අද්භූත එළි දර්ශනය වීම් ගණන 10කට වැඩියි
Monday, December 10, 2012පසුගිය කාලයේ ලංකාව පුරා වාර්තාවූ අභිරහස් ආලෝකයන් පිළිබඳ වාර්තා එකතුව ගොසිප්9 ඔබ වෙත ගෙන ආවා. ලංකාවෙන් වාර්තා වන මෙවැනි අද්භූත සිදුවීම් පිළිබඳව තොරතුරු එකතුවක් සොයාගැනීම අසීරු වන අතර ගොසිප්9 විසින් මේ වනවිට වාර්තා කර ඇති සිදුවීම් වල සංශිප්තයක් පහළින්
1. නොවැම්බර් 27- හලාවත, ඉරණවිල (පාන්දර 3.00)
2. නොවැම්බර් 27- පොළොන්නරුව, කඩවතමඩුව (රාත්‍රී 8.15)
3. නොවැම්බර් 30- බද්දේගම උනන්විටිය (රාත්‍රී)
4. නොවැම්බර් 30- බණ්ඩාරවෙල, දියතලාව (පෙරවරු 7.30)
5. දෙසැම්බර් 01- උණවටුන එරබදුගහ හන්දිය (රාත්‍රි 7.30)
6. දෙසැම්බර් 05- අම්බලන්තොට බෝලාන (දින 3ක් රාත්‍රි 7.30)
7. දෙසැම්බර් 05- වැල්ලවාය යාලබෝව (රාත්‍රී 7.30)
8. දෙසැම්බර් 06- වැලිමඩ නැඳුන්ගමුව (උදේ 10.30 )
9. දෙසැම්බර් 07- අනුරාධපුර නොච්චියාගම (සාවස 6.25)
10 දෙසැම්බර් 09- මන්නාරම (රාත්‍රී)
එම වාර්තා අතර තණමල්විල හා අම්බලන්තොට අහසේ දිස්වූ ආලෝකයන් වූ අතර එම ප්‍රදේශ වල අහසේ නැවතත් එම එළි පසුගියදා 07 වනදා දක්නට ලැබුණු බව ප්‍රදේශවාසීන් පවසනවා.
මන්නාරම් අහසේ දිස්වූ අදභූත ආලෝකය
ඊයේ (09) අළුයම මන්නාරම් අහසේ විශාල ආලෝක එළියක් දිස්වූ බව මන්නාරමේ වැසියෝ ප්‍රකාශ කරනවා.
අලුයම් කාලයේදී විශාල ආලෝක වස්තුවක් ඉහළ අහසේ සිට කෙමෙන් කෙමෙන් පොළොවට පාත්වී තිබෙන් අතර මෙම විශාල ආලෝක එළිය මන්නාරමේ යුද හමුදා නිලධාරීන් පිරිසක් ද දැක තිබෙනවා.
එක් හමුදා නිලධාරියකු ප්‍රකාශ කළේ තමන් මීට පෙර කිසිම දිනක එවැනි එළියක් දැක නොමැති බවත් ඉතාම දීප්තිමත් ආලෝකයකින් යුතුව එය දිස්වූ බවත් හරියටම ගුවන් යානයක් ගිනිගෙන දැවෙන විලාශයෙන් එය දැකගන්නට හැකිවූ බවත් ඔහු පවසා තිබෙනවා. එම පුවත්පත් වාර්තාව මෙතනින්.
අනුරාධපුර නොච්චියාගමදී දුටු අද්භූත ආලෝකය
අහසේ සිට පාවීගෙන ආ දීප්තිමත් අත්භූත වස්තුවක් තමන් පදිංචිව සිටි නිවසේ පිටුපස පිහිටි විශාල ඇහැටු ගසක් මතට 07 වනදා සවස් යාමයේ ගොඩබෑ බවද වාර්තා වෙනවා.
පසුගිය 07 වනදා 6.25ට පමණ නොච්චියාගම නගරයේ පදිංචි පාසල් දැරියක් වන උත්පලා තත්සරණී චන්ද්‍රසේන සිසුවිය නිවසේ පිටුපස ඇඟ සෝදමින් සිටියදී එක්වරම අහසේ සිට එළියක් විහිදුවා ගත් යානාවකට සමාන අද්භූත වස්තුවක් පැමිණ ඇහැටු ගස මතට ගොඩබා ඇත.
