දිවාගුහාව හමුවෙයි
Monday, December 10, 2012ශ්‍රී පාදස්ථානයට මීටර 100ක් පමණ නුදුරින් බුදුන් වහන්සේ දිවා විහරණය ලද දිවා ගුහාව හමුවූ බව ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න හිමියෝ පවසනවා.
මෙම ලෙන තුල ඇති සෙල් ලිපි වල අක්ෂර පොළොන්නරුව යුගයේ නිශ්ශංක මල්ල රජු සමයට අයත් වන අතර ශ්‍රී පාදස්ථානය වැඳ පුදා ගැනීම සඳහා නිශ්ශංක මල්ල රජු පැමිණි බවද එම සෙල් ලිපියේ සඳහන් වෙනවා.
නිශ්ශංක මල්ල රජුගේ බවට අනුමාන කළ හැකි ශෛලමය රූපයක්ද එහි තිබී හමුවී තිබෙනවා.
අදාළ ස්ථානය පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ පරීක්ෂාවටද ලක් කෙරෙමින් පවතින අතර මෙවර සිරිපා වන්දනාවේ පැමිණෙන බැතිමතුන්ට ඓතිහාසික දිවා ගුහාව දැක බලා ගැනීමේ අවකාශ සලසන බවයි ශ්‍රී පාදස්ථානාධිපති හිමියෝ පවසන්න්නේ.
දිවාගුහාව හෙවත් භගවා ලෙන ශ්‍රීපාදය අවට පිහිටා තිබෙන බව වාර්තා පලවී තිබූ මං ඔස්සේ හමුදා සෙබළුන් විසින් කල නිරීක්ෂණයකින් අනතුරුව මහ ගිරි දඹ ආසන්නයේ වනගත ස්ථානයකින් සොයාගත මෙය දිවාගුහාව ම බව පුරාවිද්‍යා නිළදාරීන් විසින් තහවුරු කර තිබෙනවා.
මේ පිලිබඳව සබරගමුව මහා සමන් දේවාලයේ බස්නායක නිලමේවරයා පවසන්නේ මෙවැන්නක්.
"හැටේ දශකයේ මම හිතනවා මෙහි සෙල් ලිපිය කියවීමට ලක් කරලා එහි සිංහල තේරුම පැහැදිලිව සඳහන් කරලා තිබුණා.
කෙසේ හෝ කාලයාගේ ඇවෑමෙන් මෙම දිවාගුහාව වැහිලා ගිහින් තිබුනා මෙම දිවා ගුහාව පුරාවිද්යාඥයන්ටත් ඉතිහාසඥයින්ටත්.
ආරක්ෂක වැටක් ඉදිකර සියළු බැතිමතුන්ට ආරක්ෂා සහිතව වන්දනාමාන කිරීමට අවශ්‍ය පහසුකම් සලසා දෙනවා"
සමන් දෙවියන්ගේ ආරාධනයෙන් බුදුන් වහන්සේ ශී‍්‍ර පාද පද්මය පිහිටුවීමට සමන්ත කූට පර්වතයට වැඩම කල අවස්ථාවේ ඒ අසලට පිහිටි ලෙනක දිවා විහරණය කර තිබෙන අතර දිවා ගුහාව ලෙස හඳුවන්නේ එම ලෙනයි.
දිවාගුහාව පිළිබඳ කතාව මෙසේය,
බුදුන් වහන්සේ සමනොල ගිරට වැඩි අවස්ථාවේ සුමන සමන් දෙවියන් විසින් බණක් කියන්නට බුදුන්වහන්සේට ආරාධනා කර තිබෙනවා. නමුත් එම අවස්ථාවේදීම තමන්ට දිව්‍යලෝකයේ දේව සභාවට සහභාගීවීමට තිබූ බව සමන් දෙවියන්ට අමතක විය.
ඒ නිසා එකම තැනකදී දෙතැනක පෙනී සිටින්නේ කෙසේද යන ප්රශ්නය ඇතිවූ නිසාත්, බුදුන් වහන්සේට වූ පොරොන්දුව කැඩීමට නොහැකි නිසාත් සමන් දෙවියන් එයට කදිම උපක්‍රමයක් යෙදූ බවයි පොතපතේ සඳහන් වෙන්නේ.
ඒ අනුව බුදුන් වහන්සේගෙන් බණ ඇසීමට තමන්ගේ රූපයට සමාන රූපකායක් මවා දිවාගුහාවට යවා ඇති අතර එය දැනගත් බුදුන් වහන්සේද තමන්ගේ රූපකායට සමාන ශරීරයක් මවා බණ කියන්නට තබා දඹදිවට වැඩි බවද සඳහන්ය.
දිවාගුහාවේ වීඩියෝවක් පහතින්.