation) අවශ්‍ය පරිදි වෙනස් කිරීම සිදුවේ (චන්ද්‍රිකව Geostationary Transfer Orbit (GTO) එකෙන් Geostationary Orbit (GSO) එකට දැමිමට තල්ලු කලයුතු දිශාවට).
මෙම අවස්ථාවේදී චන්ද්‍රිකාවේ පථය සැලකූ විට චන්ද්‍රිකාව පොළවේ සිට කිලෝමීටර් 200 සිට 50,281 දක්වා වෙනස් වෙමින් ගමන් කරන්නේ ඉලිප්සාකාර ගමන් පථයක ගමන් කරන නිසාය.
පසුව තත්පර 1570.5 දී චන්ද්‍රිකාව රොකට්ටුවෙන් වෙන්වී Geostationary Transfer Orbit (GTO) එකේ ගමන් කරනු ලබයි. මෙහි දළ සැලැස්මක් සහිත වීඩියෝවක් පහත දැක්වේ.
රොකට්ටුවේ ඉහත සිදුවන සියළු අවස්ථාවන් සිදුකරන්නේ රොකට්ටුවේ ඇති ප්‍රධාන පරිඝනකය මඟින් වන අතර මේ සියළුම සිදුවීම් හා රොකට්ටුවේ සියළු දත්තයන් (උදා: රොකට්ටුවේ ප්‍රවේගය හා උන්නතාංශය) පෘතුවියේ චන්ද්‍රිකා පාලන මධ්‍යස්ථානයට රොකට්ටුවේ ඇති Telemetry Tracking & Command (TT&C) පද්ධතිය හරහා යැවීම සිදුවේ.
චන්ද්‍රිකා පාලන මධ්‍යස්ථානය
චන්ද්‍රිකාව රොකට්ටුවෙන් වෙන්වූ පසු චන්ද්‍රිකාව පාලනය කිරීම පෘතුවි චන්ද්‍රිකා පාලක මධ්‍යස්ථානය මඟින් සිදුවේ. මේ සඳහා එක් චන්ද්‍රිකා පාලන මධ්‍යස්ථානයක් නොසෑහෙන අතර ඒ සඳහා ලෝකය පුරා විහිදි ගිය චන්ද්‍රිකා පාලන මධ්‍යස්ථාන ජාලයක් ඇත.
පහත රූපයේ එම පාලන මධ්‍යස්ථාන සඳහන්වේ.
චන්ද්‍රිකාව පාලනයට අවශ්‍යය විධානයන් දීම මෙන්ම චන්ද්‍රිකාවේ උප පද්ධති වල සිදුවන වෙනස්කම් හා එයට අදාල දත්තයන් මෙන්ම චන්ද්‍රිකාවේ ගමන් පථයේ සිදුවන වෙනස්කම් වලට අදාල වන දත්තයන් වැනි විවිධ දත්තයන් විශාල ප්‍රමාණයක් පෘතුවි චන්ද්‍රිකා පාලන මධ්‍යස්ථනය වෙත ලබාදීම මෙම TT&C පද්ධතිය හරහා සිදුවේ.
චන්ද්‍රිකාව පාලනය කිරීම සිදුකරනු ලබන්නේ චන්ද්‍රිකාව සතු TT&C පද්ධතිය හරහාය.
සුප්‍රීම්සැට් චන්ද්‍රිකාව නියමිත කක්ෂයට යවන ආකාරය හා කක්ෂගත කිරීමෙන් පසු විස්තර සහිත මෙම ලිපියේ දෙවන කොටස හෙට බලාපොරොත්තු වන්න.
චන්දන රත්නායක
[PG Diploma in Satellite Communication (CSSTEAP – SAC(ISRO), India), PG Diploma In Industrial Automation (Moratuwa), BSc Physics Specialized in Electronics (Kelaniya)]
-සම්බන්ධිත පුවත්-
1. SupremeSAT-1 චන්ද්‍රිකාව තවමත් නියමිත කක්ෂයට ලඟාවී නැත
2. සුප්‍රීම්සැට් චන්ද්‍රිකාව අභ්‍යාවකාශ ගතවන ජායාරූප හා වීඩියෝ එකතුව
3. සුප්‍රීම්සැට් චන්ද්‍රිකාවේ අතීතය හා රෝහිතගේ උපාධිය
4. චන්ද්‍රිකාව කක්ෂගත කිරීම දින 5කින් කල් යයි
5. ChinaSat-12 චන්ද්‍රිකාව කක්ෂගත කිරීම වෙනුවෙන් ගීතයක්
6. ලංකාවේ චන්ද්‍රිකාව ගුවන්ගත කිරීමට සැරසෙන අයුරු
7. චන්ද්‍රිකා වැඩසටහනේ නිර්මාතෘ රෝහිත රාජපක්ෂයි
8. ලංකාවට අයත් ප්‍රථම චන්ද්‍රිකාව නොවැම්බර් 22 වෙනිදා කක්ෂගත කෙරේ
9. අභ්‍යාවකාශ මධ්‍යස්ථානයට මුල්ගල තැබේ
10. ලංකාවට අයත් චන්ද්‍රිකාවක් 2015 දී කක්ෂගත වෙයි
11. ශ්‍රී ලංකික ගගනගාමියෙකු උඩු ගුවනට
12. ලංකාවේ ප්‍රථම හා ලෝකයේ ළාබාලම අභ්‍යවකාශගාමියා ජනපති බාල පුතයි
13. ජනපති බාල පුතා අභ්‍යාවකාශ උපාධිය ලබයි- පුටින්ගෙන් ආශිර්වාදය

Spacebus 4000 Family
Spacebus 4000 Schematic
SupremeSat-1 Satellite on SB 4000C2 platform

LM 3B/E Structure
Launch Azimuth of LM 3B/E
Long March 3B/E Launch Vehicle with Service Tower

LM 3B/E Flight Profile (මෙය විශාල කර බැලීමට මෙතනින්)