ඇය එය දැක බියට පත්වී ඇති අතර රාජකාරී අවසන් වී නිවසට පැමිණ සිටි නොච්චියාගම පොලිසියේ සැරයන්වරයකු වන තම පියා වනට නිවස පිටුපසට එන ලෙස ඇය කෑගසා ඇත. ඒ අනුව වහාම එම ස්ථානයට දිව ගිය සැරයන් චන්ද්‍රසේන මහතාද යම් අද්භූත වස්තුවක් ඇහැටු ගස මත තිබෙන අයුරු දැක ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ නොච්චියාගම පොලිසියේ අපරාධ අංශයේ සැරයන් 29791 චන්ද්‍රසේන මහතා පැවසුවේ
"මම වැඩ ඇරිලා ඉවර වෙලා නිවසට ගිහිල්ලා කෑම කන්න ලෑස්ති වුණා විතරයි. පිටුපස්සේ ඇඟ සෝදමින් සිටි මගේ ලොකු දුව අප්පච්චි අප්පච්චි එන්න කියලා කෑ ගැසුවා. මං යනකොටත් දුව හොඳටම බයවෙලා හිටියේ. දුව කිව්වා අප්පච්චි අර ඇහැටු ගහේ යානාවක් තියනවා කියලා. මම බලද්දී දැක්කා අඩි 60ක් පමණ උස ඇහැටු ගහේ යම් අද්භූත වස්තුවක් තියනවා.
මම මගේ අසල්වැසි අයටත් පන්දමක් අරන් එන්න කියල කෑ ගැහුවා. නමුත් පන්දම ගේන්න බැරි වුණා. විනාඩි කිහිපයකින් පසුව අද්භූත වස්තුව කැරකි කැරකි මන්නාරම පැත්තට ගියා.
ඒකෙන් නිල්පාට සහ කහ පාට එළියක් විහිදුනා. ටික වේලාවක් එය ගිය පාරත් උඩු ගුවනේ රැදිලා තිබ්බා. මම කොහොම හරි දුවට කියලා ජංගම දුරකථනය ගෙනල්ලා විනාඩි 1 1/2 ක් විතර වස්තුව පටිගත කර ගත්තා. එක පාරටම විනාඩි කිහිපයකින් ඒක පේන්නේ නැතුව ගියා. හරියටම හැඩයක් කියන්න බෑ. ඒකට ත්‍රිකෝණාකාර පෙනුමක් තිබ්බේ. විශාලත් නෑ"
එහි ජායාරූපයක් සහිත පිළිබඳ පුවත්පත් වාර්තාව මෙතනින් හා මෙතනින්.
වැලිමඩ ප්‍රදේශයේ දුටු අද්භූත එළිය
මේ අතර පසුගිය 06 වෙනිදා වැලිමඩ නැඳුන්ගමුව විද්‍යාලයේ සිසුවියන් 6දෙනෙකු විසින් අද්භූත වස්තුවක් දැකීමෙන් බියට පත්වී රෝහල් ගතකර තිබෙනවා.
පහ වසර ඉගනුම ලබන එම සිසුවියන් හය දෙනා උදේ 10.30ට පමන පාසැල් ක්රීආපිටියේ සෙල්ලම් කරමින් සිටියදී එම වස්තුව දැක එතනම් ක්ලාන්තවී ඇද වැටී තිබෙනවා.
ඒ පිළිබඳ පුවත්පත් වාර්තාව මෙතනින්.
මොණරාගල ප්‍රදේශයේ දුටු බව කියන අද්භූත ජීවීන්
මේ අතර මොණරාගල ප්‍රදේශයේදී අද්භූත ජීවීන් දුටු බව කියන පුවතක්ද වාර්තා වෙනවා. නමුත් එය අසාර්ථක වාර්තාවක් වන්නේ මෙලෙස දුටු බව කියන දිනයක් එහි අඩංගුව නොතිබීම නිසාය
එම සිදුවීමට මුහ්Uණ පෑ මොනරාගල ප්‍රදේශයේ විසූ 13 හැවිරිදි උදිත තරංග හා 17 හැවිරිදි උදේශිකා හා ඔවුන්ගේ වයෝවෘද්ධ මිත්තණියයි. උදිතත්, උදේශිකාත් මිත්තණියත් සමඟ උදෑසන 6.00 පමණ කිරිඳිඔයට ගොස් තිබුණේ දියනා ගැනීම සඳහාය.
හදිසියේම කිරිදිඔය අසල තිබූ ලඳු කැලෑව සෙලවෙන හඬක් ඇසී ඔවුන් ඒ දෙස බලන විට දුටුවේ අඩි 2.5ක් පමණ උස කළු පැහැ අමුතු ස්තතු විශේෂයක් කැලය තුළට දිවයන ආකාරයයි.
