අමායා හොඳ කෙනෙක් - සමිතා
Tuesday, December 4, 2012ඒ අනුව පසුගිය කාලයේ අතුල විසින් අමායා සමග සිදුවූ රහසිගත විවාහය පිලිබඳ හෙලිකල අතර එතැන් පටන් එය මාධ්‍යයට රහසක් නොවිය.
පසුගියදා සති අන්ත පුවත්පතකට අදහස් දක්වමින් සමිතා ප්‍රකාශකොට තිබුනේ තමාට අතුල ඒ කාලේ අමායා ගැන කියා තිබු බවත් අමායා යනු හොඳ කෙනෙක් බවත්ය.
එහිදී වැඩිදුර අදහස් දක්වා ඇති සමිතා "මම කටකතා විශ්වාස කරන්නේ නැහැ. අතුල මට අමායා ගැන කිවා. ඒ කොයි කලේද කියල මට මතක නැහැ. සමහරවිට දෙන්න කිට්ටු වුනේ ඒ කලේ වෙන්න ඇති".
සමිත සහ අමායා අතර තරහක් තියෙනවද?
අපි දෙන්නට තරහ වෙන්න කිසිම හේතුවක් නැහැනේ. මම දන්නවා අමායා හොඳ කෙනෙක්.ඒ නිසා මට එයත් එක්ක ප්‍රශ්නයක් නැහැ .
ජිවිතේ වැරදි තීරණ අරගෙනම නෑ කියලද කියන්නේ?
මගේ ජිවිතේ වැරදුනු තැන තියෙනවා. ඒවා මම විතරක් දැනගත්තම ඇති.මගෙන් වුනු වැරදි මම හදාගෙන තියෙනවා. ඒවා වෙන කාටවත් ප්‍රශ්නයක් නැහැ.
අතුල ගැන පුංචි කහටක්වත් හිතේ නැද්ද?
මම කවදාවත් ප්‍රර්ථනා කරන්නේ නැහැ ඇතුලට වරදක් වෙන්න.මම දන්නවා එයාට වරදක් වෙන්නේ නැහැ කියල.මොකද එයා මටවත් මම එයාටවත් වරදක් කරලා නැහැ.අපි වෙන්වුනා කියල අපි තරහ නොවුනේ ඒ නිසයි.
මෙයට සම්බන්ධයක් නැතත් ගොසිප්9 වෙත ලැබුණු සමිතාගේ ජායාරුපයක් පහතින් පළවේ.