"අපි දැක්කා ඒ අමුතු මිනිස්සු කැලේ ඇතුලට දුවනවා. එයාලා කුරුමිට්ටො වගේ අඩි 2ක් විතර උස ඇති. එයාලගෙ හිස් ගොඩක් විශාලයි ශරීරයට වඩා. කුඩා කටක් තිබුණා. කොල පාට දීප්තිමත් ඇස් තිබුණා. ඒ වගේ සත්තු ජාතියක් අපි කවදාවත් දැකල නැහැ. එයාලා අපිව දැක්කට පස්සෙ තමා කැලේ ඇතුළට දිව්වෙ. එයාලා අතුරුදන් වුණා."
මොනරාගල ප්‍රදේශයේම විසූ 20 හැවිරිදි චාමර නමැත්තාද මෙම අරුම පුදුම ජීවීන් සියැසින්ම දුටු අතර ඔවුන්ගේ පා සලකුණුද සියැසින්ම දැක බලා ගත් බවත් පවසයි.
"මං පදිංචිවෙලා ඉන්නෙ තණමල්විල. උදේ 6.00ට විතර මං කිරිදිඔයට ගියා. කැලේ පැත්තට කළු පාට ගුලි වගේ දුවනව දැක්කා. උන්ට ලොකු ඔළු තිබුණා. ලොකු නිල් පාට ඇස් තිබුණා.
උන් දුවපු අඩිපාරවල් ගාවට මං ගිහින් බැලුවා. මඩේ උන්ගෙ අඩි සලකුණු හිටලා තිබුණා. මං ඒවා ෆොටෝ ගත්තා. ඒවගේ සටහන් වෙලා තිබුණෙ තාරාවන්ගෙ කකුල්, ඇඟිලි තුනයි තිබුණෙ. ඒවා දැක්කම මට බය හිතුණා."
මොණරාගලට පැමිණි මේ අද්භූත සත්වයන් දුටු තවත් ගම්වාසීන් පැවසුවේ මෙම අඟුටු මිටි සත්ව විශේෂයට හිසකෙස් හා කැපී පෙනෙන නාසයක් හෝ සිරුරේ කිසිඳු වස්ත්‍රයක් නොතිබූ බවය. ඒ පිළිබඳ පුවත්පත් වාර්තාව මෙතනින්.
තණමල්විල අහසේ දෙවන වරට දිස්වූ ආලෝකය
පළමුව මෙම ආලෝකය අහසේ දිස්වී තිබෙන්නේ බඹරයක හැඩයටයි. පසුව එයින් නිකුත්වූ ආලෝකය වැඩිවී ගෝලාකාට හැඩයක් ගනු ලැබුවා.
ප්‍රදේශවාසීන් පවසන්නේ රාත්‍රී 7 ට පමණ දිස්වීම ආරම්භ වූ එය රාත්‍රී 11 පමණ වනතුරු තිබූ බවයි. මේ පිළිබඳව ප්රදේශවාසියෙක් පැවසුවේ මෙලෙසින්.
"ලස්සන එළිය. අනිත් තරු වලට වඩ වෙනස්. ලෝකු ආලෝකයත් එක්ක දිගට තියන නිසා අපි ඒක දිහා බලාගන හිටියා. අහසේ අඩියක් විතර දිගට පෙනුණා."
හැඩය වෙනස්වෙමින් පැවති එම ආලෝකයේ වීඩියෝ පහතින්
අම්බලන්තොට අහසේ නැවතත් දිස්වූ ආලෝකය
අම්බලන්තොට අහසේ පසුගියදා දක්නට ලැබුණු අද්භූත ආලෝකය නැවතත් දිස්වී තිබෙනවා. දින තුනක සිට දීප්තිමත් එළියක් දක්නට ලැබෙන බවයි එම ප්‍රදේශයේ ජනතාව පවසන්නේ.
පසුගිය 07 වනදා නැවත දිස්වූ එම වීඩියෝව පහතින්.
මේ පිළිබඳව එංගලන්තයේ බකිංහැම් විශ්වවිද්‍යාලයේ තාරකා ජීව විද්‍යා ඒකකයේ අධ්යක්ෂ මහාචාර්ය චන්ද්‍රා වික්‍රමසිංහ මහතා පවසන්නේ මෙවැන්නක්
"මම සඳහන් කරන්නේ මේවා හඳුනා නොගත් ග්‍රහ වස්තූන් කියන්න තරම් සාධක නෑ. දැනට ලෝකය පුරා හඳුනා නොහත් ආකාශ වස්තූන් පිළිබඳව වාර්තා දහස් ගණනක් තියනවා. ඒවා පිළිබඳව පර්යේෂණ කරලා බලපුවහම 99.9%ක්ම ධූමකේතු හා උල්කාෂ්ම. කිහිපයක් තියනවා හරියටම විස්තර කර නැති.
තාරකා ජීව විද්‍යාව පිලිබඳ මගේ අත්දැකීම් දශක තුනක් පසුපසට දිවයනවා. මට නම් හිතෙන්නේ විශ්වය පැවතිය හැකි ජීවයක් කණ්ඩායම් මුන ගැසීමේ අරමුනකින් එකිනෙකා සොයා යනවා කියලා. විශ්වයේ ජීවය තියන එකා තැන පෘතුවිය විතරක් වෙන්න බෑ."
අභිරහස් යානා විධිමත් පරීක්ෂා කිරීමර ආරක්ෂක අමාත්‍යාංශය තීරණය කරයි
මෙලෙස දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන අභිරහස් යානා පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණයක් පැවැත්වීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.
පසුගිය මැයි 5 දින පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කඩවතමඩුව ප්‍රදේශයේදී දර්ශනය වූ අභිරහස් යානයේ වීඩියෝගත කරන ලද දර්ශන පොළොන්නරුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සරත් කුමාර ජෝසප් මහතා විසින් ලබාගෙන පොලිස්පතිවරයා වෙත භාරදීමට නියමිතය.
-------------------------------------------------------------------------------
මෙවන් තොරතුරු වල වාර්තා පසු කාලයක සොයාගැනීම අපහසු නිසා පුවත්පත් වාර්තා, ජායාරූප හා වීඩියෝ එකතුවක් අඩංගු ෆේස්බුක් පිටුවක් ආරම්භ කර තිබෙනවා.
දෙසැම්බර් 07 වනදා මිද්දෙනිය නගරයේ දුටු අත්භුත යානය ලෙස එම ෆේස්බුක් පිටුවට වාර්තා වූ එක සිදුවීමක් මෙතනින්.
UFO Sightings in Sri Lanka නම්වූ එම ෆේස්බුක් පිටුවට ලංකාවේ දක්නට ලැබුණු මෙවන් දෑ පිළිබඳව ඔබට වාර්තා කිරීමට පුළුවන.
www.facebook.com/UFOSriLanka
-------------------------------------------------------------------------------
-සම්බන්ධිත පුවත්-
1. අද්භූත ආලෝක පිළිබඳ විද්වතුන්ගේ මතය
2. ඊයේ රාත්‍රී වැල්ලවාය ප්‍රදේශයේ දක්නට ලැබුණු අද්භූත ආලෝකය
3. රටපුරා දිස්වෙන මේ අද්භූත එළි මොනවාද?
4. දියතලාව අහසේත් අද්භූත ආලෝකයක්
5. හලාවතට ආ අද්භූත යානය
6. තන්තිරිමලේ බිල්ලෑව සිතුවම් හෙළිකරන අපේ ආදිවාසීන්ගේ විශ්ව සබඳතා
7. අද්භූත වස්තුව බොරුයි කීමට ගොස් එය සනාථකළ රූපවාහිනී කණ්ඩායම
8. පසුගිය දිනවල ලෝ පුරා වාර්තා වූ හඳුනා නොගත් පියාසර වස්තූන්
9. වෙසක් පෝදා දිඹුලාගලින් UFO යානාවක් මතුවෙයි!
10. කඩුවෙල අහසේ අභිරහස් ආලෝකයක්
11. මහියංගනයයේ දක්නට ලැබූ අද්භූත වස්තුව
12. හඳුනා නොගත් පියාසර වස්තුවක් සුර්යයා අසලින්ම ගමන් කරයි
13. පිටසක්වල යානා බ්‍රිතාන්‍යය අහසේ !
14. ලන්ඩන් නුවර අහසේ පියාඹන පිරිසි
15. Area-51 වෙත ඇතුළුවූ BBC මාධ්‍ය කණ්ඩායම
16. ආරක්ෂිත කැමරාවේ සටහන්වූ උල්කාව
17. බ්‍රහස්පතිගේ ගැටුණු උල්කාව වීඩියෝගත කරයි